[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බලාපොරොත්තු ඉටුවන තුරුම වෑයම් කළ යුතු ය

කුම්භඝෝෂක නම් තරුණයෙක් අරමුණු කර ගෙන දේශනා කළ ගාථාවක් මා විසින් ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ. මෙය ධම්මපදයෙහි අප්පමාද වර්ගයේ සඳහන් වන ගාථාවක් වන අතර, මෙහි අර්ථය මෙසේ ය. නොපසුබස්නා වීර්යය, මනා සිහිය, පිරිසුදු ක්‍රියා ඇති බව, විමසා කටයුතු කිරීම, තැන්පත් ගතිය, දැහැමි දිවි පෙවෙත, අප්‍රමාදය යන කරුණු සත මෙලොව දියුණුව සැලසීමට සමත් කරුණු බව ය. නොපසුබස්නා වීර්යය නම් කිසියම් දෙයක් කිරීමට පටන් ගත් කල්හී කොතරම් අවහිර බාධා පැමිණිය ද ඒ කිසිවක් ගණනකට නොගෙන තම අදහස් මුදුන් පත් වන තුරුම අතරමඟ නතර නොකොට කර ගෙන යාමයි. මහ බෝසතුන් වුව ද බුද්ධත්වය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඇසතු බෝ රුක මුල හිඳ ගනු ලැබුවේ “මාගේ ශරීරයෙහි මස් ලේ වියළී, සම් මස් නහර ඇට පමණක් ඉතිරි වුවත් මාගේ අරමුණ මුදුන් පත් කර නොගෙන මේ ස්ථානයෙන් නොනැඟිටිමි” කියන බලවත් අධිෂ්ඨානයෙන්ම. තම බලාපොරොත්තුව සඵල වන තුරුම වෑයම් කළ යුතු බවයි ඉන් අර්ථවත් වන්නේ. හොඳ සිහියෙන් විසීම සෑම මොහොතක දී ම අවශ්‍ය දෙයකි. යම් වේලාවක දී සිහියෙන් තොරව කටයුතු කළ හොත් මොනම තරමේ අනතුරකට, විපතකට අලාභයකට මුහුණ දීමට සිදු වේ'දැයි කිව නොහැකි ය. කටු සහිත බිමක පාවහන් නොමැති ව ඇවිදින කෙනකු පයෙහි කටු ඇණෙනවාට බියෙන් මොන තරම් සිහියෙන් යුතුව පරෙස්සමෙන් ඇවිදිය යුතු ද එතරම් ම වූ සිහියකින් යුතුව භික්‍ෂුව ගමෙහි හැසිරිය යුතු බව ථේර ගාථා පාලියේ සඳහන් වේ. එබැවින් ගිහි පැවිදි කාහට වුව ද නියම ඵල ප්‍රයෝජන ලබා ගැනීමට සිහිය අවශ්‍යම දහමකි. සිහිය කෙතරම් වටිනවා දැයි වැටහෙන්නේ සිහිය නැති උමතු අය දකින විටයි. එතරම් වටිනා සිහිය රැක ගන්නවා විනා සමහරෙක් සිහිය විකෘති වන මත් ද්‍රව්‍ය ආදිය පරිහරණය කෙරෙති. එය අඥානයින්ගේ ක්‍රියාවක් බව ද අමතක නොකළ යුතු ය.


බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]