[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නාවල සිරි සිද්ධාර්ථාරාම මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - රංජිත් අසංක

වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

බෞද්ධාලෝක වෙසක් උත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස ...

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි මස 05,06,07,08 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන මෙම වෙසක් උත්සවයට වෙසක් පොහෝ දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද නිදහස් භූමි භාගයේ දී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පන්දහසකකගේ සහභාගිත්වයෙන් මහා සීල සමාදන වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තී ශ්‍රී කම්මට්ඨානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද වැලිහලතැන්නේ කල්‍යාණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාමවාසී මන්දාරම්නුවර සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී උඩුකලකන්දේ අරියරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ රත්මලාන පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කොටනෙලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල්ලේරියාව නීලමල්ලිකාරාමවාසී දොරොව්වේ ඤාණරතන යන ස්වාමීන් වහන්සේ පෝ දින වැඩසටහන් සඳහා සම්බන්ධ වෙති. ඛධධථ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන ගිහි සාකච්ඡාව වෙනුවෙන් ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස් , මහාචාර්ය චන්දන ජයරත්න ඉංජිනේරු ලලිත් ද සිල්වා යන මහත්වරු සහභාගි වෙති.

උදාවන වෙසක් මංගල්‍යය අර්ථවත් ලෙස සරසමු

අපගේ මහ බෝසතාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් උතුම් පාරමීධර්ම සම්පූර්ණ කර ලුම්බිණි සාල වන උද්‍යානයේ දී මහාමායා මව් කුසින් මේ මනු ලොවට වැඩම කිරීම සිදුවූයේ වෙසක් පුන් පෝ දිනක යි. ඒ වගේම පාරමීධර්ම සපුරාගෙන සිටි මහා බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ නේරංජනා ගංගාව අසබඩ වජිරාසනය මත ජය ශ්‍රී මහා බෝධි සෙවණේ දී දසමාර සේනාව පරදවා උතුම් සම්බුද්ධත්වයට පත්වූ සේක. අපට වෙසක් පෝ දා සිහිවන අනෙක් කරුණ නම් උන්වහන්සේ බුද්ධකෘත්‍ය අවසන් කර කුසිනාරානුවර උපවර්තන සල් උයනේ දී සල් රුක් සෙවණේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ ආකාරය යි. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර උපවර්තන සල් රුක් සෙවණේ අවසන් වතාවට සැතපී වදාළ මොහොතේ බොහෝ අසිරිමත් දේ සිදු වුණා. පිපුණ සල් මලින් සල් රුක් වැසී ගියා. තථාගතයන් වහන්සේට පූජා පිණිස මල් ගිලිහී සම්බුදු සිරුර මත පතිත වුණා. ඒ වගේම තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය මදාරා මල් උන්වහන්සේගේ සම්බුදු සිරුර මතට වැටෙන්නට වුණා. දිව්‍ය සඳුන් කුඩු අහසින් විසිරී මුළු උද්‍යානය ම එකම සුගන්ධයෙන් සුවඳවත් වුණා. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර නාද අහසේ වාදනය වුණා.සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් ආනන්ද, මෙ පමණකින් නම් තථාගතයන් වහන්සේට සත්කාර කළා වන්නේ නැහැ. බුහුමන් දැක්වූවා වන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පිදුවා වන්නේත් නැහැ. පින්වත් ආනන්ද, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා. උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත ද, සාමීචිපටිපන්න ප්‍රතිපදාවෙන් යුක්ත ද, ඔහු තථාගතයන් වහන්සේට පරම වූ ප්‍රතිපදාවෙන් පූජා සත්කාර කරන, ගෞරව කරන, බුහුමන් දක්වන කෙනෙක්. ඔහු නම් තථාගතයන් වහන්සේට නියමාකාරයෙන් පූජා පවත්වන කෙනෙක් කියලා.

 

බන්ධනයන් තුළ සිරවී සිටින තාක් ...

අද ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක් තවත් නොමැති තරම් ය. විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් වෙළඳපොළෙහි පිරී ගොස්ය. ඒවාට ඇති ඉල්ලුම ද ඉතා විශාල ය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත්, ඒවාට මිම්මක් ගණනක් නැති තරමට ම සීමා රහිත වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නකි. ඉහළ වටිනාකමක් සේ ම ඒවායෙහි හැඩය හා වර්ණයන් ද විවිධව පවතී. අද බොහෝ දෙනා විශාල වියදමක් දරන්නේ ඇඳුම් පැළඳුම් සඳහා ය. එය තරගකාරී ස්වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිත කරන අංගයක් වී ඇති බව ද පෙනී යන්නකි. පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීමෙන් ගිහි ඇඳුම්වල විච්චූර්ණ බවත්, පැවිදි සිවුරේ සැහැල්ලු බවත් මනාව පෙනී යනු ඇත.  ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් භාවිතය සිදු වේ. සිවුර පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා ව්‍යවහාර කරනු ඇත. කහ වත (කාසාය වස්ත්‍රය) කියා ද කීම වරදක් නොවේ. සිවුර පිළිබඳ ආරම්භක අවස්ථාව හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟ ය. සිදුහත් බෝසතාණෝ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‍ෂු ශාසනය ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‍ෂූන් වහන්සේ සිවුරු පරිහරණය කිරීම සිදුවිය.බුදු සසුනේ මුල් යුගය වන විට පාංශුකුලික වස්ත්‍ර පිරිසුදු කොට සිවුර සකස් කොටගෙන ඇති බව පැහැදිලි වේ. එය සිදු වූයේ පාරවල්, සොහොන් පිළවල්, කැලිකසල ගොඩවල් ආදී අපිරිසුදු තැන්වලින් අහුලා ගත් පස්, මඩ, කැළිකසල තැවරුණු වස්ත්‍ර පිරිසුදු කොටගෙන එයින් සිවුරු සකස් කොට ගෙන ඒවා පෙරවීමෙන් ය. ඒ තුළින් භික්‍ෂු ජීවිතයේ අල්පේච්ඡ ගුණය ද ඉස්මතු වේ. පාංශුකූල වස්ත්‍ර එදා සුලභව සොහොන්වල තිබුණි.

 

බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය සිදුවූයේ බක් අමාවක පෝදාක ය

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලංකාදීපයට වැඩමවීම් තුනක් ගැන මහාවංශයෙහි සඳහන් වෙයි. මහාවංශය යනු මුලදී සිංහලෙන් රචනා කර තිබී ධාතුසේන රජුගේ කාලයේ දී මහානාම හිමියන් විසින් පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයයි. රට ජාතිය හා සංස්කෘතිය පිළිබඳ ලියැවුණු මෙවැනි කෘතියක් ලොව වෙනත් කිසිදු රටකට නොමැත. ඉන්දියානු ඉතිහාසය ඌණ පූර්ණය කරගත්තේ ද මහාවංශය ඇසුරෙන් ය. මහානාම හිමියන් විසින් මහාවංශයේ මුල් කොටස රචනා කළ අතර, පසු කාලීනව දෙවැනි හා තුන්වැනි කොටස් රචනා කරනු ලැබ ඇත. එම කොටස් චූලවංශ නමින් හැඳින්වීම ද වරදකි. ඒවා නම් කළ යුත්තේ මහාවංශයේ දෙවැනි හා තුන්වැනි කාණ්ඩ වශයෙනි. මහා වංශයේ පළමු පරිච්ඡේදයේ බුදුරදුන්ගේ ලංකා ගමන් පිළිබඳ දෙතැනක කරුණු දැක්වේ. බෝධි මූලයෙහි වැඩ සිටිමින් සිය අනාගත මෙහෙයුම් සිහිපත් කළ අවස්ථාවෙහි බුදු වී නවවැනි මස දුරුතු පුර පසළොස්වක දා මහියංගණයට ද, බුදුවී පස් වසකින් බක් පුර පසළොස්වක් දා නාගදීපයට ද බුදු වී වසර 8කින් වෙසක් පුර පසළොස්වක දා කැලණියට ද වැඩම කළ බව එහි සඳහන්ව ඇත.පළමු හා තුන්වැනි ගමන් ඒ වූ පරිදිම සිදු වුවත් දෙවැනි ගමනේ දින වකවානු වෙනස් වී ඇත. ඒ පිළිබඳ මහා වංශයෙහි පළමු පරිච්ඡේදයේ 681 -684 ගාථාවල මෙසේ සඳහන් වේ.

වෙසක් පුර අටවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]