[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමීම

 

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

බොදු සංස්කෘතියේ අභිමානවත් පෙළහර: කොළඹ නවම් මහා පෙරහර

නවම් මගේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන එක් සුවිශේෂ කරුණක් වේ. ඒ කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන කොළඹ නවම් මහා පෙරහර පිළිබඳව යි. කොළඹ ගංගාරාම විහාරය මඟින් සංවිධානය කරනු ලබන කොළඹ නවම් මහ පෙරහර මේ මස 15 සහ 16 දිනයන්හි රාත්‍රී 7.00 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එය 43 වැනි වරට මෙවර ද සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානයන්ට අනුකූලව මහජන සහභාගිත්වයෙන් තොරව වීදි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. කොළඹ ගංගාරාමය කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ද, උන්වහන්සේගේ නම කී පමණින් ගංගාරාමය ද සමඟ නවම් මහා පෙරහර ද දෙස් විදෙස් සැදැහැවතුන්ට අමතක කළ නොහැකි ය. ගංගාරාමයේ නවම් මහ පෙරහර කොළොම්තොටට අලංකාරයක් එක්කරන මහා සංස්කෘතික දායාදයකි. අතීතයට, වර්තමානයට සේ ම අනාගත පරපුරට ද ඒ වටිනාකම්වල අගය මිල කළ නොහැකි ය. ගංගාරාමයේ නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ය. ඒ ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ය. ගංගාරාමය යම් අභිවෘද්ධියක් දියුණුවක් ලබා ඇතිනම් ඒ පොඩි හාමුදුරුවන්ගේ උත්සාහ ය, කැපකිරීම මෙන්ම අධිෂ්ඨානශීලිබවේ ප්‍රතිඵලයකි. උන්වහන්සේගේ මනසෙහි ඇඳි මෙම උදාර අදහස මල්පල ගැන්වෙමින් කොළඹ නවම් මහා පෙරහර ආරම්භ විය. කොළඹ නවම් මහා පෙරහර තුනුරුවන් උදෙසා පවත්වනු ලබන පූජෝපහාරයක් වේ. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීමත්, බුදුරජාණන් වහන්සේ ගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහිකොට සදහම් පුස්තක වැඩම කරවීමත් සුවිශේෂි කරුණු අතර වේ.

පෑන මෙහෙයවා ජාතියක් අවදි කළ නිදහස් අරගලයේ අභිමානවත් සලකුණ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණ

අපේ රටට නිදහස ලබා ගැනීමට ප්‍රමුඛව කටුතු කළ, මෙරට ප්‍රථම හා විශාලතම පුවත්පත් ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් වූයේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමා උගත්, බුද්ධිමත් ජාති හිතෛෂි, නිර්මාණශීලි හා මනා සංවිධානාත්මක හැකියාවකින් හෙබි ජනහිතකාමියෙකි. දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙසින් එතුමා උපත ලබා ඇත්තේ 1886 පෙබරවාරි 23 වැනිදා ය. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විදුහලෙනි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් සරසවියේ උසස් අධ්‍යාපනය ලද ඩී. ආර්. විජයවර්ධන මහතා 1912 දී යළිත් මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. මෙරටට පැමිණ වෘත්තිය ලෙස නීති අංශය හෝ තම පිය පාර්ශ්වයේ සාම්ප්‍රදායික ව්‍යාපාර ඉදිරියට ගෙන යාමෙන් පහසු ජීවිතයක් ගත කළ හැකිව තිබුණ ද , විජයවර්ධන මහතා එම පහසු මං තෝරා ගත්තේ නැත.

 

අගසව් පදවි පිරිනැමූ නවම් පෝද

නවම් මහේ එළැඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහිලා සදාඅනුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ. මහා සංඝ සම්මේලනයක් : බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලුලා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදුසමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කර ගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේලාගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙම භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම්පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ 1000 ක භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ 250 ක භික්ෂු පිරිස ද යන 1250 ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය.

 

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිත පිරිසුදු කර ගැනීමටයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියොදපනං - එතං බුද්ධානු සාසනං, “පින්වත්නි, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. අප බුදුරජාණන් වහන්සේ පෙර ලොව පහළ වු විපස්සී, සිඛී, වෙස්සභූ,කකුසඳ,කෝනාගමන, කස්සප යන මෙම බුදුරජාණන් වහන්සේලාගේ විස්තර දේශනා කරති. එසේ නම් එම බුද්ධ දේශනාවල ආ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාමොක් දෙසීමාදියෙහි වෙනසක් ඇත්දැයි ආනන්ද හිමි බුදුරදුන්ගෙන් විචාළේ ය. “ආනන්ද” කාල වශයෙන් වෙනසක් ඇතත් දේශනාවල වෙනසක් නැතැයි විස්තරකොට මෙම ගාථාව ඇතුළු ගාථා තුනක් ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් දේශනා කොට වදාළ සේක. සියලු පව් නොකිරීම ද, කුසල් රැස්කිරීම ද, සිත පිරිසුදු කිරීම ද යන මෙය සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි. අප බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වූ දා සිට “අනේක ජාති සංසාරං” යන ගාථාවේ පටන් පිරිනිවන් මංචකයේ දී අවසාන වශයෙන්” වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන දේශනාව...

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]