[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ලෝ දහම වටහා ගන්නවා නම් ජීවිතයට බරක් නොවී ජීවත් වෙන්න පුළුවන්

පරිජිණ්ණමිදං රූපං රෝග නිඩ්ඩං පභංගුරං - භිජ්ජති පූතිසන්දේහෝ මරණං තංහි ජීවිතං, අද වෙසක් මස පුර අටවක පෝදා ය. අද දම් දෙසුමේ තේමාව ජීවිතයක මහිමය හෙවත් නිත්‍ය ස්වභාවය වටහා ගැනීමයි. ඉහත සඳහන් කළ ගාථාව ජීවිතයක ඇති නියම තතු මැනවින් පෙන්වා දෙයි. මේ ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ සඳහන් ය. එම ගාථාව පාදක කරගෙන අද දම් දෙසුමට තේමාව සකස්කර ගත්තෙමු. මේ ගාථාවේ තේරුම කෙරෙහි මොහොතක් අවධානය යොමුකර බලමු. අප සරසන, ආවඩන ශරීරය ගැන මෙබඳු දෙසුමක් ඒ තුළ වෙයි. මේ රූපය දිරායන්නේ ය. මේ ශරීරය සියලු රෝගාබාධයන්ට කැදැල්ලක් බඳු ය. මේ ශරීරය වහා බිඳෙන සුළු ය. මෙහි නව දොරකින් කුණු වැගිරෙන්නේ ය. අවසැන ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය. පසුගිය කාලය පුරා ඇතැම් විට අදත් අප කොරෝනා වසංගතය නිසා ජීවිතය යදිමින් මරණයට බියෙන් කල් අරින්නෙමු. තදාසන්න ඉන්දියාව තුළින් පැරැණි විශාලා මහනුවර අත් දුටුවෙමු. ලෙඩවන අයුරු, විලාප දෙන අයුරු දුටුවෙමු. රතන සූත්‍රයේ පහස නැවතත් වින්දෙමු. මෙබඳු පසුබිමක් තුළ ඉහත තේමාව තෝරා ගත්තෙමු. තරමක් නීරස කථාවක් වුවත් අප දත යුතු යම් දෙයක් ඒ තුළ ඇත. ඉහත ගාථාවට පාදක වූ කථාව කෙටියෙන් වුව විමසා බැලිය යුතු ය. එය ජීවිතයේ නියම තතු තේරුම් ගැනීමට ඔබට මඟ පාදනු ඇත.


වෙසක් පුර අටවක

මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ.
08 ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]