[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිසාගෝතමියට පිහිට වීම

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

කලානූරූපව ආගමික වතාවත් හි යෙදෙන්න

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණ වෙසක් පුන් පොහොය දිනය තව දින කිහිපයකින් උදා වේ. එම දිනය තරම් දන මන පහන් කර බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිකරන වෙනත් දිනයක් නැති තරම් ය. එම දිනයේ සිදුවුණු වැදගත් සිදුවීම් මොනවාදැයි සොයා බලමු. අතීතයේ ලොව පහළව වැඩ සිටි දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ රත්නය සමඟ රඹගම් නුවරට වඩින අවස්ථාවේ අප මහා බෝසතාණන් සුමේධ නම් තාපසයකු ව සිට මඩෙහි බිම දිගාවී සිට මගේ පිට මතින් වඩඩිනු මැනවැයි අදිටන් කොට සිටී ය. ඒ අවස්ථාවේ දීපංකර බුදුහු මේ තවුසා අනාගතයෙහි ගෞතම නමින් සම්බුදු පදවියට පත් වන බවට නියත විවරණ ලබා දුන්නේ වෙසක් පුන් පොහොය දිනක ය.

ධර්ම දේශනාව:

ජීවිතයේ ස්වභාවය තේරුම් නොගැනීමේ අරුමය

පරිජිණ්ණමිදං රූපං රෝග - නිඩ්ඩං පභංගුරං - භිජ්ජති පූතිසන්දේහෝ - මරණං තංහි ජීවිතං,  උත්තරා නම් මහලු මෙහෙණිය අරබයා වදාළ මේ ගාථාව තුළ ජීවිතය කියාදෙන පාඩම් කිහිපයක් ඇත. එනම්, මේ රූපය දිරායාම. නේකවිධ ලෙඩරෝග හට ගැනීම, වහා ක්ෂය වීම, බිඳීයාම, නව දොරකින් කුණු වැගිරීම හා එහි කෙළවර මරණය ඇති බව ය." අද වෙසක් මස පුර අටවක පෝදා ය. අද දම් දෙසුමේ තේමාව ජීවිතයක මහිමය හෙවත් නිත්‍ය ස්වභාවය වටහා ගැනීමයි. ඉහත සඳහන් කළ ගාථාව ජීවිතයක ඇති නියම තතු මැනවින් පෙන්වාදෙයි. මේ ගාථාව ධම්මපදයේ ජරා වර්ගයේ පැනෙන එකකි. එම ගාථාව පාදක කරගෙන අද දම් දෙසුමට තේමාව සකස්කර ගත්තෙමු. මේ ගාථාවේ තේරුම කෙරෙහි මොහොතක් අවධානය යොමුකර බලමු. අප සරසන ආවඩන ශරීරය ගැන මෙබඳු දෙසුමක් ඒ තුළ වෙයි. මේ රූපය දිරා යන්නේ ය. මේ ශරීරය සියලු රෝගාබාධයන්ට කැදැල්ලක් බඳු ය. මේ ශරීරය වහා බිඳෙන සුළු ය. මෙහි නව දොරකින් කුණු වැගිරෙන්නේ ය. අවසාන ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය. අද අප කොරෝනා වසංගතය නිසාවෙන් ජීවිතය යදිමින් මරණයට බියෙන් කල් අරින්නෙමු. තදාසන්න ඉන්දියාව තුළින් පැරණි විශාලා මහනුවර අත් දකින්නෙමු. ලෙඩවන අයුරු, විලාප දෙන අයුරු දකින්නෙමු. රතන සූත්‍රයේ පහස නැවතත් විඳීන්නෙමු. මෙබඳු පසුබිමක් තුළ ඉහත තේමාව තෝරා ගත්තෙමු.

 

වෙසක් සමය සරසන පහන් කූඩු

වෙසක් සමයෙහි බහුල වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන පහන් කූඩු නිර්මාණය මෙරට සැදැහැවත් ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය,කලා රුචිය හා නිර්මාණ කෞශල්‍යය මැනවින් ප්‍රදර්ශනය කෙරෙන කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. වෙසක් පහන් කූඩුව වෙසක් සමය පිළිබිඹු කරන ප්‍රධාන සංකේතයක් බවට ද දැනට පත්ව ඇත. මෙම පහන් කූඩු නිර්මාණය කවදා ආරම්භ වූයේ දැයි, නිශ්චිත ලෙස ම පැවසීම අපහසු ය. එයට ලංකාවේ බෞද්ධ කොඩියෙහි සැලැස්ම නිර්මාණය කළ වර්ෂ 1885 තරම්ම ඉතිහාසයක් ඇතැයි, පිළිගැනීමෙහි වරදක් නොමැත. පුරාතනයේ ගොක් කොළවලින් විසිතුරු කළ රඹකැන් (කෙසෙල්) තොරණවලින් වෙසක් පොහොය ද, විහාරස්ථාන දොරකඩ ද අලංකාරවත් කෙරිණි. එයට අමතරව සිදුකළ මල් පහන් පූජාදියෙන් විහාර භූමිය ආලෝකමත් විය. ඉන් නොනැවතුණු සැදැහැවත්හු ගොක් කොළ රැහැනින් සැරසූ කෙසෙල් කොට මත විසිතුරු ලෙස පහන් දැල්වීම ආදියෙන් ජනී ජනයා ප්‍රබෝවමත් කරන්නට වූහ. මේ අනුව එකල ගොක් කොළයෙන් හා කෙසෙල් බඩයෙන් නිමවා පොල් තෙල් පහනින් ආලෝකය සපයා සැකසූ පහන් කූඩුවෙහි අනුක්‍රමික විකාශනයක් ලෙස ඉතා සිත්ගන්නා සුළු නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් පහන්කූඩු රට පුරා ව්‍යාප්ත වී තිබේ. අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරුම වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නො හැකි ය. නගරයේ ඉහළම ප්‍රභූවරයාගේ මන්දිරයේ සිට ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන ගැමි ජනයාගේ නිවස දක්වා ම මෙම වෙනස එක සේ දැකිය හැකි ය.

 

රෝග උවදුරු නිසා මානසික පීඩාවෙන් ද? බුදු දහමෙන් උපදෙස්

නිරෝගි බව උතුම් ලාභයයි. රෝගී වන විට කොතරම් දේ ලැබුණත් ඒවා ප්‍රයෝජනවත් ව පවත්වාගත හැකි නොවේ. බුදු දහමේ දක්වන මෙම කරුණු යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස නූතන ලෝකය යටපත් කරගෙන ඇති කොවිඩ් 19 වයිරසය හඳුන්වා දිය හැකි ය. ලෝකයේ දියුණුයැයි සම්මත කළ නොහැක්කක් නැත, වශයෙන් ඉතාමත් උද්දාමයට පත්ව ඇති බලයෙන් පරිපූර්ණ රටවල් ද වර්තමානයේ මෙම කොරෝනා වසංගතය හමුවේ අසරණ වී ඇත. දිනකට ලක්ෂ ගණන් ආසාදිතයන් හා දහස් ගණන් මරණ වාර්තාවීමෙන් ඔවුන්ගේ අසරණභාවය ලොවට කියාපායි. මෙම වසංගතය හමුවේ ලොව සියලු දෙනාගේ ම සාමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සියලු අංශයන් කඩා වැටීමට හේතු වී ඇත. මෙකී කායික රෝගි වීම නිසා මිනිසුන් මානසිකව ද කඩා වැටීමට ලක්වී ඇත. විශේෂ වශයෙන්ම පසුගියදා ලොව බොහෝ රටවල් මෙම වසංගතය හමුවේ තම රටවල් තධජඬඤධඹද කිරීම නිසා මහජනයා නිවසට කොටු වීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ද ඉතාම පහළ මට්ටමකට කඩා වැටෙන්නට විය. එනිසා නිවෙස් තුළ ගෘහස්ථ හිංසනය ද වර්ධනය වීමට හේතු වී ඇත. එවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මෙම රෝගය හමුවේ මිනිසුන් මානසික ව කඩා වැටීම නිසාවෙනි. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති යන බුදු වදන අනුව සිතූ දේ නොම වෙයි. නොසිතූ දෙයක්ම වෙයි යන යතාර්ථයට මුහුණදීමට අප හැම දෙනාම පුරුදු විය යුතු ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]