[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

පින් වැඩෙන ලෙස බෝධි පූජාවක් පවත්වන්නේ මෙලෙසයි

පුරාණ අටුවාචාරීන් වහන්සේ බෝධිය යනු කවරේදැයි විස්තර කරමින් “බෝධි උච්චති චතුසු මග්ගේ ඤාණං” චතුරාර්ය සත්‍ය අවබෝධය බෝධිය ලෙසින් දැක්වූහ. එහෙයින් බෝධිය යනු චතුරාර්ය සත්‍යයට නමකි. එනිසාම බෝධි පූජාව බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඥානයට, සර්වඥතා ඥානයට පූජෝපහාරයකි. සම්පූර්ණ අවබෝධයට, දැනීමට ද බෝධිය යැයි කියති. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ බුදු වීමට පෙර බෝධිය හැඳින්වූයේ “අස්වත්ත හෙවත් ඇසතු” රුක නමිනි. බුදුපියාණෝ චතුරාර්ය සත්‍ය අවබෝධය, සර්වඥතා ඥානය, සම්පූර්ණ අවබෝධය, දැනීම ඇසතු රුක මුල ලබා ගත් බැවින් ඉන්පසු ඇසතු රුක බෝධිය විය. ජය ශ්‍රී මහා බෝධිය අප සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපන්දා ම ජනිත වූ සහජාත වස්තූන්ගෙන් එකකි. බෝධි පූජාවට ඇත්තේ දිගු ඉතිහාසයකි. පළමුවෙන් ම බෝධියට පූජා දැක්වූවෝ බුදුරජාණන් වහන්සේ ම ය. බුද්ධත්වය ලබා සත්සති ගත කරද්දී එහි දෙවැනි සතියේ දී උන්වහන්සේ සාමාන්‍ය තැනැත්තකුට කළ නොහැකි පූජාවකින් පුරා සතියක් එනම් දින හතක් බෝධිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් අනිමිස ලෝචනයෙන් බෝධිය පිදූ සේක. උතුම් චතුස් සත්‍යාවබෝධයට උපකාර කළා වූ බෝධියට පූජා පැවැත්වීමෙන් උන්වහන්සේ කෘතගුණ සැලකීමේ, කළගුණ සැලකීමේ උතුම් ගුණය ද ලොවට ම ආදර්ශයෙන් පෙන්වූහ.


වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]