[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රාජධානියෙන් රාජධානියට දළදා සමිඳුන් උදෙසා පැවැත්වූ පෙරහර අසිරිය

සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර පෙරහර මංගල්ලය වූ කලි ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සලකන පරම පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි මහත් ශ්‍රද්ධා භක්තියෙන් ඉෂ්ඨ සිද්ධ කරනු ලබන උත්තම පූජෝපහාර මංගල්ලයෙකි. මෙම අසිරිමත් පෙරහර මංගල්ලයේ ආරම්භය අනුරපුර කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයෙහි ක්‍රි.ව. 310 වැන්නේ දී සිදුවූ බව දාඨා වංශය, මහාවංසය ආදී මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. මේ පිළිබඳ සජීවී තොරතුරු රැසක් පස්වන සියවසේ දී පමණ මෙහි පැමිණි චීන ජාතික ෆාහියං භික්ක්ෂුවගේ දේශාටන වාර්තාවෙහි විස්තර වේ. එහි එන තොරතුරුවලට අනුව ඇතෙකු පිට නැඟි, රාජ ඇඳුම් ලාගත් රාජ පුරුෂයකු දළදා පෙරහරට හා ප්‍රදර්ශනයට දස දිනකට පෙරාතුව අණබෙර ගැසීමෙන් මෙසේ විස්තර කරයි. “පින්වතුනි, අද සිට දින දහයක් ගිය තැන බුදුන් වහන්සේගේ දන්ත ධාතුව පිටතට ගෙන අභයගිරි විහාරය කරා වැඩම කරවනු ලැබේ. පින් රැස්කර ගැනීමෙහි කැමති ගිහි පැවිදි සියල්ලෝ මං සම කෙරෙත්වා. නුවර කෝවේ මාවේ සරසත්වා. හැකි හැම අයුරකම සුවඳ දුම් මල් ඈ පූජා ද්‍රව්‍ය පිළියෙල කර ගනිත්වා”යි සන්නිවේදනය කරයි. පෙරහර ගමන් ගන්නා මඟ බුදුන් වහන්සේගේ බෝධි සත්ව චරිතයෙහි එන ජාතක කතා පිළිබඳ සිතුවම්, ප්‍රතිමා රූපයන් මග දෙපස තැන්පත් කළ බව දැක්වෙයි.


නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]