[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොලොන්නරුව රන්කොත් වෙහෙර

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් නිවාස ව්‍යාපෘතිය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදිවෙන්නා වූ නිවාස ව්‍යාපෘතියේ පළමු වන අදියර යුද්ධයෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන මඩකලපු දිස්ත්‍රික්කයේ පූනානි ග්‍රාමයේ ආරම්භ කර ඇත. එහි දෙවන නිවස නිවාසලාභියා වෙත ලබා දීම සහ නව නිවාස පහක් සඳහා මුල්ගල් තැබීමේ මහෝත්සවය පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙදින විවෘත කළ දෙවැනි නිවාස සඳහා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ ලාංකික තරුණ ව්‍යවසායක සංගමයේ කාන්තා සංසඳය මඟිනි. මෙම නිවාස නිවාසලාභියා වෙත ලබාදෙන ලද්දේ ලාංකික තරුණ ව්‍යවසායක සංගමයේ කාන්තා සංසඳයේ සභාපතිනි පුථුලා පාරමී මායාකඩුව ඇතුළු කාන්තා සංසඳයේ සාමාජිකාවන් විසිනි. මෙදින තවත් නිවාස 05ක් සඳහා මුල් ගල් තැබූ අතර, එම අවස්ථාවන්ට දිඹුලාගල ශ්‍රී කාශ්‍යප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති දේවගල දේවාලංකර නා හිමි ඇතුළු මහා සංඝරත්නය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරීන්, කාන්තා සංසඳයේ සභාපතිනි රමණි ගුණදාස මහත්මිය ඇතුළු සාමාජිකාවන් සම්මේලනයේ මඩකලපු ශාඛාවේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ඇතුළු නිලධාරීන්, ගම්වාසීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

ධර්ම දේශනාව:

නිමක් නැති කරදර ඇතිවන්නේ ඇයි?

“සාරත්තා කාම භෝගෙසු – ගිද්ධා කාමෙසු මුච්ඡිතා - අතිසාරං න ඛුජ්ඣන්ති – මච්ඡා ඛීපංව ඔඩ්ඩිතං
පච්ඡාසං කටුකං හෝති – විපාකො හිස්ස පාපකොති
- “සබ්බ දානං ධම්ම දානං ජිනාති”
යන බුද්ධ වචනය අනුව සියලු දානයන් අතර ධර්ම දානය ජයගන්න බව ධර්මයෙහි පැහැදිලිකොට ඇත. ඒ අනුව අද දින ධර්ම දේශනාව සඳහා තෝරා ගනු ලැබුවේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්ථකරණ සූත්‍රයයි. ඉහත ගාථාවෙහි සරල අදහස වන්නේ “කාම වස්තූන්හි ඇලුණු, කාමයන්හි ගිජු වූ, මුසපත් වූ සත්වයෝ කුසල් අවබෝධ කර නොගනිති. අටවන ලද කෙමනකට හසු වූ මසුන් මෙන් ඔවුන්ට පසුව කටුක දුක් විපාකයන්ට මුහුණ දීමට ඒකාන්තයෙන් ම සිදු වේ” යන්නයි. මෙම අත්ථකරණ සූත්‍ර දේශනාව, බුදු හිමියන් විසින් දේශනා කරනු ලැබුවේ පසේනදි කොසොල් මහ රජතුමා අරමුණු කරගෙන ය. මෙහි “අත්ථකරණ” යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකල රාජාණ්ඩු ක්‍රමය යටතේ පැවති නඩු අසන අධිකරණ ශාලාවයි. දිනක් රජු රට වැසියන්ගේ නොයෙක් ගැටලු විමසා බැලීම සඳහා නඩු විසඳන විනිශ්චය ශාලාව වෙත ගොස් ටික වේලාවක් සිටින විට නොයෙක් කරුණු නිසා එතුමාට මහත් කළකිරීමක් ඇති විය. ඒ නිසා අතරමගදී ම අධිකරණ ශාලාවෙන් පිටව යන මහ රජතුමා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළැඹ සිදු වු සියල්ල විස්තර කර සිටියේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වෙනත් දිනයන්හි විනිශ්චය ශාලාව බොහෝ සුන්දර ය. එහෙත් අද එසේ නොවේ. මහත් ධනය ඇති බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය , ගෘහපති ආදීහු කාමය හේතු කොට ගෙන බොරු කියති.එය දිගින් දිගටම සිදු කරති. ඒ පිළිබඳව බෙහෙවින් කළකිරීමට පත්ව පැමිණියෙමි. කොසොල් රජු බුදුරදුන්ට මෙලෙස සියලු කරුණු ප්‍රකාශ කොට සිටි අතර තමාට අධිකරණ ශාලාවට යාම පවා මේ වන විට එපා වී ඇතැයි කියා සිටියේ ය. මෙම කරුණු පිළිබඳ ව විමසා බැලීමෙන් අනතුරුව තථාගත බුදුපියාණන් වහන්සේ කාම වස්තූන්හි ඇලීම විනාශයට හේතු වේ. ගිජු වීමත් විනාශට හේතුවේ. කාමය නිසා දැන දැන බොරු බස් කීම ද විනාශයට හේතු වේ යනුවෙන් දේශනා කොට වදාළහ.

 

මිථ්‍යා විශ්වාස නිසා විනාශයට යන බෞද්ධ උරුමය

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකට අධික බව අනුමාන කෙරේ. මේවායෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිතව ය. ඓතිහාසික අවධියට අයත් පූජනීය, අර්ධ පූජනීය නිර්මාණයන්ට ගැනෙන දාගැබ්, ප්‍රතිමාඝර, බෝධිඝර ආදි වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සහ ප්‍රතිමා සඳකඩපහණ ආදි සෙසු කලා කෘති ස්පර්ශනීය උරුමයට අයත් වේ. බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිත ව ගොඩනැඟී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස අයත් වන්නේ අස්පර්ශනීය බෞද්ධ උරුමයට ය. ශ්‍රී ලංකාවේ පැරණි ග්‍රාම සීමා නිශ්චය කිරීම හා සීමා ලකුණු කිරීම පිළිබඳ සලකුණු, සකසන ලද ශිලා පුවරුවල මෙන් ම වැඩි වශයෙන් පිහිටි පර්වතවල දක්නට ලැබේ. “මෙරට මුහුදු තෙර පටන් කඩියාව දක්වා ගල්ටැම් වෙයි. දඹදෙණි කඩඉම දක්වා ඇත් පියවර, රන්දුනු, චන්ද්‍රායුද, සිරිවැස, චාමර, අඹගෙඩි, කොටවන ලද ගල්ටැම් හා ගල් ගිරිකුළු ඇතියේ ය.” කඩයිම් සීමා පිළිබඳ ව සටහන් වී ඇති ලේඛනය අත්‍යවශ්‍ය රාජකීය ලේඛනයක් ලෙස ද සලකා තිබේ. පසුකාලීන ව ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වල වෙන් වෙන්ව පැවති කඩයිම් සීමා පිළිබඳව රචිත ලේඛනය වාර්තා වේ. මාතලේ කඩයිම් පොත හා ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත ඒ සඳහා නිදර්ශන වේ. කඩයිම් පොත්වල සඳහන් ස්ථාන නාම සහ වෙනත් සීමා සහ ස්ථාන යොදා ගෙන රචනා කරන ලද අව්‍යක්තලේඛන ඇතැමෙක් 'නිධන්වදුල' වශයෙන් හඳුන්වයි. එම ස්ථානවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි මිථ්‍යා විශ්වාසයක් ජන සමාජය තුළ තදින් මුල් බැස පවතී. මිථ්‍යා විශ්වාස නිසාවෙන් පිහිටි පර්වත, ආගමික නටබුන් හා ශිලා ලේඛන ආශ්‍රිත ව දක්නට ලැබෙන සලකුණු හා සංකේත විනාශ කිරීම සිදු වේ. බුද්ධ ප්‍රතිමා සහ ස්තූපවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි යන්න තවත් මිථ්‍යා විශ්වාසයකි.බුද්ධ ප්‍රතිමා සහ ස්තූපවල යන්ත්‍ර ගලෙහි (රතන වින්‍යාසය) පූජනීය වස්තු, අෂ්ට මංගල සහ දිශා භාර සංකේත ආදී චාරිත්‍රමය මෙන් ම සංකේතාත්මක ද්‍රව්‍ය තැන්පත් කිරීමක් විනා වස්තු සම්භාරයක් තැන්පත් කර නොමැත යන සත්‍යයට බොහෝ දෙනෙක් එකඟ නොවෙති.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]