[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ දම් දෙසුම් මාලාවක් ශ්‍රී ලංකාවේදී

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ දම් දෙසුම් මාලාවක් ශ්‍රී ලංකාවේදී

ජනතාවට සමීප ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස සුපතළ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ලබන මස නැවතත් ලංකාවට පැමිණීමට නියමිත ය.

අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ දෙසුම සරල ය. උන්වහන්සේගේ නිරන්තර සිනාවෙන් යුතු නිහතමානි මුහුණ ධර්ම දේශනාවට සම්බන්ධ වන පිරිස සතුව යම් පීඩනයක් වේ නම් ඒ සියල්ල සමනයට පත් කරනු සමත් බව බොහෝ දෙනාගේ අදහස ය.

උන්වහන්සේ මෙරට වැඩවසන කාලය තුළ ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වයක නියැළීමට කටයුතු කර ඇති බව සංවිධායකයෝ පවසති. මැයි 20 සිට 30 දක්වා දින නවයක භාවනා වැඩසටහනක් බණ්ඩාරවෙල දී සිදු කරන අතර, එයට භික්ෂු, භික්ෂුණී සහ ගිහියන් 150 දෙනකු සහභාගිවීමට නියමිත ය. වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරිකයන් සඳහා ම සුවිශේෂී වූ විශේෂ දෙසුමක් මැයි 29 දින ගාලුමුවදොර හෝටලයේ දී පවත්වනු ලැබේ. ධර්ම දේශනය සහ භාවනා උපදෙස් වැඩසටහන් මැයි 30 වැනි දින පෙරවරු 7 සිට 11 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබේ. මෙහි ශාලා 3 ක දී සැසිවාර සංවිධානය කර ඇති අතර, උන්වහන්සේ ඉංගී‍්‍රසි භාෂාවෙන් දේශනය පවත්වනු ලබන අතර, පසුව සිංහලෙන් සාරාංශගත කරනු ඇත.

බණ්ඩාරවෙල භාවනා වැඩසටහනට සම්බන්ධවීමට කැමති භික්ෂූන් වහන්සේට සහ භික්ෂුණීන් වහන්සේ ajahnbrahmsociety @gmail. com විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි කිරීමේ පෝරමය ලබාගත හැකි බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම සමාජය දන්වා සිටී.

සම්පූර්ණ කරන ලද අයදුම්පත අප්‍රේල් මස 10 වැනි දිනට පෙර ඉදිරිපත් කළ යුතු ය.

මැයි 30 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන සැසියට සහභාගි වීම සඳහා

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය,
තුම්මුල්ල, කොළඹ 05,

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,
25 ඇන්ඩසන් පාර, නැදිමාල,
දෙහිවල.

සමයවර්ධන පොත්හල,
බෞද්ධ මහා සම්මේලනය 380,
බෞද්ධාලෝක මාවත, කොළඹ 7,

සරසවි පොත්හල One Galle Face යන ස්ථානයන්ගේ මාර්තු 15 සිට නොමිලයේ අවසරපත් ලබා ගත හැකි ය.

වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]