[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිරි දළදා ඉතිහාසය

සිරිලකට දළදා වහන්සේ වැඩමවීම ශාසන ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි. දළදා වහන්සේ වැඩම වූ තැන් පටන් මෙරට රාජරාජ මහාමාත්‍යාදීන්ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද එම උතුම් පූජනීය වස්තුව කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දැක්වූහ. ඒ සියල්ල ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන ගරු සැලකිලි හා සම විය. කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතුන් වහන්සේ සත් නමක් සිඳී බිඳී විසිරී නොගොස් ශේෂ ව පැවතිණි. ලලාට ධාතුව, දෙ අකු ධාතු සහ සතර දළදාව එම ධාතුන් වහන්සේ සත්නමයි. මෙම සතර දළදා වහන්සේගෙන් එක්නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයෙහි ද, එක්නමක් නාග ලෝකයෙහි ද, තවත් එක් නමක් ගන්ධාර දේශයෙහි ද, අනෙක් දළදා වහන්සේ කාලිංග දේශයෙහි ද තැන්පත් කෙරිණි. දළදා වහන්සේ පිළිබඳ ලියැවුණු පැරැණි ම ග්‍රන්ථය වන පාලි දාඨාවංශයෙහි සඳහන් වන පරිදි ඛේම නම් රහතන් වහන්සේ බුදුරදුන්ගේ වම් දළදාව ආදාහන මළුවෙන් ගෙන කාලිංග දේශයෙහි දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජු වෙත භාර කළහ. රජු එම දළදා වහන්සේ ඉතා අනර්ඝ මන්දිරයක තැන්පත් කළේ ය. නොකඩවා ම පුද පූජාවන් ද පැවැත්වීය. එම රජුගේ ඇවෑමෙන් ඔහු පුත් කසී රජු ද, එයින් පසු සුනන්ද රජු ද එලෙසින් ම දළදා පූජාව පැවැත්වූහ. කාලයාගේ ඇවෑමෙන් දළදා වහන්සේ පිළිබඳ වගකීම පැවරුණේ ගුහසීව රජුට ය. එතුමා ස්වකීය රාජ පරම්පරාව අනුව යමින් දළදා වහන්සේ අසීමිත ගෞරවයකින් රැක ගත්තේ ය. ගුහසීව රජ දවස ලාභ සත්කාරයෙන් පිරිහුණු මිථ්‍යා දෘෂ්ටිකයෝ පාටලී පුත්‍රයෙහි රජ කළ පණ්ඩු නම් රජුට කේලාම් කියා ගුහසීව රජු කෙරෙහි වෛරයක් ඇති කළේ ය. එබැවින් ගුහසීව රජු දළදා වහන්සේත් සමඟ පාටලී පුත්‍රයට අල්වාගෙන එන ලෙස පණ්ඩු රජු නියම කළේ ය. පසුව තොරතුරු විමසූ හෙතෙම දළදා වහන්සේ කෙරෙහි පැහැදී පුද සත්කාර පවත්වා නැවත ගුහසීව රජු දළදා වහන්සේ සමඟ කාලිංග දේශයට පිටත්කොට එවීය. එහි දී ඛීරධාර නම් රජුගේ බෑනනු කෙනෙක් දළදා වහන්සේ තමා සන්තක කර ගැනීම සඳහා ගුහසීව රජු සමඟ යුද්ධයකට පැමිණියේ ය. ගුහසීව රජු එම යුද්ධයෙන් ජය ගැනීම පිළිබඳ ඇතිවූ සැකය නිසා දළදා වහන්සේ ස්වකීය දියණිය වූ හේමමාලා කුමරියගේ ස්වාමිපුරුෂයා වූ දන්ත කුමරුට පවරා දුන්නේ ය. තමා යුද්ධයෙන් පැරදුණහොත් දළදා වහන්සේ රැගෙන ස්වකීය මිත්‍ර වූ ලංකාධිපති මහාසේන රජු වෙත යන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.


වෙසක් පුර අටවක

 මැයි 04 ඉරිදා පූ.භා 07.22
පුර අටවක ලබා 05 සඳුදා
පූ.භා 07.39න් ගෙවේ.
04 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]