[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමයි - ජන දිවියයි : නපුරු සිහින දකිනවාද? ෙෙමත්‍රී සිත පුරුදු පුහුණු කරන්න

බුදු දහමයි - ජන දිවියයි :

නපුරු සිහින දකිනවාද?  මෛත්‍රි සිත පුරුදු පුහුණු කරන්න

සැබෑවෙන සිහින දෙවියන්ගේ බලපෑමෙන් වෙනවා යැයි බෞද්ධ විවරණ ග්‍රන්ථවල සඳහන් වන කරුණු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි.

අප මේ අවස්ථාවේ දී පෙන්වා දෙන්නේ පංච ඉන්ද්‍රියයන්ට විෂයය නොවන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සංකල්ප පැහැදිලි කිරීමේදී රූඪි වචනය වශයෙන් දේව යන වචනය භාවිත කොට ඇත. නිදසුනක් වශයෙන් යම් කෙනෙක් හමුවීමට නිවසින් පිටවනවාත් සමඟම එය ඉටුවේවි යැයි ක්ෂණිකව හැඟීමක් ඇතිවේ. එසේ නැතහොත් එය ඉටු නොවේ යැයි මනස චංචල වේ. ඒ සිතූ දෙය ඒ ආකාරයටම ඉටු වෙනවා හෝ ඉටු නොවෙනවා යන සිතිවිලි ඒ ආකාරයට ම ඉටුවිය හැකි ය. මෙම සිදුවන අවස්ථාව පැරැණි ග්‍රන්ථවල දේව කියන සංකල්පය ඔස්සේ විවරණය කර ඇත.

බුද්ධ දේශනා අනුව මෙය ධර්මතා අනුව සිදුවන්නක්.

මේ සම්බන්ධ ජාතක පොතේ සඳහන් සමුද්දවාණිජ ජාතකය නිදසුනක් වශයෙන් පෙන්වා දෙමු.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි වඩුවෝ දහසක් නැවක නැඟී මුහුදෙහි යන අතර සරුසාර දූපතකට ගොඩ බසී.

එහි විසූ එක් පුරුෂයෙක් මෙම දිවයින දෙවියන් පි‍්‍රය කරන දූපතක් යැයි පවසයි. කවුරුත් මළ මූත්‍ර ආදියෙන් අපවිත්‍ර නොකොට වාසය කළ යුතු යැයි අවවාද කරයි.

ඒ අනුව ක්‍රියා නොකළ වඩුවෝ දිනක් මත් පැන් පානය කොට මත්වී තැනින් තැන මළපහ කරයි. එයින් දෙවියෝ කිපෙයි. මුහුදු ජලයෙන් වනසා දැමීමට දෙවියන් තීරණය කරයි.

එක්තරා දෙවියෙක් පැමිණ ඒ කතාවේ සත්‍යයක් නැතැයි ප්‍රකාශ කරයි. පන්සියයක් පමණ වඩුවන් පෙර දේවතාවා දැක්වූ පරිදි නැව සූදානම් කරගනී. සෙසු පන්සිය දෙනා අනෙක් දෙවියන්ගේ වචනය පිළිගෙන සිටී. පසළොස්වක පොහොය දින මුහුද ගොඩගලා ඉතිරි පන්සියය දෙනා ජලයෙන් විනාශ වේ.

මෙම සමුද්දවානිජ ජාතකය 2004 වර්ෂයේ අප අත්විඳි සුනාමි තත්ත්වයම පැහැදිලි වන අවස්ථාවක්. අවස්ථා කිහිපයකින් මුහුදු ගොඩ ගැලූ බව එම ජාතකයේ සඳහන් වේ. සුනාමි යනු මේ සඳහා නූතනයේ භාවිත කළ වචනයයි. ජාතක කතාවේ ඌමී, සංස්කෘතයෙන් එය උර්මී නම් විය. වචන උච්චාරණය අනුව ජපන් සුනාමි වචනය පාලි වචනයට සමාන වේ.

මෙහිදී දෙවියන් වශයෙන් සඳහන් වන්නේ යම් ධර්මතාවක් මත මිනිසුන්ගේ සිත් තුළ ඇතිවු හෘදයංගමනීය අවස්ථාවක්. දින්නාගපාදයන්ගේ න්‍යාය බිංදුවේ අදහස් උදහස්වලින් කපාකොටා නොගත් හුදු ශුද්ධ සන්නිවේදන මාත්‍රය වශයෙන් මෙම තත්ත්වය පැහැදිලි කරයි.

ඇස, කන, නාසය ආදී වශයෙන් පසිඳුරන්ගෙන් ලබන අත්දැකීම් කාලාන්තරයක් තිස්සේ විවරණය වෙමින් තමන් නොසිතූ අතිශය බියජනක සිහින දකින්නට පුළුවන. එසේම සුන්දර පි‍්‍රයජනක සිහින දකින්නටත් පුළුවන. මේ පිළිබඳව අටුවා විවරණවල ගැඹුරින් සාකච්ඡාකොට ඇත.

එම නිසා කෙනෙක් දකින සිහින අමතක නොවන්නට පෙර සටහන් කර ගන්නේ නම්, එම සිහිනය දැකීමේ නිමිත්ත හෙවත් මුල අවස්ථාව සොයා ගත හැකි ය. නිදසුනක් වශයෙන් අසූව දශකයේ දී සෝකේ අසහාරා නැමැත්තා ඔපරා නාට්‍යයක අපායේ දෙන දඬුවම් නිරූපණය කළා. ඇතැම් විටෙක මනුෂ්‍යයන්ගේ බඩවැල් අත දමා ඇදගෙන කයි. වසර 15කට පමණ පසු පේ‍්‍රතයන් ඇවිත් , යමපල්ලන් ඇවිත් බඩවැල් ඇදගෙන මිනිසුන්ට වධහිංසා කරන ආකාරය මා සිහිනෙන් දුටුවා. අතිශය භයානක මේ සිහිනය දුටු විගස මා එය සටහන් කර තැබුවා. මේ පිළිබඳව පූර්ව අත්දැකීම් විමසීමේ දී ඉහත ඔපරාව සිහිපත් වුණා. එහි ප්‍රතිනිර්මාණයක් වශයෙන් අර සිහිනය අප දකින්නේ.

සිහින පිළිබඳව අතිශය බියට පත්වීම හෝ උද්ධාමයට පත්වීම අවශ්‍ය නැහැ. මෙවැනි සිහින ඔබත් දැකිය හැකියි. එම නිසා මෛත්‍රි සහගත සිත නැවත නැවත වැඩීම් වශයෙන් පුරුදු පුහුණු කිරීම වශයෙන් “න පාපකං සුපිනං පස්සතී නපුරු සිහින නොදකින බව අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වේ.

මෙම ලිපියෙහි මුල් කොටස මැදින් පුර පසළොස්වක පෝදා (17)පත්‍රයේ පළ විය.

මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]