[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අතීත මුතුන්මිත්තන්ගේ දස්කම් විස්කම් සපිරි අරන්කැලේ ආරණ්‍ය සේනාසන පුදබිම

හරිත පැහැයෙන් දිස්වෙන දොලුකන්ද කඳු වැටියේ එක් කන්දක් පාමුල අරන්කැලේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ.අතීතයේ මලියදේව මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් භික්ෂූන් වහන්සේ මෙහි වැඩසිටි බව සඳහන්‍ වේ. කටාරම් කෙටූ ලිපි සහිත ගල්ලෙන්වලට අනුව මෙහි සංඝාරාමයක් මුලින්ම ස්ථාපිත වූයේ ක්‍රි.පූ.2 - 1 අතර සියවස් අතර ය. ඓතිහාසික සාධක අනුව මෙම ආරණ්‍ය සේනාසනයේ ආරම්භය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් වේ.ගම්පොළ යුගය වනවිට මෙම පුදබිමෙහි ආගමික කටයුතු සිදුවූ බවට සාධක තිබේ.මහසෙන් රජුගේ පුත් ජෙට්ඨතිස්ස කුමරු විසින් ආරාම සංකීර්ණයක් කොට නිමවා ඇති බව ද සඳහන් වේ. අරන්කැලේ යන නම බිහිවූ ආකාරය ගැන ජනප්‍රවාදයේ මත කීපයක් පවතී. “ අරහතුන් වැඩ සිටි කැළය “ අරන්කැලේ වී ඇති බව එක් මතයකි.විශාල භික්ෂූන් වහන්සේ පිරිසකට වැඩ හිඳීම සඳහා ආරාම විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එලෙස “ ආරාමවලින් පිරුණු කැලය “ අරන්කැලේ වී ඇතිබව දෙවැනි මතයයි. “ගලේ දෙවිඳු තෙද පාමින් අරන් කැලේ - දිය යට සඟවලා යට කරපු රන් කළේ “ යනුවෙන් පැරැණි කවියක කොටසක් තිබේ. රන් කළය සැඟවූ කැලය පසුව අරන්කැලේ ලෙස ව්‍යවහාර වූ බව තෙවැනි මතය යි. අනුරාධපුර යුගයේ සද්ධාතිස්ස රජු,වලගම්බා රජු,බුද්ධදාස රජු,සිරිසඟබෝ රජු,පොලොන්නරු යුගයේ 1වැනි බුවනෙකබාහු රජු,6 වැනි පරාක්‍රමබාහු රජු,නිශ්සංකමල්ල රජු, ආදී මෙරට පාලනය කළ රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය මෙම බෞද්ධ සිද්ධස්ථානයට ලබා දී තිබේ.


මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]