ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර අටවක පෝදා 2025 අගෝස්තු 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය පස්ගම්මන යොන්ගම්මුල්ල අඹගස්පිටිය සහ කඳුමුල්ල යන ග්‍රාමයනට මැදි ව උස් වූ පර්වත භූමිය වර්තමානයේ හඳුන්වන්නේ මාලිගාතැන්න යන නාමයෙනි. අක්කර සිය ගණනක් පුරා විහිදෙන කඳු පන්තියක නිර්මාණය වී ඇති මාළිගාතැන්න විහාරයට පිවිසීමට පාදමේ සිට කැපූ ගලින් සැදී පිය ගැට පෙළ නැඟ යා යුතු වෙයි. පියගැටපෙළ මතින් පැමිණ, වාහල්කඩින් ඇතුල් වී උඩමළුව වෙතට ගමන් කළ හැකි වේ. එතැනින් ඉහළට ගමන් ගන්නා විට දෙගල්දොරුව නම් ස්ථානයට ගමන් කළ හැකි ය. මෙම ස්ථානය පිළිබඳ පැරැණි ලේඛන, ඉතිහාස ග්‍රන්ථ, ජනශ්‍රැතීන්, පුරා විද්‍යාත්මක සාධක දෙස බැලීමෙන් වඩාත් නිවැරැදි නිගමනයකට එළැඹිය හැකි වේ. මෙහි සිදු කළ නිර්ණය කිරීමෙන් ක්‍රි.පූ. 01 වැනි සියවස තෙක් සාධක සොයා ගෙන ඇති බව පැවසේ. සොළී ආක්‍රමණයන්ගෙන් සැඟවීම පිණිස වළගම්බා රජුගේ ආරක්ෂක බලකොටුවක් වූ බව ද සඳහන් ය. ඒ අතීතයේ දී උයම්බඩකන්ද, වටගලකන්ද, කෙහෙල්වේරුගල යන නාමයන්ගෙන් හඳුන්වා ඇති බව ද කියැවේ. වංශ කතාවට අනුව වසර හතක් පමණ මෙම ස්ථානයේ වැඩ වාසය කළ ‘මිත්තාසභ’ භික්ෂූන් වහන්සේ උඩ මළුවේ සුළං කපොල්ලේ දී රහත් ඵලය ලැබූ බව ද කියැවේ. එලෙස ම වළගම්බා රජු රාජ සභාව මෙන් ම සේනාව රැස් කළ සුවිසල් ලෙන ද මෙම ස්ථානයේ දී දැක ගැනීමට හැකි වේ. ක්‍රි.ව. 3 වැනි සියවසේ දී පමණ මුගලන් කුමරු සැඟවී සිටියේ මේ ආරක්ෂිත ස්ථානයේ බවත් ඉන්දියාවේ සිට සේනාව රැගෙන පැමිණියේ ද මේ බළකොටුවට බවත්, කියැවේ. මුගලන් කුමරු සෑදූ වෙද හලක නටබුන් මෙහි දක්නට ඇති බව ද කියැවේ. මෙහි ඇති ඇඹරුම් ගල එයට ප්‍රබල සාක්ෂි සපයන බව කියැවේ. එම යුගයේ නෙළන ලද හිටි පිළිමයක පද්මාසනය ද, මලසුන ද ඉතිහාසය කියැවීමට අවශ්‍ය සාධක බව කියැවේ. ඒ වගේ ම මෙම ස්ථානය කෝට්ටේ යුගයේ දී රහස් බලකොටුවක් වශයෙන් පැවති බව ද කියැවී ඇත.
අගෝස්තු 01 සිකුරාදා පූ.භා. 05.00 පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා.07.25න් ගෙවේ. 01 සිකුරාදා සිල්
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
අමාවක
අගෝස්තු 22
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]