[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

බෞද්ධාලෝක වෙසක් උත්සවය මෙවරත් උත්කර්ෂවත් ලෙස ...

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් උත්සවය මැයි මස 05,06,07,08 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන මෙම වෙසක් උත්සවයට වෙසක් පොහෝ දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද නිදහස් භූමි භාගයේ දී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පන්දහසකකගේ සහභාගිත්වයෙන් මහා සීල සමාදන වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තී ශ්‍රී කම්මට්ඨානාචාර්ය ශිරෝමණී පූජ්‍යපාද වැලිහලතැන්නේ කල්‍යාණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාමවාසී මන්දාරම්නුවර සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී උඩුකලකන්දේ අරියරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ රත්මලාන පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කොටනෙලුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල්ලේරියාව නීලමල්ලිකාරාමවාසී දොරොව්වේ ඤාණරතන යන ස්වාමීන් වහන්සේ පෝ දින වැඩසටහන් සඳහා සම්බන්ධ වෙති. ඛධධථ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන ගිහි සාකච්ඡාව වෙනුවෙන් ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස් , මහාචාර්ය චන්දන ජයරත්න ඉංජිනේරු ලලිත් ද සිල්වා යන මහත්වරු සහභාගි වෙති.


වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]