[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික ටැම්පිට විහාරය

මීගම්මන රාජමහා විහාර පරිශ්‍රයේ ප්‍රතිනිර්මාණිත

ඓතිහාසික ටැම්පිට විහාරය

පාතදුම්බර ප්‍රදේශයේ ඉපැරැණි රජමහා විහාර අතර ඉතා දර්ශනීය පුදබිමක් ලෙස මීගම්මන රාජමහා විහාරය බොහෝ ජනී ජනයාගේ ශ්‍රද්ධාව වඩවන දැකුම්කළු ස්ථානයකි. ක්‍රි.ව. 1604 - 1634 කාලවකවානුවේ දාරුමය ප්‍රතිමා සැකිලි මත ලාටු සහිත බදාමයෙන් ඔප කළ හිඳි පිළිමයක් හා හිටි පිළිම දෙකක් වඩා හිඳුවා ටැම්පිට විහාරයක් කරවා මහනුවර රජකම් කළ සෙනරත් රජතුමන් මෙම විහාරයේ සමාරම්භය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කොට අද දක්වා බොහෝ ජනී ජනයාට මහත් ආශිර්වාදයක් ව හා නිරුපද්‍රිත ව වැඩසිටීම මේ පින් බිමට පමණක් නොව මේ ප්‍රදේශයට ම මහත් අදෘෂ්‍යමාන මහා බලයකි. ඒ බව දත් බොහෝ දෙනා බෝධීන් වහන්සේ වෙත පැමිණ මලුපෙත් ඇමැද ප්‍රදක්ෂිණා කොට මල් පහන් පුදා තම තමන්ගේ ජීවන ගමන් මඟට ලබා ගන්නා ආශිර්වාදය අප්‍රමාණ ය. විහාර තල්පත, ලෝරිගේ ගැසට් පත්‍රිකාව, පුරාවිද්‍යාත්මක සාධක මෙම විහාර ඉතිහාසය තහවුරු කරයි. එවකට මෙම ටැම්පිට විහාරය වෙනුවෙන් මහනුවර රජවාසල බිසෝවරු පැමිණ නාමල් පුදා වාර්ෂික ව සත් දිනක් පෙරහර චාරිත්‍ර කොට ආශිර්වාදය ලබා ගත් බව ජනවහරේ පවතී. එය පහත සිව් පදයෙන් මනාවට විවරණය කරයි. මීගම්මන රජමහා විහාර පරිශ්‍රයේ ප්‍රතිනිර්මාණිත ඓතිහාසික ටැම්පිට විහාරයෙහි දොරගුළු විවර කිරීමේ පුණ්‍ය මහෝත්සවය 21 වැනි දා පූර්ව භාග 10 ට යෙදෙන සුබ මොහොතින් සියලු නැකැත් චාරිත්‍ර, පෞරාණික පුදසිරිත්, වත් පිළිවෙත් කොට සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදුකෙරේ. වත්මන් වසංගත තත්ත්වය නිසා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව සිදුකරලීමට කටයුතු සැලසුම් කර ඇත.


  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]