නිකෙලෙස් සිත
රත්මලාන
ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ
හෑගොඩ විපස්සී හිමි
මෙම ලිපියෙහි මුල් කොටස ඇසළ අමාවක පොහෝ දා පත්‍රයේ පළවිය.
අභිධර්ම පිටකයට අයත් විභංගප්ප්‍රකරණයේ ඣාන විභංගයෙහි මේ අයුරින් දැක්වෙනවා.
“ඉධෙකච්චො චක්ඛු නා රූපං දිස්වා
නිමිත්තග්ගායී හොති
අනුඛ්‍යඤ්ජනග්ගාහි යත්වාධිකරණ මේතං
චක්ඛු නද්‍රියං අසංවුතං
විහරන්තං අභිජඣා පාපකා අකුසලා
ධම්මා අනවාස්සවෙය්‍යුං තස්ස
සංවරාය න පටිපජ්ජති
න රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං, චක්ඛු
නද්‍රියේ නසංවරං ආපජ්ජති”
කෙනෙක් ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂ අංග ලක්ෂණ ආදී වශයෙන් නිමිති ගනී. කෙලෙස් වඩන
අත් පා සිනහා භාවලීලා ආදී වශයෙන් අනුඛ්‍යඤ්ජන ගනී. මෙසේ ඇස සංවර කර නොගෙන වාසය කරන
පුද්ගලයා කරා රාග ද්වේෂ ආදී ළාමක අකුසල ලුහුබඳින්නේ නම් ඒ චක්ඛු ඉන්ද්‍රිය සංවර කර
ගැනීම පිණිස නොපිළිපදී. ඇස සංවරයට නොපැමිණෙයි යනු එහි තේරුමයි. මෙසේ සෙසු
ඉන්ද්‍රියන් ද පවතිනව. එම නිසා ඇස් කන් නාසාදී ඉන්ද්‍රියන්ගෙන් අරමුණු "ඉට්ඨා"
හොඳයි. "කන්තා" කාන්තයි "මනාපා" මනාප, "පියරූපා" පි‍්‍රයජනකයි. "කාමුපසංහිතා"
කාමුකයි යනුවෙන් තව දුරටත් අරමුණු ගන්නව.
‘සංකිලිට්ඨචිතෙතා කාලං කරිස්සති’ මෙයින් කිලිටි වූ සිතින් කලුරිය කරන්නේ ය යන අදහස
නොගත යුතුයි කියලා අටුවාවෙ සඳහන් වෙනව. මක් නිසාද යත් "සබ්බසත්තාහිපකති චිත්තේන
භවංගචිත්තේනේච කාලං කරොන්ති අයං පන අවිසොදෙත්වා චිත්ත සන්තානං කාලාං කරිස්සතීති."
යම් හෙයකින් සියලු සත්ත්වයෝ ප්‍රකෘති චිත්තය වූ භවාංග සිතින් ම කලුරිය කෙරෙත් ද
එහෙයින් චිත්ත සන්තානය පිරිසුදු නොකොට කලුරිය කරන්නේ ය. යනු එම පාලි වගන්තියේ
අදහසයි.
යම් පුද්ගලයෙක් දැඩි කෙලෙස් නැති ව තමා තුළ දැඩි කෙලෙස් නැතැයි තතු සේ දනී ද? ඔහු
සුබ වූ අරමුණක් මෙනෙහි නොකරයි. ඒ සුබ අරමුණ මෙනෙහි නොකිරීම නිසා රාගය ඔහුගේ සිත
යටපත් කොට පවතින්නේ නැහැ. රාග රහිත ව, ද්වේෂ රහිත ව, මෝහ රහිත ව, දැඩි කෙලෙස් තුනී
වී කිලුටු නොවූ සිතින් මිය යනව.
වෙළෙඳසලකින් හෝ රන්කරුවෙකුගෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු, බබළන දිස්න ගහන රන් තලියක්
තියෙනවා නම් පිරිසුදු කරනවා නම් පරිස්සම් කරනවා නම්, දූවිලි තියෙන තැන්වල දමන්නේ
නැත්නම් එය වඩාත් පිරිසුදු වෙනවා. දූවිලි බැඳෙන්නේ නැහැ. එසේ යම් පුද්ගලයෙක් තමා
තුළ කෙලෙස් නැතැයි කියල තතු සේ දන්නවා නම් ඔහු සුව අරමුණු මෙනෙහි නොකරන නිසා රාගාදී
ක්ලේශයන් තුනී කොට මිය යනව.
එම සූත්‍රයෙහි ‘නත්ථි මේ අඡඣත්තං අංගණ නති යථාභූතං නප්පජානාති” තමා තුළ දැඩි කෙලෙස්
ඇතැයි තතු සේ නොදනීයි. 'යථාභූතං ජානාති' තතු සේ දනියි. යනුවෙන් හැඳින්වෙන්නේ
සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් ලබන තත්ත්වයක් නොවෙයි. කෙලෙස්වල ස්වභාවය
නොදැනීම හා දැනීමේ තත්ත්වය එය අටුවාව විවරණය කරන්නේ මෙහෙමයි. “ඉමෙ කිලෙසා නාම
කක්ඛළා, වාළා, පජහිතබ්බා, න ගහෙතබ්බා, විසදිද්ධසල්ල සදීසාති එවං යථාවසර සතොපි න
ජානාති. මේ කෙලෙස් කර්කශයි. දරුණුයි. නපුරුයි. සිතින් පහ කළ යුතු යි. විෂ පෙවූ ඊතල
වැනිය යනුවෙන් අවබෝධ කර නොගැනීම "යථාභූතං නප්පජානාතියි". ඒ අනුව "යථාභූතං පජානාති"
යනු කෙලෙස්වල ස්වභාවය අවබෝධ කොට දුරු කිරීමයි. අනංගණ භාවයට පත් ඒ බව මනාව දන්නා වූ
පුද්ගලයා මාර්ගඵලලාභී පුද්ගලයකු නොවන බව අවධාරණය කළ යුතුයි.
අංගණ යන මෙය කුමට කියන නමක් ද? යනුවෙන් සැරියුත් හාමුදුරුවෝ වදාරනවා. කෙලෙස් වශයෙන්
සිතෙහි හැසිරෙන පාප අකුසලයන්ට කියන නමක්. සිත කෙලෙසීමට පත් කරවන හැඟීම් සිතිවිලි
අංගණ යන නමින් හැඳින්වෙනවා.
එවැනි අවස්ථා දහනවයක් නිදසුන් වශයෙන් මෙම සූත්‍රයෙහි දැක්වෙනවා. භික්ෂූන් වහන්සේ
අභයා මෙම සූත්‍රය දේශනා කොට ඇති නිසා එම අංගණ හෙවත් ආශාවන් නොහොත් කෙලෙස් සරල දිවි
පැවැත්මක් ගත කරන පෘතග්ජන භික්ෂුවකට ඇතිවන හැඟීම් වශයෙන් සඳහන් වෙනවා.
යම් භික්ෂුවක් ඒකාන්තයෙන් ඇවැතකට පැමිණි නමුත් ඒ බව අනිකුත් භික්ෂූන් වහන්සේ දැන
ගන්නේ නැත්නම් හොඳයි කියල සිතනව. එහෙත් අනෙක් භික්ෂූන් වහන්සේ එම භික්ෂුව ඇවැතකට
පත්වූයේ යැයි දැන ගන්නවද, එවිට ඇවැතකට පත් භික්ෂුව කෝපයට පත් වෙනව. "කුපිතො හොති"
නොසතුටට පත්වෙනව. "අප්පතීතො" මෙසේ කෝපයට පත්වීමත්, නො සතුටට පත්වීමක් දෙකම අංගණයි.
යම් භික්ෂුවක් ඒකාන්තයෙන් ම ඇවැතකට පැමිණි නමුත් භික්ෂූන් වහන්සේ තමාට ප්‍රසිද්ධියේ
චෝදනා නොකොට රහසිගත ව චෝදනා කර ගන්නේ නම් හොඳයි කියල හිතනව. එහෙත් එසේ නොවී
ප්‍රසිද්ධියේ චෝදනා කරනව. එවිට කෝපයට පත් වෙනව. නොසතුටට පත්වෙනව. මෙසේ කෝපයට
පත්වීමත්, නොසතුටට පත්වීමත් දෙකම අංගණයි.
ඇවැතකට පත් භික්ෂුවක් තමා හා සමාන භික්ෂුවක් චෝදනා කරන්නේ නම් මැනැවැයි යන ආශාව
සිතෙනව. එහෙත් එසේ සිදු නොවූ විට කෝපයට පත්වෙනව. නොසතුටට පත් වෙනව. මෙසේ කෝපයට
පත්වීමත්, නොසතුටට පත්වීමත් දෙකම අංගණයි.
බුදුරජාණන් වහන්සේ මගෙන් ම ප්‍රශ්න කර කර භික්ෂූන්ට ධර්ම දේශනා කරන්නේ නම් මැනැවැයි
යන ආශාව යම් භික්ෂුවකට උපදිනව. එහෙත් එසේ නොවී බුදුරජාණන් වහන්සේ වෙනත්
භික්ෂුවකගෙන් විචාරමින් ධර්ම දේශනා කරනව. “අහෝ වත මමෙච සත්ථා පටිපුචජිත්වා භික්ඛුනං
ධම්මං දෙසෙය්‍ය, න අඤ්ඤං භික්ඛුනං සත්තාථ පටිපුචජිත්වා පටිපුචජිත්වා භික්ඛුනං ධම්මං
දෙසෙය්‍යා ති” එවිට එම භික්ෂුව කෝපයට පත්වෙනව. නොසතුටට පත් වෙනව. මේ දෙකම අංගණයි.
යම් භික්ෂුවකට ‘අහෝ වත අහමෙව ලභෙය්‍යං භත්තගේග අග්ගාසනං අගෙගාදකං අග්ගපිණ්ඩං න
අඤෙඤා භික්ඛු ලභෙය්‍ය භත්තගෙග අග්ගාය නං අගේගාදකං අග්ගපිණ්ඩ’නති
දාන ශාලාවේ මුලසුන මුල් තැන් කොටස මුල් දාන කොටස මට ම ලැබෙනවා නම්, අනෙක් භික්ෂුවකට
නොලැබෙනවා නම් හොඳයි යන ආශාව ඇතිවෙනව. එය එසේ සිදුනොවන විට කෝපයට පත්වෙයි. නොසතුටට
පත්වෙනව. කෝපයට පත්වීමත් නොසතුටට පත්වීමත් යන දෙකම අංගණයි.
- හේමමාලා රන්දුනු |