ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර අටවක පෝදා 2025 අගෝස්තු 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සේයාරුව නිශ්ශංක විජේරත්න
අගෝස්තු 01 සිකුරාදා පූ.භා. 05.00 පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා.07.25න් ගෙවේ. 01 සිකුරාදා සිල්
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
අමාවක
අගෝස්තු 22
භාග්‍යවතුන් වහන්සේ වනාහි මානව සමාජය තුළ පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍ය රත්නය වන සේක. දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, නරපවර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා තුළ පූජාතිපූජනීය වන සේක. දිනූ කෙලෙස් සංග්‍රාම ඇත්තා වූ ඒ ධර්මරාජයාණන් වහන්සේ ඒකාන්තයෙන් ම සියලු ලෝ වැසියන්ගේ වැඳුම් පිළිගැනීමට සුදුසු වන සේක. දෙව් බඹුන් විසිනිදු කළගුණ දනිමින්, කළගුණ දකිමින් උදාර ගෞරවයන් කරන්නට ද, මෛත්‍රී උපහාරය දක්වන්නට ද උන්වහන්සේ සුදුසු වන සේක. එක් දිනක්, දිනූ සංග්‍රාම ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹි පසේනදී කෝසල රජ තෙමේ උන්වහන්සේගේ සිරිපා කමල අබියස සිරසින් වැඳ වැටෙමින්, මුවින් සිඹිමින්, තම නම ද පවසමින් වන්දනා කරන්නේ ඒ සා ගෞරවාදරයක් දැක්වීමට නිමිති වූ කරුණු මෙසේ දැක්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක. යම් යම් කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිට වූ සේක. ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක් ද යම් යම් කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිට වූ සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපකාරයක් දක්වමි.භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක. දියුණු කළ සිල් ඇති සේක. ආර්ය සීලයෙන් යුතු සේක. කුසල සීලයෙන් යුතු සේක. ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක් ද, දියුණු කළ සිල් ඇති සේක් ද, ආර්ය සීලයෙන් යුතු සේක් ද, කුසල සීලයෙන් යුතු සේක් ද, කුසල් සීලයෙන් සමන්විත වන සේක් ද, ස්වාමීනි මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වනවාසී ව වැඩ සිටින සේක.
දඹදිව සමාජ පරිසරය තුළ ඉතා ඈත අතීතයේ පටන් ම හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් වසරකට සෘතු තුනක් පැවතිණ. වසන්ත සෘතුවක් ද මීට එක්කොට ඇතැම් තැනෙක සෘතු සතරක් ලෙස ද දැක්වෙයි. වස්සාන සෘතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන තුළ උපසපන් භික්ෂූන් වහන්සේ වස් සමාදන් ව වැඩ සිටිති. සෑම වසරක ම ඇසළ පොහෝදා සිට වප් පෙහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන් ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. සතර පෙහොය ප්‍රමුඛ ව සිරිලක බොහෝ ආගමික හා සංස්කෘතික උත්සව යෙදී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව යි. සූර්යයා මුල් කරගෙන ද බක් මහ උළෙල හෙවත් සූර්ය මංගල්‍යය පැවැත්වෙයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව එමඟින් සංකේතවත් කෙරෙයි. එහෙත් වස් විසීම හා කඨින චීවර පූජාවෙහි ආරම්භය හිරු සඳු කේන්ද්‍රගතවීම් මත සිදුවූවක් නො වී ය. ඒ සඳහා මුල් ව ඇත්තේ දඹදිව සමාජ පරිසරය තුළ වස්සාන සෘතුව තුළ හටගන්නා අධික වර්ෂාපතනය යි. ගිම්හානයෙහි අධික සූර්ය රශ්මියෙන් පීඩා ලැබ සිටි දඹදිව වාසීන්ට වර්ෂා සමයෙහි උදාවන සිසිල් පවන් රැලි මුසු වූ වර්ෂාපතනය යම් සිසිලසක් ලබා දුනි. එහෙත් එහි යම් යම් උච්චතම අවස්ථාවන්හි ගෙන දුන්නේ බලවත් පීඩාවන් ය. මෙම තත්ත්වය හමුවේ වැස්සට නොබිය ව ජීවත්විය හැකි ව තිබුණේ සමාජයේ යම් ධනයක් හා බලයක් උරුම ව සිටි අයෙකුට පමණෙකි. බුදුරදුන් හා ධනියගෝපාල අතර සිදු වූ සංවාදය එයට හොඳම උදාහරණය යි. බුදුරදුන් හමුවේ ධනියගෝපාල මෙවන් ධනවාදී ප්‍රකාශයක් ඉදිරිපත් කළේ ය. මම සිදු කළ බත්කිස ඇත්තෙමි. දෙවූ කිරි ඇත්තෙමි. මහී ගංතෙර සමීපයෙහි මාගේ පිරිවර සමග වාසය කරමි. ගෘහය මැනවින් සෙවිලි කර ඇත. ගිනි දල්වා ඇත. මේඝය ඉඳීන් රිසි සේ වැසි වසින්න. මෙයට බුදුරදුන් දුන් පිළිතුර මෙය යි. මම නොකිපෙන සිත් ඇත්තෙමි. පහව ගිය රාග සිත් ඇත්තෙමි. මහී ගං තෙර සමීපයෙහි රාත්‍රී තනි ව වාසය කරමි. ආත්මභාව නමැති කුටිය කෙලෙස් නොමැති හෙයින් විවෘත ය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛ පද්මයෙන් පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ අතරෙන් වඩාත් උතුªම් කොට ගෞරව බහුමානයට, පූජාවට හා අද්විතීය උත්තරීතරභාවයට පාත්‍ර වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූ හ. එක සමචත්තාලිස දන්තයෝ සුභ්‍ර වර්ණයෙන් යුක්ත වූවාහු ය. අවිවර දන්තාග්‍ර වූ හ. දඹදිව කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවණෙහි සිදු වූ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මල්ල රජහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය පළමුව අලුත් වතින් වෙළූහ. අලුත් වතින් වෙළා, පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. යළිදු පාදන ලද කපු පුළුනෙන් වෙළා නැවත අලුත් වතින් වෙළූහ. මෙසේ යුගල පන්සියයකින් බුදු සිරුර වෙළා, රන් මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණෙකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් චිතකයක් තනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කළහ. ගිනි දල්වා දැවෙන්නා වූ බුදු සිරුර ආදාහනය කිරීමේ දී සිවි හෝ සම හෝ මස හෝ නහර හෝ ආදි වශයෙන් යමෙක් වී ද ඒ සියල්ලෙහි අළු නොපෙනිණ. දැලි ද දක්නට නො ලැබිණ. සතර දළදා වහන්සේ ද, දෙ අකු ධාතුන් වහන්සේ ද, ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී ශේෂ වූවාහු ය. සෙසු ධාතුන් වහන්සේ සමීප මාත්‍ර වී, අබ ඇට පමණ වී, කඩ සහල් පමණ වී, හා මුං පියලි පමණ වී ශේෂ ව දෙනෙහි ගිනි සංසිඳුණේ ය. එකෙනෙහි අහසින් දිය දහර පහළ වී චිතකය නිවිණ. වටෙහි පැවති සල් රුක්හි අතු පතරින් ද ජලය මතුවී විසිරී චිතකය නිවිණ. කුසිනාරානුවර මල්ල රජදරුවෝ සුවඳ පැනින් රන් කළ, රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහ. අවට රැකවල් ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ.
මහරගම වාපිකාරාම විහාරස්ථ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
කිරිල්ලවල පුෂ්පාරාම විහාරස්ථ සිරි සිදුහත් දහම් පාසලේ ඇසළ සැදැහැ ගී සරණිය
උග්ගොඩ ධම්මින්ද හිමියෝ අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති
අධිසිල් ලබති
උපසම්පදා ලබති
ඉතිරිය»
තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවෙමු
සිල් පිරෙන්න වත් පුරන්න
නිකෙලෙස් සිත
ප්‍රියමනාප ජීවිතයක අගය
පුද්ගල චර්යාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම
චෝර ඝාතකයාගේ අරුම පුදුම මන්ත්‍රය
සොඳුරු උරුමයක අභිමානය කියන මාලිගාතැන්න
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]