ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් පුර අටවක පෝදා 2025 මැයි 04 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති - අථ නබ්බින්දතී දුක්ඛෙ - එස මග්ගෝ විසුද්ධියා, සසර සැරිසරන සත්ත්වයකුගේ මුල සොයා ගැනීමට නොහැකි වන අතර, ඒ පිළිබඳ සිතීම පවා නිරර්ථක වන බව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක. මේ නිසා අපමණ දුක් වේදනා ගෙන දෙන සසරින් මිදෙන්නට හැකි බවත්, ඒ සඳහා සත්ත්වයා සසර බැඳ තබන අවිද්‍යා, තණ්හා ප්‍රධාන හේතුන් මූලෝච්ඡින්න කළ යුතු බවත් මහා කරුණාවෙන් පහදා දුන් සේක. පුරිමා භික්ඛවේ කෝටි න පඤ්ඤයති - අවිජ්ජාය ඉතො පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවිති “මහණෙනි සත්ත්වයාගේ පැවැත්මට හේතු වූ අවිද්‍යාව මින් පෙර නොවී ය. එහෙත් පසුව ඇතිවී යැයි තීරණය කිරීමට නොහැකි ය. එහෙත් අවිද්‍යාව පවතී. එසේ නම් එහි ඵලය වශයෙන් සත්ත්වයා ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී මහත් දුක් වේදනා විඳිමින් සසර ගමන් කරති. ලෝකයේ පවත්නා පරම සත්‍ය දෙකකි. යම්කිසි න්‍යාය ධර්මයකට අනුව ක්‍රියාත්මක වන විශ්ව බල ශක්තිය හා බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය යන සත්‍ය දෙක ම කිසිම බලවේගයකින් වෙනස් කරන්නට නොහැකි ය. විශ්වයේ න්‍යායානුකූල පැවැත්මත්, සත්ත්වයාගේ කර්මානුකූල පැවැත්මත් දෙකම හේතුඵල න්‍යාය ධර්මයකට අනුව පවත්නා වග පෙන්වන බෞද්ධ දර්ශනය ප්‍රඥා ලෝකයට විවෘත වන අතර, සෙසු ආගමික සංකල්පවලින් චින්තනය සංවෘත වේ. සත්ත්වයාගේ පැවැත්මට හේතු ව වූ කර්ම න්‍යාය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසා ඇතිවන කුසලාකුසල සංස්කාරයන්ගෙන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ජාති, ජරා, ව්‍යාධි, මරණ ප්‍රධාන මහා දුක් කඳ නැති වීමට නම්, එයට හේතු වූ සංස්කාර ක්‍රමයෙන් නැති කොටස් නිවන් සැනසීම ලබන ආකාරය බෞද්ධ දර්ශනයෙහි විස්තර වෙයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් බැලීම මෙන් ම දුකෙහි කලකිරීම, විශුද්ධි මාර්ගය හෙවත් සන්තානයෙන් තණ්හාදී කෙලෙස් සමුච්ඡේද කරන මාර්ගය යි. සත්ත්වයා යනු රූප වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයයි. මේ පසම කර්ම න්‍යායට අනුව එකට ඇතිවී ක්‍රියාත්මක වී එකට ම නැති වී යයි. එය අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ ව ක්‍රියාත්මක වන නිසා ප්‍රධාන වශයෙන් දුක් වේදනා ද, සැප වේදනා ද ජනිත වේ.
මැයි 04 ඉරිදා පූ.භා 07.22 පුර අටවක ලබා 05 සඳුදා පූ.භා 07.39න් ගෙවේ. 04 ඉරිදා සිල්
පුර අටවක
මැයි 04
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]