[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාලු හිනිදුම්පත්තුව අැතුළු මාතර පළාෙත් ප්‍රධාන සංඝනායක පදවිෙයන් පිදුම් ලබන සුෙප්ෂල ශික්ෂාකාමී ගුණ යුතු මලිදුව අමරවංශ නාහිමිපාණන් වහන්ෙස්

ගාලු හිනිදුම්පත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන සුපේෂල ශික්ෂාකාමී ගුණ යුතු මලිදුව අමරවංශ නාහිමිපාණන් වහන්සේ

“පූජාච පූජනීයානං” පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි. මලිදුව අමරවංස ස්වාමීන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පිදුම් කටයුතු ගුරු කටයුතු තෙර නමකි.

ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර යන සංඝ සෝභන ගුණාංගයන්ගෙන් පිරි අපේ මලිදුව අමරවංස නායක ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක්වෙමින් වැඩ සිටින සරල සුගම අපිස් දිවියක් ගත කරන යතිවරයන් වහන්සේ නමකි.

ඇත්තිලිගොඩ විදානගමගේ අන්ද්‍රයස් හා යසවතී නානායක්කාර යන දම්පතීන්ට දාව මෙලොව ජනිත වූයේ 1964 ජූලි මස 02 දින දී ය.

පුරා කෘත පුණ්‍ය මහිමයෙන් දකුණුලක සම්භාවනීය භික්ෂූ පරපුරක් වන අගලකඩ සඟ පරපුරට අයත් හිග්ගොඩ දියලපේ ශ්‍රී සුධර්මාරාමාධිපති හුලන්දාවේ ශ්‍රී සුමන නා හිමියන් වහන්සේගේ හා මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරාධිපති හිග්ගොඩ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1977 මාර්තු මස 30 වැනි දින මලිදුව අමරවංස නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් විය.

1978 වර්ෂයේ දී මාතර මහා මන්තින්ද්‍රිය පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ කතානායකයන් වහන්සේ 1984 වර්ෂයේ මැයි මස 19 වැනි දින උපසම්පදා සීලයෙහි පිහිට වූහ.

රුහුණු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් 1995 වර්ෂයේ දී ශාස්ත්‍රපති උපාධිය ද, 1997 වර්ෂයේ දී ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද දිනා ගත් නාහිමියෝ 1990 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ගුරුවරයකු, නියෝජ්‍ය විදුහල්පතිවරයකු, විදුහල්පතිවරයකු ලෙස වසර තිහක් සේවය කළහ.

විචිත්‍ර ධර්ම කථික හිමි නමක් ලෙසින් දක්ෂ පක්ෂකම් ඇති පි‍්‍රයශීලී ධර්මාචාර්යවරයකු ලෙසත්, ගුරුවරයකු ලෙසත්, මානව හිතවාදියකු ලෙසත් කාර්යබහුල අධ්‍යාපනික ශාසනික ජාතික මෙහෙවරක නියැළෙමින් ස්වකීය විහාරස්ථානය සකලාංග සම්පූර්ණ දර්ශනීය රමණීය විහාරස්ථානයක් බවට පත් කරන්නට ඉතා කෙටි කලක දී හැකි වූයේ උන්වහන්සේ සතු ඤාණ ශක්තිය, බුද්ධි ශක්තිය මෙහෙයවා ඇප කැප වී ක්‍රියා කළ නිසා ය.

මලිදුව විජයාරාම පුරාණ විහාරස්ථානය සොබා සෞන්දර්යයෙන් අනූන මනස්කාන්ත කඳු ගැටයක් මත පිහිටා ඇති රමණීය විහාරස්ථානයකි.

2011 වර්ෂයේ ජූලි මස 18 වැනි දින මෙකී රමණීය විහාරස්ථානයේ අමරවංස නාහිමියෝ විහාරාධිපති ධුරයට පත් වූහ.

එතැන් පටන් විහාරස්ථානයේ අඩුපාඩුව පැවති නව විහාර අංග වන දෙමහල් ධර්ම ශාලා දහම් පාසල් ගොඩනැඟිල්ල, බුද්ධ මන්දිරය, අටවිසි බුද්ධ මන්දිරය, වාහල්කඩ, වලාකුළු බැම්ම, මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව, අවුකන බුද්ධ ප්‍රතිමා ආකෘතිය ආදී විහාරාංගයන් ඉතාමත් කෙටි කලක් තුළ නිම කළ අමරවංස හිමියෝ විශාල ධනස්කන්ධයක් වැයකොට විහාර මන්දිරයේ ආරක්ෂාව පිණිස විශාල ප්‍රාකාරයක් ද ඉදි කරන ලදී.

නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ලබුහේන්ගොඩ සුගතවංස හිමිගේ ධන පරිත්‍යාගයෙන් දෙමහල් සංඝවාසය සහිත දාන ශාලාව ඉදි කිරීම සුවිශේෂී ය.

ත්‍රිපිටක පාලියේ දේවදූත සූත්‍රය, ඛග්ගවිසාණ සූත්‍රය, නිමි ජාතකය ආදී සූත්‍ර ධර්මයන්හි සඳහන් වන අපාය සංකල්පය හුදී ජනයන්ට අවබෝධ කරවනු වස් අමරවංස නාහිමියෝ ගත් අප්‍රතිහත ධෛර්ය කෙතෙක් දැයි මලිදුව විජයාරාම විහාරස්ථානයේ මෑත භාගයේ ඉදිකළ ‘අපාය’ තුළින් මැනවින් පැහැදිලි වේ.

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රතිමා මෙම විහාරයට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ ශ්‍රද්ධාව ඇති කරලීමට සමර්ථ ය.

1990 වර්ෂයේ ශ්‍රී විජයානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරයට පත් නාහිමියෝ ගුණ නැණ දෙකෙන් පිරිපුන් දහස් ගණන් සිසු දරුවන්ගේ දෙනෙත් පාදමින් ප්‍රදේශයේ කීර්තිමත්ම දහම් පාසල පවත්වාගෙන යමින් කරනු ලබන ලෝක ශාසනික මෙහෙවර අගනේ ය. අකුරැස්ස ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය බෝපාගොඩ පඤ්ඤාරතන හිමි, කැටන්විල බෝධිරතන හිමි, උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ය.

විද්වතා ලෝකයේ සෑම තැනක දී ම පිදුම් ලබන්නේ ය. එබැවින් අපේ මලිදුව අමරවංස නායක ස්වාමීන් වහන්සේ ලෝකයේ විවිධ රටවල සංචාරය කළ අතර ලෝක තරුණ බෞද්ධ සංගමයේ දකුණු පළාත් සභාපති ධුරය ද හොබවමින් ස්වකීය වගකිව යුතු කටයුතු දැන උගත් බහුශ්‍රැත හිමිනමක් ලෙස ඉටු කරනු ලබයි.

ලොව හිත සුව පිණිස ධර්ම ශාස්ත්‍රීය සමාජ සංස්කෘතික මෙහෙය ඉටු කරන සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත යතිවරයන් වහන්සේ නමක් ලෙස සසුන් කෙත ඒකාලෝක කරන මලිදුව අමරවංස හිමිපාණන්ගේ උදාර ජීවන ගමන තුළින් විශිෂ්ට ඤාණය, ශූරභාවය, සම්පත්තිය, ආර්ය ගුණ, සමන්වාගතව ක්‍රියා කරන බව ආදී ගුණාංගයන් ඇති හෙයින් ගිහි පැවිදි සැමගේ ගෞරවයට හේතු වී ඇත.

මලිදුව අමරවංස හිමියෝ මලිදුව ශ්‍රී විජයාරාම විහාරස්ථානය ඒකාලෝක කරමින් මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොව ලක්දිව නන් දෙස සිය දහස් දරු දැරියන්ගේ භාෂා ශාස්ත්‍ර ඥාන වර්ධනය පිණිස කළ මෙහෙවර, කරන මෙහෙවර ප්‍රශස්ත ය. සිංහල භාෂා ඥානය, ව්‍යාකරණ ඡන්දස් අලංකාර පිළිබඳ හසල දැනුමකින් යුතුව කටයුතු කරන මුන් වහන්සේ වර්තමාන භික්ෂු පරපුරට ද පරමාදර්ශී චරිතයකි.

ප්‍රවචන කීර්ති ශ්‍රී විමලවංස යන ගෞරව නාම සහිත ගාලු හිනිදුම් පත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කල්‍යාණ මිත්‍ර අභිනව නායක ස්වාමීන් වහන්සේට ශත වර්ෂාදී කාලයක් සසුන් වැඩ වඩන්නට දළදා හාමදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා'යි ඉත සිතින් ආශීර්වාද කරන්නෙමි.

මැදින් අව අටවක පෝය

මාර්තු 25 සිකුරාදා පූර්වභාග 00.11 අව අටවක ලබා එදිනම අපරභාග 10.06 ගෙවේ.
25 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]