[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමි

අපවත් වී වදාළ අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමි ආදාහන පූජෝත්සවය මැයි 07 දින ගල්කිස්ස මවුන්ට් පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

රත්මලානේ ශ්‍රී විමලාරාමය, මාතර පාලටුවේ ඛෙත්තාරාමය, පාලටුවේ බෞද්ධෝදය පිරිවෙන් විහාරය, උනැල්ල ශ්‍රී නාගාරාමය සහ අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමය යන පාලටුව විහාර ගණයෙහි ආධිපත්‍යය උසුලන, රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී විනයාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත අත්තුඩාවේ ශි‍්‍ර පියරතන නා හිමියන්ගේ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත , ධර්මධර , ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුත් සුපේසල ශික්ෂාකාමී චිරරාත්‍රඥ මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි කා අතරත් බෙහෙවින් ගෞරවාදරයට පත්ව වැඩ සිටියහ.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවේ අත්තුඩාවේ බටහිර ග්‍රාමසේවා වසමේ රමණීය කඳුගැටයක පිහිටි ඉහළගෙදර නිවසේ විසූ අරුමප්පෙරුම කංකානම්ගේ දොන් ජුවානිස් හෙවත් පරදුව බාල මහත්මාණන්ගේ සහ වික්‍රමතන්ත්‍රිගේ ක්‍රිස්තිනා හෙවත් පරදුව හාමිනේ ගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1938 ඔක්තෝම්බර් 05 වැනි දින පියරතන නාහිමියෝ ජන්මලාභය ලැබූහ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ අත්තුඩාව රජයේ මහ විදුහලෙනි.

කුඩා කල සිටම ඉමහත් සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1954 ජනවාරි 04 වැනිදා අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේදි ගෞරවාර්හ බඹරැන්දේ ධම්මරතන මාහිමිගේ අනුශාසකත්වයෙන් උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වුණි. එහි දී පියරතන නාහිමිගේ ආචාර්ය පාදෝත්තමයාණන් වහන්සේ වූයේ පණ්ඩිතාචාර්ය ඇටම්පොල ශි‍්‍ර රතනපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ප්‍රවෘජ්‍යාවෙන් පසු පාලටුවේ බෞද්ධෝදය පිරිවෙනෙන් හා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පරිවෙනෙන් අධ්‍යාපනය ලැබීය. වර්ෂ 1960 මැයි මස 12 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේදී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීය. අනුක්‍රමයෙන් විද්‍යෝදය අවසාන විභාගය ද ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාරම්භ හා මධ්‍යම විභාගයන් ද සමත්ව වර්ෂ 1964 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ද ඇතුළත්ව වර්ෂ 1967 ශාස්ත්‍රවේදී උපාධිධරයෙකු ලෙස ඉන් පිටවුණි.

වර්ෂ 1976 දී රජයේ පාසල් ගුරු සේවාවට එක්වූ පියරතන නාහිමි අම්පාර පල්ලේගම, අම්පාර හරස්ගල, කො/ද හේන පාර, කො/ද විද්‍යා විද්‍යාලය පුත්තලම බරණාත්කට්ටුව යන විද්‍යාලවල වසර තුනක් සේවය කර නැවත ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහ විදුහලට එක්ව වර්ෂ 1996 දී විශ්‍රාම යනතුරුම පුරා වසර 17 ක් එහිම සේවය කළේය. 20 වසරක් පුරාම රජයේ පාසල් ගුරු සේවාව සිදු කළේය. වර්ෂ 1982 දී නුගේගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙස පත්ව 1985 දී දෙහිවල රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයටත් 2002 දී රත්මලාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයටත් වශයෙන් නොකඩවා වසර 35 ක් ලේඛකාධිකාරි ධුරයේ වැඩ කටයුතු මැනවින් සිදු කළේය.

අපමණ ලෝක ශාසනික සේවාවක් සිදු කරමින් ප්‍රදේශය තුළ කිසිදාක නොමැකෙන ශ්‍රී නාමයක් තැබූ අති පූජ්‍ය අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමියෝ ඉකුත් මැයි 05 වැනි දින පස්වරුවේ අපවත් වී වදාළහ.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]