[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එකසිය තිස් වසරක් ආයු සපිරි වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ බෝධීන් වහන්සේ

මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

ධර්ම දේශනාව:

සත් රුවන් පරදවන ආර්ය ධන හතක හිමිකරුවකු වන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, අ‍ාරොග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං, විස්සාසා පරමා ඤාති - නිබ්බාණං පරමං සුඛං, සකල ජන මන සනසන තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සමයෙහි පසේනදී කොසොල් මහ රජතුමන් අරබයා මෙම උතුම් ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම රජතුමා දිනක් දවල් පුරුදු පරිදි බොහෝ රසවත් ආහාරවලින් කුස පුරවාගෙන මද වේලාවක් වත් විවේක නොගෙන වෙහෙරට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණේ ය. රජතුමා මඳ වේලාවකින් ආහාර මදයෙන් හටගත් නිදිමත ගතියෙන් ඈත මෑත ඇඟ හරවමින් නොසන්සුන් ව සිටියේ ය. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රජුගේ ස්වභාවයත්, එයට හේතුවත් දැන වදාරා “මහරජ, පමණ දැන ආහාර ගැනීම කයට සුව පහසුව පිණිස හේතු වන්නේ යැයි වදාළ සේක. කොසොල් රජතුමා ද එම අවවාදයෙහි පිහිටා දිනපතා එක එක බත්පිඬ බැගින් අඩුකොට අහර ගැනීමේ ක්‍රමයෙන් ඉතා සුවපහසුව ලැබ, ශාරීරික බලය හා මානසික සහනය වර්ධනය ළඟා කර ගත්තේ ය. දිනක් වෙහෙරට ගොස් බුදුරදුන්ගේ සිරිපතුල් වැඳ සොම්නස් ව “ස්වාමීනි, දැන් මට පහසු ය. සිරුරේ බලය ද වැඩුණේ යැයි ප්‍රකාශ කළේ ය. අප බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන සකල සත්වයාට පොදුවේ බලපාන පරිදි මෙම ගාථා ධර්මය ප්‍රකාශ කොට යථාර්ථ පරිදි සැපත විග්‍රහ කළ සේක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ අක්ෂරයක්, පදයක්, ගාථාවක් සූත්‍රයක් පාසා තමන් වහන්සේගේ මනෝ විඥානයට සම්බන්ධ වන බැවින් එහි බලය, ගුණය, සුවය මෙ පමණ යැයි සිතා කියා නිම කළ නොහැක.

 

ජීවිතයට සැලසුමක් තිබෙනවා නම් අමිල ධන නිධාන මතු කර ගන්න පුළුවන්

ඉවත දමන දඬුව වුව දලු ලා යළි පැළවෙන මේ රන් දෙරණේ සාරවත් මහ පොළොව අමතක කර පිටරටට දත නියැවීම කොතරම් අමනෝඥ ද? ගෙදර ප්‍රධානියා ප්‍රමාදයට,මත් බවට හේතුවන රහමෙර බීමෙහි යෙදුණු කල ඔහුගේ නැණ නුවණ මොටවෙයි. ධනය විනාශවෙයි. දින දින දිළිඳුබවට පත්වෙයි. එකිනෙකා අතර සුහදබව බිඳගෙන කලහ වඩවා ගනියි. ධනය සේ ම ආරෝග්‍ය සම්පතින් පිරිහෙන මත් ලෝලියා විගස අවනතියට ගමන් කරයි. සමාජයේ ගර්හාවට ලක්වෙයි. හේතු නැතිව ඇතැම්හු මහමඟ ඇවිදිති. කෙනෙක් නිවසින් බැහැරවිය යුත්තේ යම් අත්‍යවශ්‍ය කරුණකට ම ය. කරුණු සලකා තෝරා බේරාගෙන ගමන් බිමන් යාම එදාට සේ ම අද කලට ද බෙහෙවින් ම වටිනේ ය. අවේලාවේ වීථි සැරිසැරීමෙන් තම දේපළ ද, ධනය ද, තමාසේ ම තම දරු පවුල ද අනාරක්ෂිත වෙයි. නිතර නිතර නෘත්‍ය දර්ශනාදියෙහි ඇලීමෙන් ද වටිනා කාලය ධනය හා වැදගත් වැඩකටයුතු කිරීමේ අවස්ථාව ද මඟ හැරෙයි. තම නැණ නුවණ උත්සාහය ශ්‍රමය කෙරෙහි විශ්වාසය නොතබා කෙටි මං වලින් ධනවතුන් වීමට ඇතැම්හු සූදු කෙළිති. එදා මෙන් අද ද එබඳු අය තම ධනය වාෂ්ප කරගෙන දුකට පත්වෙයි. දියුණුව බලාපොරොත්තු වන්නාට පාප මිත්‍ර සේවනය ද බලවත් අනතුරෙකි. ඉන් තම ධනය ද, කීර්තිය ද, හොඳ නම ද පිරිහෙයි. පාප මිත්‍රයා තම යහලු මිත්‍රයින්ව ද සුරාවට සූදුවට කාම මිථ්‍යාචාරයට, බොරුවට, වංචාවට ඇද දමයි. නොහොඹිනා පාප ක්‍රියාවලට පොළඹවයි. පවිටු මිතුරන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, වැලි කැට කැට රැස් කොට බඳින වේයාගේ තුඹස බඳුව ද, මල නොපෙළා පැණි ගෙන බඳින මී වදය මෙන් ද හොඳ මිතුරන්ගේ ඇසුර ධන භෝග, සම්පත්, වර්ධනයට ඉවහල්වෙයි.

 

ගාලු හිනිදුම්පත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන සුපේෂල ශික්ෂාකාමී ගුණ යුතු මලිදුව අමරවංශ නාහිමිපාණන් වහන්සේ

“පූජාච පූජනීයානං” පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි. මලිදුව අමරවංස ස්වාමීන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පිදුම් කටයුතු ගුරු කටයුතු තෙර නමකි. ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර යන සංඝ සෝභන ගුණාංගයන්ගෙන් පිරි අපේ මලිදුව අමරවංස නායක ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක්වෙමින් වැඩ සිටින සරල සුගම අපිස් දිවියක් ගත කරන යතිවරයන් වහන්සේ නමකි. ඇත්තිලිගොඩ විදානගමගේ අන්ද්‍රයස් හා යසවතී නානායක්කාර යන දම්පතීන්ට දාව මෙලොව ජනිත වූයේ 1964 ජූලි මස 02 දින දී ය. පුරා කෘත පුණ්‍ය මහිමයෙන් දකුණුලක සම්භාවනීය භික්ෂූ පරපුරක් වන අගලකඩ සඟ පරපුරට අයත් හිග්ගොඩ දියලපේ ශ්‍රී සුධර්මාරාමාධිපති හුලන්දාවේ ශ්‍රී සුමන නා හිමියන් වහන්සේගේ හා මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරාධිපති හිග්ගොඩ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1977 මාර්තු මස 30 වැනි දින මලිදුව අමරවංස නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් විය. 1978 වර්ෂයේ දී මාතර මහා මන්තින්ද්‍රිය පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ කතානායකයන් වහන්සේ 1984 වර්ෂයේ මැයි මස 19 වැනි දින උපසම්පදා සීලයෙහි පිහිට වූහ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]