[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

එස්.මහින්ද හිමි ගුණ සමරු සමස්ත ලංකා දහම් පාසල් රචනා තරගයේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවයෙන්

එස්.මහින්ද හිමි ගුණ සමරු සමස්ත ලංකා දහම් පාසල් රචනා තරගයේ

ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවයෙන්

එස්.මහින්ද හිමි අනුස්මරණ සමස්ත ලංකා දහම් පාසල් අතර, පවත්වනු ලැබූ ගද්‍ය, පද්‍ය රචනා තරගාවලියේ ජයග්‍රාහක දරුවන් හට සහතික පත් සහ තෑගි බෙදා දීමේ උත්සවය පානදුර අලුබෝමුල්ලේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පසුගිය දා පවත්වනු ලැබීය.

මැදපෙරදිග හෙළබිම සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව විහාරාධිපති අඹකොළවැව ධම්මදස්සි ස්වාමින් වහන්සේගේ සහ විහාරස්ථ දායක සභාවේත් නව ලංකා දහම් පාසලේත් සංවිධායකත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.

මූලාසනය හෙබවූයේ පූජ්‍ය හෙවිස්සේ නන්දාරාම නාහිමියන් විසින් වන අතර, වික්‍රමශිලා පරිවේණාධිපති, දර්ශනපති, රොටුඹ පේමරතන හිමියන්, හෙළබිම අනුශාසක බෙංගමුවේ නාලක හිමියන් සහ අඹකොළවැව ධම්මදස්සි හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

එමෙන්ම, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නියෝජනය කරමින් දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතා, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.සුනිල් මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් මහතා, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි අනුෂි මහත්මිය, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ඇතුළු ගුරු භවතුන් ප්‍රධාන ප්‍රදේශවාසී පින්වතුන් සහ දූ දරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

රචනා තරගාවලියේ ජයග්‍රාහි දූ දරුවන් ප්‍රමුඛ ඔවුන්ගේ දෙමාපියන් හා දහම් පාසල් ගුරු භවතුන් දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ සහභාගි වූහ.

සෑම වසරකම හෙළබිම සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් දහම් පාසල් දරුවන් අතර, සිදු කෙරෙන එස්.මහින්ද හිමි අනුස්මරණ ගද්‍ය සහ පද්‍ය රචනා තරගාවලිය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ සහ දහම් පාසල් කොමසාරිස්තුමාගේ නිල අනුග්‍රහය ආයතනික මට්ටමින් ලැබීමෙන් මෙවර උත්සවය වඩාත් ඵලදායි ලෙස පැවැත්වීමට හැකි විය.

දිවයින පුරා පිහිටි දහම් පාසල් 11000 කට අධික සංඛ්‍යාවක ඉගෙනුම ලබන දරුවන් අතරින් ලබා ගත් රචනා අතුරෙන් එක් කාණ්ඩයකින් 10 දෙනා බැගින් දරුවන් 20 දෙනකු තෝරා ගත් අතර, පළමු ස්ථාන ලබා ගත් දරුවන් 6 දෙනාටම ලැප්ටොප් පරිගණක ලබාදීමටත්, ඉතිරි ජයග්‍රාහක දරුවන් 14 දෙනාටම සහතිකපත් සහ රු.10,000 බැගින් වූ මූල්‍ය පරිත්‍යාගයක් කිරීමටත් කටයුතු යොදා තිබිණ.

මීට අමතරව ඉදිරිපත් වූ රචනා අතුරින් කුසලතාවයන් දැක්වූ දරුවන් 50කට ඇගයීම් සහතික පත් පිරිනැමීම සඳහා කටයුතු යොදා ඇත.


ගද්‍ය රචනා තරගයේ ජයග්‍රාහක දරුවෝ

1. සයුරි නිම්නදා කලන්සූරිය, සිරිරතන දහම් පාසල,
උලුවිටකේ

2. වයි. ජී. ඉශානිකා මධුශානි තිලකරත්න,
ශ්‍රී පාරමිතා දහම් පාසල, පුස්සැල්ලාව

3. එම්.සශ්මි කාවින්දි, ශ්‍රී ධර්මෝදය දහම් පාසල,
ශ්‍රී වර්ධනාරාමය, කුඩාවැව.

කුසලතා සහතික සහ මූල්‍ය ත්‍යාගලාභීන්

1. එන්.ඩී.කාවින්ද මධුසංක ජයවික්‍රම, ශ්‍රී මේධානන්ද

දහම් පාසල, ශ්‍රී ඝානාරාම මහා විහාරය,
ඇල්ලගාව

2. ඊ.එම්.මිහිදිනි ශාවින්ද්‍යා එදිරිසූරිය, ශ්‍රී සරණතිස්ස
දහම් පාසල, ශ්‍රී කල්‍යානාරාමය, කිරිමැටිතැන්න,
බලන්ගොඩ

3. එච්.ජී.රශ්මි එරන්දිකා, ශ්‍රී වික්‍රමසූරිය දහම් පාසල,
පි‍්‍රය වික්‍රමාරාමය, වා/කනංකේ,ඉමදුව.

4. සලනි දහම්සා, ශ්‍රී සීවලී දහම් පාසල, ශ්‍රී ජයබෝධි
මහා විහාරය, ඇතුලත්මුදලිගම, මතුගම

5. ආර්.එම්.එස්.එන්.රත්නායක, ශ්‍රී සාරානන්ද දහම්
පාසල, බඹරගස්වැව, ගලේවෙල

6. එම්.ඒ.කාවින්දි දෙව්මි සමර්ථා අරියවංශ,
ශ්‍රී සුදස්සි ධර්ම විද්‍යාලය, ශ්‍රී සුදර්මාරාමය,
තැඹිලිගස්මුල්ල මාකොළ

7. දැහැමි දිව්‍යාංජලී. සිරි විමලසිරි දහම් පාසල,
පුරාණ විහාරය, වනවාසල, කැලණිය

පද්‍ය රචනා තරගයේ ජයග්‍රාහක දරුවෝ

1. අයි.ඒ.රෂිනි මලීෂා වීරසේකර,
ශ්‍රී ධම්මරතන දහම් පාසල, වෑබඩ

2. කේ.ඒ.ජේ.සුපිනි සරසි ජයවර්ධන,
ශ්‍රී ධම්මරතන දහම් පාසල, වෑබඩ

3. එම්.ඒ.සඳලි පුන්සරා, සිරි වජිරවංශ දහම් පාසල,
ශ්‍රී දුටුගැමුණූ රජමහා විහාරය, සාලියපුර, තිස්ස

කුසලතා සහතික සහ මූල්‍ය ත්‍යාගලාභීන්

1. ගගන අභිෂේක් යටිවාවල, සිරි සම්බෝධි විහාරස්ථ දහම් පාසල,
පල්ලේකැලේ කුණ්ඩසාලේ

2. ඩබ්.ජී.සුපේෂලා අයෝධ්‍යා ධර්මසිරි,
ශ්‍රී බෞද්ධාලෝක දහම් පාසල, බෞද්ධාලෝක මාවත,
ඇහැලේපොල, පල්ලේපොල

3. එන්.කේ.තරුණි නදිංසා කස්තුරිආරච්චි,
ශ්‍රී ධම්මරතන දහම් පාසල, වෑබඩ

4. එච්.ජී.නෙත්මි නවෝද්‍යා රාසාංගි, ශ්‍රී සුජාත දහම් පාසල,
අභයරාජ විහාරය, දවමොට්ටාව,ආඬි අම්බලම

5. ඩී.එම්. නිර්මාණි, සශ්‍රී, ප්‍රබුද්ධ දහම් පාසල,
සූරියපාලුව කඩවත

6. ජි.ජී.දුමින්ද ලක්ෂාන් පියරත්න, ශ්‍රී ප්‍රඥවංශ
පි‍්‍රයදර්ශනාරාම දහම් පාසල, ගවරහෙන
බලන්ගොඩ

7. ඩබ්.එම්.දිනිති දම්සිලුමිනි විජේසේකර, ශ්‍රී සුගත විජය දහම් පාසල,
ශ්‍රී සුගත විජේසිංහාරාමය,
බොරලන්ද

8. කේ.ආර්.ඩී. තනිෂා ධනංජනී, ශ්‍රී ධර්මවිජය ධර්ම
විද්‍යාලය, මීගමු පාර පෑලියගොඩ

වෙසක් පුර අටවක

අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.41 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.03 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]