බොදු පුවත් (ඡායාරූප)
 

අමෙරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති, පනම්වෙල වජිරබුද්ධි නාහිමි වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙතින් “ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද” ගෞරව නාම සම්මුතිය සහිත ව උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමූ අයුරු.

දුගී පවුල් 200 ක් සඳහා රුපියල් මිලියන 02 ක වටිනාකමින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම පසුගියදා මල්වතු මහා විහාරයේ දී සිදු කෙරිණි. මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වියළි ආහාර බෙදාදුන් අයුරු ෂිදා හෝං මෙහෙණින් වහන්සේ ඇතුළු චීනයේ අන්ෆු විහාරස්ථානයේ දායක දායිකාවෝද ඡායාරූපයේ වෙති.
අසේල කුරුළුවංශ

බොරැල්ල සුසමයවර්ධන මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පිරිසක් විසින් විදුහලේ බෞද්ධ සංගමය වෙත අවශ්‍ය භාණ්ඩ ප්‍රදානයක් පසුගිය මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුකරන ලදී. විදුහල්පති සුජීව රොශාන් ධර්මපි‍්‍රය මහතාගේ හා නියෝජ්‍ය විදුහල්පතිනි කුමුදුනී ලියනාරච්චි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ අමුණුමුල්ලේ සීලරතන හිමිගේ අවවාද අනුශාසනා පරිදි මෙම කටයුත්ත සිදුවිය.

 

වෙසක් පුර අටවක

 මැයි 04 ඉරිදා පූ.භා 07.22
පුර අටවක ලබා 05 සඳුදා
පූ.භා 07.39න් ගෙවේ.
04 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 04

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]