[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

බන්ධනයන් තුළ සිරවී සිටින තාක් ...

අද ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක් තවත් නොමැති තරම් ය. විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් වෙළඳපොළෙහි පිරී ගොස්ය. ඒවාට ඇති ඉල්ලුම ද ඉතා විශාල ය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත්, ඒවාට මිම්මක් ගණනක් නැති තරමට ම සීමා රහිත වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නකි. ඉහළ වටිනාකමක් සේ ම ඒවායෙහි හැඩය හා වර්ණයන් ද විවිධව පවතී. අද බොහෝ දෙනා විශාල වියදමක් දරන්නේ ඇඳුම් පැළඳුම් සඳහා ය. එය තරගකාරී ස්වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිත කරන අංගයක් වී ඇති බව ද පෙනී යන්නකි. පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීමෙන් ගිහි ඇඳුම්වල විච්චූර්ණ බවත්, පැවිදි සිවුරේ සැහැල්ලු බවත් මනාව පෙනී යනු ඇත.  ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් භාවිතය සිදු වේ. සිවුර පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි ය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා ව්‍යවහාර කරනු ඇත. කහ වත (කාසාය වස්ත්‍රය) කියා ද කීම වරදක් නොවේ. සිවුර පිළිබඳ ආරම්භක අවස්ථාව හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟ ය. සිදුහත් බෝසතාණෝ සව් කෙලෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‍ෂු ශාසනය ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‍ෂූන් වහන්සේ සිවුරු පරිහරණය කිරීම සිදුවිය.


වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]