[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක 2022-02-16

පමණ දැන ගතයුතු ආහාරය

බුදුරජාණන් වහන්සේගේ දේශනා මරණින් මතු ජීවිතය ගැන පමණක් නියෝජනය නො කරයි. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත්, පරමායුෂ වින්දනයටත්, ගිහි ජීවිතයේ සමෘද්ධිය ආදියත් උගන්වයි.

ලොව උපත ලබන සැම සත්වයෙක් ම රසවත් ආහාර ලැබීමටත්, භුක්ති විඳීමටත් කැමැති ය.

සිංහයා, කොටියා වැනි මාංශ භක්ෂක සතුන් අමු මාංශ අනුභවයට ගිජු ය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ දිවි පරදුවට තබා කටයුතු කරයි.

ශාඛ භක්ෂක සතුන් අලුත් තණ කොළ හෝ හරිත වර්ණයෙන් පිරුණු ශාඛ අනුභවයට ගිජු ය. ඔවුහු ද තම ජීවිතය පවා නොතකා රසවත් ආහාර ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරති. ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා ගිරව් ආදි කොටගත් පක්ෂීහු ද තම ජීවිතය කොපමණ බිහිසුණු උගුලක සිරවුවත් ආහාර වෙනුවෙන් කටයුතු කරති.

මනුෂ්‍යාත්මය ලබන පුද්ගලයාගේ රුචි අරුචිකම් වෙනස් ය. ඇතැම්හු මාංශවලටත්, තවත් අයෙක් ධාන්‍ය වර්ග, පලා වර්ග, පලතුරු, පාන වර්ග, විවිධ රසකාරක නිෂ්පාදන ආදියට ලොබ බඳීති. ඒවා ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරති. බුදුරජාණන් වහන්සේ එම තත්ත්වයෙන් ඈත්වීමට හඳුන්වා දුන්නේ “භෝජනයෙහි මාත්‍රඥතාව” යි. ආහාරය පාලනය කර ගැනීම දෙලොවට ම උපකාර වන බව පෙන්වා දෙමින් උන්වහන්සේ ධර්ම කරුණු පහදා දී ඇත.

එය බුදුරජාණන් වහන්සේ පුරුදු පුහුණු කළ, අත්දැකීමෙන්ම ප්‍රතිඵල ලත් ධර්ම කරුණකි. මෙය පසළොස් චරණ ධර්මවලට අයත් වන්නෙකි. ජීවත්වීම පිණිස ආහාර ගත යුතු බවත්, ආහාර ගන්නා සැම අවස්ථාවක ම භෝජනයෙහි කොපමණ රසවත් ආහාර තිබුණත්, තවත් බත් පිඬු හතරක් පහක් ගැනීමට හැකි වන අයුරින් කුසෙහි ඉඩ තබා ගත යුතු බවත් දේශනා කර ඇත. කොසොල් රජතුමා එක් ආහාර වේලක දී ද්‍රෝණයක බත් සහ ව්‍යංඤ්ජන අනුභව කළ බව සංයුක්ත නිකායේ ද්‍රෝණ සූත්‍රයේ සඳහන් ය. එයින් මහත් දුකක්, වේදනාවක් වින්ද බවත් සඳහන් වෙයි.

තව ද ආහාර ගැනීමේ දී ඇතැම් පුද්ගලයෝ එවැනි ගිජු බවක් ආහාර ගැනීමේ දී නො කළ යුතු බව දේශනා කරමින් භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා සිව්වනක් පිරිසටම “භෝජනයෙහි මාත්‍රඥතාව” දේශනා කර තිබේ.

මෙය බෞද්ධයාට පමණක් සීමා වුණු ධර්ම කරුණක් නොවේ. සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට සියලුම මනුෂ්‍යයන් වෙත දේශනා කළ ධර්මයකි. ආහාර ගත යුතු වන්නේ ශරීරය පවත්වාගෙන යාම පිණිස ය. එනම් කුස ගින්න නිවා ගැනීමට ය. එහෙත් නූතන ලෝකයේ ජීවත්වන ඇතැම්හු විවිධ විනෝද අවස්ථා වෙනුවෙන්, ශරීර ශක්තිය වැඩි කර ගැනීමට, ශරීර මාංශ වැඩි කර ගැනීමට, රූපාලංකාරය වැඩිකර ගැනීමට සහ ආහාරයේ කෑදරකමට ආහාර ගනිති. එයින් සිදු වන්නේ තවතවත් දුකට පත්වීම සහ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමයි. එබැවින් රෝගපීඩාවලින් තොර, මෙලොව පරලොව සාර්ථක වන මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමට නම් ආහාරයෙහි පමණ දැන කටයුතු කිරීම වැදගත් ය.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]