සංස්කරණය - නයනා නිල්මිණි
කළගුණ සලකමු
අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයෙන් පසු කළගුණ සැලකීම නැමති පාඩම
මනාව ක්‍රියාවෙන් පෙන්වා දුන් සේක.
බෝධි සත්වයන් වහන්සේ මහ වනයේ වැඩ සිටින විට මාරයා පැමිණ මේ ආසනය මට අයිතියි කියලා
කියනකොට, තර්ජනය කරනකොට දෙවිවරු පවා උන්වහන්සේ තනිකර ගියා. එහෙත් බෝධින් වහන්සේ ළඟම
වැඩ සිටියා . උන්වහන්සේට බුද්ධත්වයට උදව් කළ ඒ ඇසතු බෝධියට කෙළෙහිගුණ සැලකුවේ
සතියක් පුරාවට ඇසිපිය නොහෙලා බලා සිටිමින් ය. කෙළෙහි ගුණ සැලකීම ඉතා හොඳ දෙයක් බව
අප මේ පාඩමෙන් තේරුම් ගත යුතු ය.
දීත්ම සජාර ජයසිංහ
06 ශ්‍රේණිය
සිරි විමලසිරි ඉංගී්රසි
දහම් පාසල
පොල්පිටිමූකලාන
කැලණි පුදබිම
බෞද්ධයන් වන අපට කැලණිය රාජමහා විහාරය බොහෝසෙයින් වැදගත් වන්නේ අප සම්මා
සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරෙහි වෙසක් පුන් පොහෝ දින තෙවැනි වරට
ලංකා ගමනය සිදුකළ ස්ථානය වීමයි. එය සිදු වූයේ මණිඅක්ඛික නා රජු නාගදීපයේ දී
බුදුරදුන්ට කළ ඇරයුම අනුව ය. නා රජු පිරිස් සහිතව බුදුරදුන් හා මහ සඟරුවන හරසරින්
පිළිගෙන විශේෂයෙන් මෙහි ඉදි කර තිබූ මණ්ඩපය වෙත වැඩමවා ගෙන ආහ. මණ්ඩපයෙහි වූ මාහැඟි
මැණික් පුටුවෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියහ. දන් වළඳා අවසන් හි බුදුරජාණන්
වහන්සේ දහම් ගඟුලැල්ලෙන් ඔවුන් නහවා ලූහ. මහත් ප්‍රසාදයට පත් නා රජු බුදුරදුන් වැඩ
සිටි මැණික් පුටුව නිදන් කරවා වී ගොඩක හැඩයෙන් යතු (ධාන්‍යාකාර) චෛත්‍යයක් කරවීය.
එසේ නිර්මාණය වූ කැලණි චෛත්‍යය බොහෝ බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන සුප්‍රසිද්ධ
අලංකෘත දාගැබක් බවට පත්ව තිබේ. බොහෝ විහාරාංගවලින් සමෘද්ධිමත් වූ මෙම කැලණි රාජමහා
විහාරය, දේශීය මෙන් ම විදේශීය සැදැහැවතුන්ගේ ද ගෞරවාදරයට පාත්‍රව, ඓතිහාසික
සිද්ධස්ථානයක් බවට ද පත් ව තිබේ.
එච්.ජී. නෙත්මි මිහිසරණි
10 ශ්‍රේණිය
ශ්‍රී ධර්මාභිවර්ධන දහම් පාසල, අගලිය
සතුන්ට හිංසා නොකරමු
මෙලොව ජීවත්වීමට සැම ප්‍රාණියකුට ම අයිතියක් ඇත. කුඩා කූඹියාගේ සිට මහා යෝධයා
දක්වාම මේ විසල් පොළෝ ගැබ තුළ ජීවත් වෙයි. එහි දී අප සියලු දෙනා ම ප්‍රාණීන් ලෙස
හැඳින් වේ. මනසින් උසස් මනුෂ්‍යයා හා මනසින් පහත් තිරිසනා ලෙස ජීවත්වීමේ අයිතිය
වර්ගවාදී වී ඇත්තේ කර්මය ද පදනම්ව ය.
නමුත් උසස් මනසේ හිමිකරුවන්ට තමන්ට වඩා පහත් තිරිසන් සතුන්ට හිරිහැර කිරීමේ අයිතිය
නොමැත. ජීවිතයේ අප සියලු දෙනා ම ලබන තෘප්තිය නිදහසයි. ඒ නිදහස මිනිසාට සේ ම සත්වයාට
ද එක හා සමාන ව හිමි විය යුතු ය.
අසරණ සත්වයින්ට රැකවරණය සදන මිනිසුන් ද සමාජයේ අපමණ ව වෙසෙයි. අපේ දිවිය සතුටින්
පුරවාගෙන සෑම ප්‍රාණියකුට ම මෛත්‍රිය බෙදා දීමට අප හුරු විය යුතු ය. කරුණාව,
මෛත්‍රිය, අවිහිංසකත්වය බෙදා දිය හැකි ශ්‍රේෂ්ඨ මනසක් හිමි මිනිසාට ම පමණකි. එම
නිසාම අප සැම සත්වයකුට ම එක හා සමාන ව කරුණාව දැක්වීම වැදගත් ය. නූතන ලෝකයේ සත්ව
හිතවාදී සංවිධාන බහුල වුව ද ඒවායේ ක්‍රියාකාරීත්වය දුබල ය. අප තනි තනිව අපට හැකි
අයුරින් අවශ්‍ය සියලුම ජීවීන්ට කරුණාව දැක්විය යුතු ය.
ටී. භාග්‍යා සත්සරණි ද සොයිසා
ශ්‍රී සංඝබෝධි දහම් පාසල, වෙරලුගහමුල
මගේ අම්මා
සංසාරේ හැම භවයක් පාසා
ඔබ මගේ ආදර අම්මා වූවා
ඒ ආදර මව් සෙනෙහස හින්දා
ට ඔබ මගෙ අම්මා වූවා
රුවිඳි තත්සරා
ජයතිලක
3 වසර
මියුසියස් විදුහල, කොළඹ
මුව පැටව්
|
හොඳ පුරුදු
|
ගමේ පන්සල
|
|
|
|
එස්.ලෙදුෂා රශ්මිණ
01 ශ්‍රේණිය
ශ්‍රී ධර්මවිජය දහම් පාසල - පන්නල |
ජනිත් කණිෂ්ක
09 ශ්‍රේණිය
මධ්‍ය මහා විදුහල – ඌරාපොල |
අප්සලා මනේෂිලංකා රත්නායක
08 ශ්‍රේණිය
සංඝබෝධි ජාතික පාසල – ගම්පහ |
|