[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා හිමි රැකවරණින්
රෝ දුක් බිය දුරු වේවා!

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 

කලාකරුවන් ජෛව බුබුළක් ලෙස පවත්වා ගනිමින් මෙවර ඇසළ පෙරහර ආරක්ෂිතව සිදු කරනවා - ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේ තුමා

හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 09 දින සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය.ප්‍රථම කුඹල් පෙරහර 13 දා වීදී සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 17 දින ය.අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින වීදී සංචාරය කිරීමට නියමිත ය. කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන් 65 දෙනෙකු පමණ සහභාගී වෙමින් දින එකොළහක් පුරා පවත්වාන්නා වූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත.එක් පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුව ද තවත් පසෙකින් මෙය දළදා සමිඳුන් උදෙසා මෙන්ම සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි.පැරණි රජ දවස පටන් රාජ්‍යය අනුග්‍රහය ලබමින් පැවැත්වූ පෙරහැර මංගල්‍යය අදද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි.ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 17 වන වරට ය.මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාක්ච්ඡාවකි මේ...

රාජධානියෙන් රාජධානියට දළදා සමිඳුන් උදෙසා පැවැත්වූ පෙරහර අසිරිය

සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර පෙරහර මංගල්ලය වූ කලි ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සලකන පරම පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි මහත් ශ්‍රද්ධා භක්තියෙන් ඉෂ්ඨ සිද්ධ කරනු ලබන උත්තම පූජෝපහාර මංගල්ලයෙකි. මෙම අසිරිමත් පෙරහර මංගල්ලයේ ආරම්භය අනුරපුර කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයෙහි ක්‍රි.ව. 310 වැන්නේ දී සිදුවූ බව දාඨා වංශය, මහාවංසය ආදී මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. මේ පිළිබඳ සජීවී තොරතුරු රැසක් පස්වන සියවසේ දී පමණ මෙහි පැමිණි චීන ජාතික ෆාහියං භික්ක්ෂුවගේ දේශාටන වාර්තාවෙහි විස්තර වේ. එහි එන තොරතුරුවලට අනුව ඇතෙකු පිට නැඟි, රාජ ඇඳුම් ලාගත් රාජ පුරුෂයකු දළදා පෙරහරට හා ප්‍රදර්ශනයට දස දිනකට පෙරාතුව අණබෙර ගැසීමෙන් මෙසේ විස්තර කරයි. “පින්වතුනි, අද සිට දින දහයක් ගිය තැන බුදුන් වහන්සේගේ දන්ත ධාතුව පිටතට ගෙන අභයගිරි විහාරය කරා වැඩම කරවනු ලැබේ. පින් රැස්කර ගැනීමෙහි කැමති ගිහි පැවිදි සියල්ලෝ මං සම කෙරෙත්වා. නුවර කෝවේ මාවේ සරසත්වා. හැකි හැම අයුරකම සුවඳ දුම් මල් ඈ පූජා ද්‍රව්‍ය පිළියෙල කර ගනිත්වා”යි සන්නිවේදනය කරයි. පෙරහර ගමන් ගන්නා මඟ බුදුන් වහන්සේගේ බෝධි සත්ව චරිතයෙහි එන ජාතක කතා පිළිබඳ සිතුවම්, ප්‍රතිමා රූපයන් මග දෙපස තැන්පත් කළ බව දැක්වෙයි.

 

ප්‍රථම ධර්ම සංගායනාව ඇරඹි නිකිණි පෝදා

ශාසනික වශයෙන් සදාඅනුස්මරණීය ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම නිකිණි පොහොය දිනෙක ආරම්භ වී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම. ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟ හැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන් ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු ඒ අතර ප්‍රධානය. විනය පිටකයෙහි චුල්ලවග්ග පාලියෙහි පංචසතිකක්ඛන්ධකයෙහි ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ වූ වාර්තාව හමු වෙයි. එහි සඳහන් වන පරිදි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ඇවැත්නි, මම එක් සමයෙක පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා ද සමඟ පාවා නුවරින් කුසිනාරා නුවර කරා දිවෙන දීර්ඝ මාර්ගයට පිවිසුනෙමි. ඉක්බිතිව මම මඟින් ඉවත්ව ගසක් මුල හුන්නෙමි. එහිදී එක්තරා ආජීවකයෙක් මදාරා මලක් අතින් ගෙන කුසිනාරා නුවර සිට පාවා නුවර කරා දිවෙන මෙකී මාර්ගයට ම පිවිසියේ ය. පැමිණෙන්නා වූ එම ආජීවකයා මම දුරදීම දුටුවෙමි. දැක මෙසේ කීමි. ඇවැත්නි. අප ගේ ශාස්තෘන් වහන්සේ දන්නෙහිද? එසේ ය. දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසෙකි.ම විසින් මෙම මදාරා මල එතැනින් ගන්නා ලදී.

 

සෙංකඩගලපුර ඇසළ පෙරහර වරුණ

ශ්‍රද්ධාභිලාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන්නේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ය. මේ අතිඋත්තම ධාතූන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු උන්වහන්සේට කළයුතු වතාවත් හා පුද පූජාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් පෞරාණික ”දාඨාවංස” ආදී වංශ කථාවන්හි සටහන් ව ඇත. සෙංකඩගල පුරවරයට දළදා වහන්සේ වැඩමවීත් සමඟ ම හින්දු පුද පූජා චාරිත්‍රයන් ද සමඟ සංකලනය වෙමින් දළදා පූජාවන් පැවැත්වීම ආරම්භ වේ. ඒ අනුව වර්තමානයේ දළදා වහන්සේ උදෙසා අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය, (වෙසක්, පොසොන්, ඇසළ) පෙරහර මංගල්‍යය ආදි උත්සවයන් පත්වනු ලැබේ. වාර්ෂිකව සිදුකරනු ලබන මෙම සතර මංග්‍යයන් අතුරෙන් ඇසළ පෙරහර මංගල්‍යයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. වාර්ෂිකව සිදුකරනු ලබන මෙම පෙරහර මංගල්‍යයට සහ සම්බන්ධවන පාරම්පරික කලාකරුවෝ, ප්‍රභූවරු මෙන්ම සැදැහැවත් බෞද්ධ ජනතාව පෞද්ගලික හා පොදු අපේක්ෂාවන් පෙරදැරිව පෙළගැසෙති. ඇතැම් ස්වාමියෝ තම අලි ඇතුන් ද භාරහාර උදෙසා සහභාගි කරවති. හින්දු ජනතාව මෙන් ම වැදි ජනතාව ද තම පෞරාණික චාරිත්‍රයන් ඉටුකරමින් මෙම ඇසළ පෙරහරට සම්බන්ධ වීම විශේෂත්වයකි. මෙරටට දළදා වහන්සේ වැඩමවන්නේ ථේරීය සම්ප්‍රදායට අනුගත මහාවිහාරය හා මහායාන සම්ප්‍රදායට අනුගත අභයගිරි විහාරය අතර ජනප්‍රසාදය උදෙසා යම් උත්සාහයක් පවත්නා කාලවකවානුවක ය. එහිදි දළදා වහන්සේගේ භාරකාරත්වය හිමිකර ගනු ලබන්නේ අභයගිරි භික්ෂූන් ය. එයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයක් එකල රජ කළ ශ්‍රී මේඝවර්ණ රජතුමාගෙන් ලැබේ. ශාසනික සම්ප්‍රදායන්හි පිළිගැනීම් පිළිබඳ යම් යම් පරස්පරතාවයන් තිබුණ ද දළදා වහන්සේ උදෙසා කළයුතු පුදපූජා කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට මේ විහාර පාර්ශව දෙකම එකට අත්වැල් බැඳගත් බවක් පෙනේ.

 

සමාදන් වූ සිල් බිඳීමෙන් පව් සිදුවෙනවා ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ පදනම සීලයයි. පැණවත් මිනිසකූ සීලයේ පිහිටා සමාධිය, ප්‍රඥාව වඩමින් සියලු අවුල් නිරවුල් කරන්නේයැ’යි සිදු කළ දේශනාව පදනම් ව ආචාර්ය බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ රචිත විසුද්ධි මග්ගය සීලය පිළිබඳ ථේරවාදී සවිස්තර අර්ථ කථා අතරින් උසස් ම කෘතියයි. මෙම දේශනයට පදනම් වු ගැටලුව ගැන නොසලකා සීලය පිළිබඳ විස්තර වශයෙන් දැක්වීම ප්‍රයෝජනයක් නැත. බුද්ධිමත් , උගත් , දෙවියෙක් ව්‍යවහාරික භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ගැටලුව සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ 23 ජටා සූත්‍රයේ සඳහන් ය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා - තං තං ගෝතම පූචඡාමි කෝ ඉමං විජටයේ ජටං . ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. ප්‍රජාව (මිනිස්සූ) අවුල්වලින් වෙළී සිටිති. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කර ගත්නේ ද ? ඒ අනුව මිනිසාට බලපාන සන්තානගත ගැටලු සහ සමාජගත ගැටලු මෙහි “ජටා” නම් වෙයි . ඒ සියල්ල විසඳීමට සීලය පදනම් වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමයි. මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින් වහන්සේ මෙසේ ලියති. සීලය වනාහී බුදුන් වහන්සේගේ ධර්මයේ පදනම වන අප්‍රමාණ මෛත්‍රියත් , මහා කරුණාවත් මත ගොඩනඟන ලද්දකි. බුද්ධ ධර්මය ගැන කතා කරන , පොත් පත් ලියන බොහෝ උගතුන් උන්වහන්සේගේ ධර්මයේ මේ උතුම් අදහස අමතක කර දමා ශූෂ්ක දාර්ශනික විචාරවලට බැසීම සංවේග ජනක ය. මේ ප්‍රකාශයෙන් හෙළිවනුයේ දැඩි අන්තවාදී හා දුෂ්කර චර්යාවන් ලෙස සීලය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම සීලය සඳහා සිත යොමු කරන සැදැහැවතුන් තවත් අවුලකට පත් කරන බවයි. කරුණාවෙන් හා මෛත්‍රියෙන් තොර කිසිම ආධ්‍යාත්මික සංවර්ධනයක් නැත .සීලය යනු, කය වචන තුළ ඇති කරන හික්මීමයි. මෙහි දී ලෞකික සීල, ලෝකෝත්තර සීල නම් ප්‍රභේදයක් වෙයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]