[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සමාදන් වූ සිල් බිඳීමෙන් පව් සිදුවෙනවා ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ පදනම සීලයයි. පැණවත් මිනිසකූ සීලයේ පිහිටා සමාධිය, ප්‍රඥාව වඩමින් සියලු අවුල් නිරවුල් කරන්නේයැ’යි සිදු කළ දේශනාව පදනම් ව ආචාර්ය බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ රචිත විසුද්ධි මග්ගය සීලය පිළිබඳ ථේරවාදී සවිස්තර අර්ථ කථා අතරින් උසස් ම කෘතියයි. මෙම දේශනයට පදනම් වු ගැටලුව ගැන නොසලකා සීලය පිළිබඳ විස්තර වශයෙන් දැක්වීම ප්‍රයෝජනයක් නැත. බුද්ධිමත් , උගත් , දෙවියෙක් ව්‍යවහාරික භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ගැටලුව සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ 23 ජටා සූත්‍රයේ සඳහන් ය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා - තං තං ගෝතම පූචඡාමි කෝ ඉමං විජටයේ ජටං . ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. ප්‍රජාව (මිනිස්සූ) අවුල්වලින් වෙළී සිටිති. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කර ගත්නේ ද ? ඒ අනුව මිනිසාට බලපාන සන්තානගත ගැටලු සහ සමාජගත ගැටලු මෙහි “ජටා” නම් වෙයි . ඒ සියල්ල විසඳීමට සීලය පදනම් වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමයි. මහාචාර්ය වල්පොල රාහුල ස්වාමින් වහන්සේ මෙසේ ලියති. සීලය වනාහී බුදුන් වහන්සේගේ ධර්මයේ පදනම වන අප්‍රමාණ මෛත්‍රියත් , මහා කරුණාවත් මත ගොඩනඟන ලද්දකි. බුද්ධ ධර්මය ගැන කතා කරන , පොත් පත් ලියන බොහෝ උගතුන් උන්වහන්සේගේ ධර්මයේ මේ උතුම් අදහස අමතක කර දමා ශූෂ්ක දාර්ශනික විචාරවලට බැසීම සංවේග ජනක ය. මේ ප්‍රකාශයෙන් හෙළිවනුයේ දැඩි අන්තවාදී හා දුෂ්කර චර්යාවන් ලෙස සීලය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම සීලය සඳහා සිත යොමු කරන සැදැහැවතුන් තවත් අවුලකට පත් කරන බවයි. කරුණාවෙන් හා මෛත්‍රියෙන් තොර කිසිම ආධ්‍යාත්මික සංවර්ධනයක් නැත .සීලය යනු, කය වචන තුළ ඇති කරන හික්මීමයි. මෙහි දී ලෞකික සීල, ලෝකෝත්තර සීල නම් ප්‍රභේදයක් වෙයි.


නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]