මොරටුව මහනුගසෙවණ
සමාධි අරණ සුදම් මහ සෑ රදුන් වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

වෙසක් පුර අටවක

 මැයි 04 ඉරිදා පූ.භා 07.22
පුර අටවක ලබා 05 සඳුදා
පූ.භා 07.39න් ගෙවේ.
04 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

සිරි දළදා ඉතිහාසය

සිරිලකට දළදා වහන්සේ වැඩමවීම ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි. දළදා වහන්සේ වැඩම වූ තැන් පටන් මෙරට රාජරාජ මහාමාත්‍යාදීන්ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද එම උතුම් පූජනීය වස්තුව කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක්වූහ. ඒ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගරු සැලකිලි හා සම විය. කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතුන් වහන්සේ සත් නමක් සිඳී බිඳී විසිරී නොගොස් ශේෂ ව පැවතිණි. ලලාට ධාතුව, දෙ අකු ධාතු සහ සතර දළදාව එම ධාතුන් වහන්සේ සත්නමයි. මෙම සතර දළදා වහන්සේගෙන් එක්නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයෙහි ද, එක්නමක් නාග ලෝකයෙහි ද, තවත් එක් නමක් ගන්ධාර දේශයෙහි ද, අනෙක් දළදා වහන්සේ කාලිංග දේශයෙහි ද තැන්පත් කෙරිණි. දළදා වහන්සේ පිළිබඳ ලියැවුණු පැරැණි ම ග්‍රන්ථය වන පාලි දාඨාවංශයෙහි සඳහන් වන පරිදි ඛේම නම් රහතන් වහන්සේ බුදුරදුන්ගේ වම් දළදාව ආදාහන මළුවෙන් ගෙන කාලිංග දේශයෙහි දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාර කළහ. රජු එම දළදා වහන්සේ ඉතා අනර්ඝ මන්දිරයක තැන්පත් කළේ ය. නොකඩවා ම පුද පූජාවන් ද පැවැත්වීය. එම රජුගේ ඇවෑමෙන් ඔහු පුත් කසී රජු ද, එයින් පසු සුනන්ද රජු ද එලෙසින් ම දළදා පූජාව පැවැත්වූහ. කාලයාගේ ඇවෑමෙන් දළදා වහන්සේ පිළිබඳ වගකීම පැවරුණේ ගුහසීව රජුට ය. එතුමා ස්වකීය රාජ පරම්පරාව අනුව යමින් දළදා වහන්සේ අසීමිත ගෞරවයකින් රැක ගත්තේ ය.

ආර්ය මාර්ග ප්‍රතිපදාව හා සප්ත විශුද්ධිය

සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති - අථ නබ්බින්දතී දුක්ඛෙ - එස මග්ගෝ විසුද්ධියා, සසර සැරිසරන සත්ත්වයකුගේ මුල සොයා ගැනීමට නොහැකි වන අතර, ඒ පිළිබඳ සිතීම පවා නිරර්ථක වන බව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක. මේ නිසා අපමණ දුක් වේදනා ගෙන දෙන සසරින් මිදෙන්නට හැකි බවත්, ඒ සඳහා සත්ත්වයා සසර බැඳ තබන අවිද්‍යා, තණ්හා ප්‍රධාන හේතුන් මූලෝච්ඡින්න කළ යුතු බවත් මහා කරුණාවෙන් පහදා දුන් සේක. පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤයති - අවිජ්ජාය ඉතො පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවිති “මහණෙනි සත්ත්වයාගේ පැවැත්මට හේතු වූ අවිද්‍යාව මින් පෙර නොවී ය. එහෙත් පසුව ඇතිවී යැයි තීරණය කිරීමට නොහැකි ය. එහෙත් අවිද්‍යාව පවතී. එසේ නම් එහි ඵලය වශයෙන් සත්ත්වයා ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහත් දුක් වේදනා විඳිමින් සසර ගමන් කරති. ලෝකයේ පවත්නා පරම සත්‍ය දෙකකි. යම්කිසි න්‍යාය ධර්මයකට අනුව ක්‍රියාත්මක වන විශ්ව බල ශක්තිය හා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යන සත්‍ය දෙක ම කිසිම බලවේගයකින් වෙනස් කරන්නට නොහැකි ය. විශ්වයේ න්‍යායානුකූල පැවැත්මත්, සත්ත්වයාගේ කර්මානුකූල පැවැත්මත් දෙකම හේතුඵල න්‍යාය ධර්මයකට අනුව පවත්නා වග පෙන්වන බෞද්ධ දර්ශනය ප්‍රඥා ලෝකයට විවෘත වන අතර, සෙසු ආගමික සංකල්පවලින් චින්තනය සංවෘත වේ.

 

ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි කට්ටලය

දියවඩන නිලමේතුමා: එදා රජමාළිගයත්, ශ්‍රී දළදා මාලිගාවත් දෙකක් ලෙස නොව එකක් ලෙස ම සැලකිණ. එකම ගොඩනැඟිලි සංකීර්ණයක් සේ පිහිටියේ ය. එලෙස ම රාජකාරි නිලයන් හඳුන්වා දීම ද එක හා සමාන වූ බව පෙනේ. පල්ලේමාලේ රාළ : පල්ලේමාලේ තේවා කටයුතුවලට, එහි තේවාභාර ස්වාමීන් වහන්සේට සහාය වන මොහු යතුරු පයිණ්ඩ කරන විට සඳගල අසල දී පල්ලේමාලයේ යතුරු භාරගෙන එතැන්සිට පල්ලේමාලය දක්වා යතුරු පයිණ්ඩ කරයි. පල්ලේමාලයේ බුද්ධ පූජා පැවැත්වීම සඳහා හේමකද පයිංඩ කිරීම, දානපාත්‍ර සූදානම් කොට තේවාභාර ස්වාමීන් වහන්සේට භාරදීම පල්ලේමාලේ විහාර ගෙය සහ කත්තියන බරාඳය පිරිසුදු ව තබා ගැනීම යන කටයුතු මොහුට භාර ය. දොරකඩ ආරච්චි : වැඩසිටින මාලිගාවේ දොරවල් මුරකිරීම භාරව සිටින මොහු පාතමාලයේ රිදී දොර ළඟ සිට අරමුදලේ ඇති වටිනා භාණ්ඩ ආරක්ෂා කරන අතර උඩමාලයට වන්දනාව පිණිස යන අය ගැන විමසිල්ලෙන් සොයා බලා යැවීම ද ඉටුකරයි. දොරවල් මුරකිරීමට අමතරව දොරවල් වසා තිබෙන අවස්ථාවල දී අවට මිදුල හා මණ්ඩපය ද, දවසට දෙවරක් පිරිසුදු කිරීම ද මොහුට භාර ය.

 

සියලු බුදු ගුණ සිහිකොට භගවා යන නම කියති මුනිඳුට

අසිරිමත් දේ ලොව කොතෙකුත් තිබිය හැකි ය. නමුත් එක ම එක පුද්ගලයකු තුළ මේ තරම් අපමණ ගුණ කඳක් එක්වීම පිළිබඳ සලකන විට අන් සියල්ලේ ඇති අසිරිය කුමක්දැයි සිතේ. ගිමනින් තැවුනු පුරුෂයකු රමණීය බිම්කඩෙක තුරු සෙවණේ සුදු වැලිතලා ඇති, සිහිල් වූ නිල් දිය පිරි සොඳුරු දිය විලක් දකී. එයට බැසීමට එක සේ යහපත් තොටුපළ නවයකි. දාහය දුරලා සිහිලැති දියෙන් කය සනසනු රිසියෙන් තමන් කැමති තොටකින් ඒ විලට බැස සැනහී යෙයි. මුළුමනින් ම සැනහී යෙයි. එසෙයින් ම කෙලෙස් ගින්නෙන් පීඩිත වූ සත් වග බුදුසසුන නම් අමා විලට බැස අමා පැනින් සැනහී යෙත්. නව අරහාදී බුදු ගුණයෝ එක් එක් තොටුපළක් වැනි වෙත්. එබැවින් මේ ගුණය ම අන් ගුණයන්ට වඩා “අග්‍ර වෙතැ”යි , “ශ්‍රේෂ්ඨ වෙතැ” යි බුදු ගුණයන් ගැන පවසනු නො හැකි ය. නුවණැත්තෝ කවර බුදුගුණයක් අරමුණුූ කර ගත්ත ද දහම් සුව විඳිත්. එක එකක් බුදුගුණය නුවණින් විමසත් විමසත් ම අන් බුදු ගුණයෝ ද එයට ඈඳී ඈඳී චිත්ත ප්‍රසාදය ම උපදවත්. ඒ නිසා සියල් ගුණ එක ම ගුණ කඳකි. ප්‍රථම දම්සක් දෙසුමටත් පෙර අමා බෙර වැයීමට ඇරයුම් කළෝ සහම්පතී මහ බඹහු ය. සියුම් වූ අරුත් ඇති ගාම්භීර චතුෂ්සත්‍යය තෘෂ්ණාභරිත ලෝ සත්හු කෙසේ නම් දකිත්දැයි අමා දම් දෙසුමෙහි බුදු සිත උකටලී වනු දුටු මහ බඹුහු “භවත්නී සැබැවින් ම ලෝකය නැසෙති” යි, “භවත්නි ඒකාන්තයෙන් ම ලෝකය වැනසෙති” යි සංවේගව දහම් දෙසීමට ආරාධනා කළෝ ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

















 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]