[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බෝවන රෝගවලින් ආරක්ෂා වෙමු

විවිධ ‍හේතුන් නිසා බෝවන රෝග ව්‍යාප්ත වෙයි. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී රෝගයන් හතළිස් අටක් පිළිබඳ වදාළ සේක. අද ද බෝවන රෝග පිළිබඳ වැඩි කතාබහක් ඇති වී ඇති කාලයකි. ගෝලීය වශයෙන් මහා ව්‍යසනයක් වී ඇති කොවිඩ් 19 රෝගය නිසා ලෝකයේ කෝටි ගණනක් ජනතාව මහත් දුකට පත්ව ඇත.

අපේ මාතෘ භූමිය ද එම රෝගයේ ගොදුරක් වී ඇත. අප මෙවන් රෝගයන්ගෙන් ප්‍රවේශම් වීමට නම් නිතර නිතර දෑත පිරිසුදු කර ගැනීම, රෝගය පැතිරෙන ස්ථාන වෙත ගමන්බිමන් අඩු කිරීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම මුඛ ආවරණ නිසි ලෙස පැළඳවීම ද කළයුතු වෙනවා.

ඒ වගේම මනා එළඹි සිහියෙන් යුතුව කටයුතු කිරීම තුළින් ද අපට මෙවැනි රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකියි. එනිසා තම තමන් නිසි ලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුළින් අපට මෙවැනි රෝගයන්ට ගොදුරක් නො වී සිටිය හැකි ය.

****

මව්පියන්ට ගරු කරමු

මෙලොව එළිය දුටු දා පටන් අප දිවි ගමන සුන්දර කිරීමට වෙර දරනුයේ අපගේ ආදර මව්පියන් ය. ඔවුන් වෙහෙසෙනුයේ අපගේ යහපැවැත්ම උදෙසා ය. උදය රෑ නො තකා දහඩිය හෙළන ආදර තාත්තා මෙන් ම හිරු නැඟ ආ මොහොතේ පටන් අවරගිරින් බැස යන තුරුම වෙහෙසෙන ආදර අම්මා අපගේ සෙවණැල්ල සේ නිරතුරු අප රැක ගනී. වැඩිහිටි ඔවුන් මතු දිනෙක අත් පා වාරු නැති වූ කලට අප‍ගේ සරණ අවැසි ය. ඔවුන් රැක ගැනීමට හා ගරු කිරීමට අපි ද සැමදා හැකි උපරිමයෙන් කැපවෙමු.

****

ප්‍රජාපතී ගෝතමී තෙරණිය

එතුමිය උපන් ගම දෙව්දහනුවර වෙති
මහාමායා ‍දේවිය සොහොයුරිය වුණි
මහ බෝසතාණන්ගේ සුළු මෑණියෝ වෙති
සිදුහත් කුමරු රැකගත් මහ ප්‍රජාපති

මෙහෙණි සසුන ඒකාලෝක වුණි
බුද්ධ මාතා යනුවෙන් නම පැටබැඳුණි
තෙරණින් අතර අග තනතුරු ලැබුණි
මෙලෙසින් එතුමිය දුක් සසරින් එතෙර වුණි

****

පරිසරයට ආදරය කරමු

සොබාදහම යනු අප අවට ඇති පරිසරය යි. ගස් වැල්, ඇළ දොළ ගංගා දියඇළි, වනාන්තර කඳු හෙල් පරිසරය ලෙස හැඳීන්වේ. හරිත වර්ණයෙන් සමන්විත පරිසර මාතාව රැක ගත යුතු ය. පරිසරයෙන් අපට විවිධ ප්‍රයෝජන ලැබේ. හුස්ම ගැනීමට පිරිසුදු වාතය, නැවුම් හිරු එළිය ද ආහාරපාන, ඖෂධ මෙන්ම මනා සුන්දර පරිසර මාතාව අපට ලබාදෙන දායාදය යි. ‍එමෙන්ම සූර්යයාගේ අහිතකර කිරණින් අප ආරක්ෂා කිරීමට ඕසෝන් ස්ථරය පිහිටා ඇත. එනමුත් අද වනවිට ගස්වැල් කපා දමා දැව ලබාගෙන වනාන්තර එළිපෙහෙළි කිරීමට මිනිසුන් පෙළඹී ඇත. එ මෙන්ම කුණු කසළ පරිසරයේ සෑම තැනක ම දකින්නට ඇත.

කර්මාන්ත ශාලාවලින් පිටවන රසායනික දුම, පරිසරයට මුදා හරී. රසායන ද්‍රව්‍ය, දිරා නො යන ද්‍රව්‍යයන් වන පොලිතින්, ප්ලාස්ටක් පරිසර විනාශයේ මුල්ම සහ ප්‍රදානතම හේතුව යි. අප පරිසරය රැක ගැනීමට නම් තව තවත් ගස්වැල් රෝපණය කරමින්, අනවශ්‍ය කැළිකසළ පරිසරයට බැහැර නො කර , දිරා ‍නොයන දේ අවම කර සෑම දෙයක් ම නිසි ලෙස කළමනාකරණය කරගත යුතුයි. එසේ කළහොත් පමණක් මතු පරපුරට සුන්දර පරිසරයක් අපට උරුම කර දිය හැකි ය.

****

නඟේ මලේ

ළමා ලොවේ සුන්දර බව රැකගන්න
සිනාමල් පොකුරු විකසිත කරවන්න
ගුණදම්වලින් පිරි දරුවන් බිහිවන්න
නඟේ මලේ දම් පාසල වෙත එන්න

****

අපේ ගම

****

වනයට කුණාටුවක්

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]