[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජීවිතයට සැලසුමක් තිබෙනවා නම් අමිල ධන නිධාන මතු කර ගන්න පුළුවන්

ඉවත දමන දඬුව වුව දලු ලා යළි පැළවෙන මේ රන් දෙරණේ සාරවත් මහ පොළොව අමතක කර පිටරටට දත නියැවීම කොතරම් අමනෝඥ ද? ගෙදර ප්‍රධානියා ප්‍රමාදයට,මත් බවට හේතුවන රහමෙර බීමෙහි යෙදුණු කල ඔහුගේ නැණ නුවණ මොටවෙයි. ධනය විනාශවෙයි. දින දින දිළිඳුබවට පත්වෙයි. එකිනෙකා අතර සුහදබව බිඳගෙන කලහ වඩවා ගනියි. ධනය සේ ම ආරෝග්‍ය සම්පතින් පිරිහෙන මත් ලෝලියා විගස අවනතියට ගමන් කරයි. සමාජයේ ගර්හාවට ලක්වෙයි. හේතු නැතිව ඇතැම්හු මහමඟ ඇවිදිති. කෙනෙක් නිවසින් බැහැරවිය යුත්තේ යම් අත්‍යවශ්‍ය කරුණකට ම ය. කරුණු සලකා තෝරා බේරාගෙන ගමන් බිමන් යාම එදාට සේ ම අද කලට ද බෙහෙවින් ම වටිනේ ය. අවේලාවේ වීථි සැරිසැරීමෙන් තම දේපළ ද, ධනය ද, තමාසේ ම තම දරු පවුල ද අනාරක්ෂිත වෙයි. නිතර නිතර නෘත්‍ය දර්ශනාදියෙහි ඇලීමෙන් ද වටිනා කාලය ධනය හා වැදගත් වැඩකටයුතු කිරීමේ අවස්ථාව ද මඟ හැරෙයි. තම නැණ නුවණ උත්සාහය ශ්‍රමය කෙරෙහි විශ්වාසය නොතබා කෙටි මං වලින් ධනවතුන් වීමට ඇතැම්හු සූදු කෙළිති. එදා මෙන් අද ද එබඳු අය තම ධනය වාෂ්ප කරගෙන දුකට පත්වෙයි. දියුණුව බලාපොරොත්තු වන්නාට පාප මිත්‍ර සේවනය ද බලවත් අනතුරෙකි. ඉන් තම ධනය ද, කීර්තිය ද, හොඳ නම ද පිරිහෙයි. පාප මිත්‍රයා තම යහලු මිත්‍රයින්ව ද සුරාවට සූදුවට කාම මිථ්‍යාචාරයට, බොරුවට, වංචාවට ඇද දමයි. නොහොඹිනා පාප ක්‍රියාවලට පොළඹවයි. පවිටු මිතුරන්ගෙන් ඈත්ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, වැලි කැට කැට රැස් කොට බඳින වේයාගේ තුඹස බඳුව ද, මල නොපෙළා පැණි ගෙන බඳින මී වදය මෙන් ද හොඳ මිතුරන්ගේ ඇසුර ධන භෝග, සම්පත්, වර්ධනයට ඉවහල්වෙයි. සිඟාල මානවකයාට දෙසූ දහම් පද මිහිඳු මහ තෙරණුවෝ අපේ මුතුන්මිත්තනට මොනවට කියා දුන්හ. එනිසාම එහි ආලෝකය හෙළයන්ගේ රුධිරයට ම කිඳාබැස්සේ ය.


මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]