[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

යළි පිබිදෙන කූරගල පුදබිම :

අසහාය නිමැවුමක් ජාතියට අභිමානයක් හෙට දිනේ සිල් සුවඳ හමා යන පින්බිමක්

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි

වසර දහස් ගණනක ඉතිහාසයකට නෑකම් කියන කූරගල මහා පුදබිම පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කූරගල ග්‍රාම නිලධාරී වසමේ ය. ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් ශිලා ලේඛන මෙම පුදබිමේ පෞරාණික බව හා ශාසනික සම්බන්ධතාවය මොනවට හෙළි කරයි. කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ගිය, අන්‍ය ලබ්ධිකයන් පිරිසකගේ ග්‍රහණයට හසුව බෞද්ධ උරුමයන් විනාශ වෙන්නට ගිය උදාරතර පින්බිමක් යළිත් ප්‍රතිනිර්මාණය වී සැදැහැවත් බොදු දනන්ගේ වන්දනාමානයට පත්වන දිනය, දම් සුවඳින්, සිල් සුවඳින් සුගන්ධවත් වන දිනය වැඩි ඈතක නොවේ. ඒ, මහා වන බිමක, වසර දෙදහස් දෙසීයකටත් එහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුම කියන කූරගල මහා පුදබිමයි. සසුන් වැඩ කැමැති සංඝ පීතෘන් වහන්සේගේ, බෞද්ධ ගිහි සුධීමතුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් මේ මහා පුදබිම් යළි පිබිදෙමින් සිටී. එහි වත්මන් නියමුවාණන් වහන්සේ, නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ ලෙස අප හඳුනන අපේ වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ය.

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]