[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් නිවාස ව්‍යාපෘතිය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් නිවාස ව්‍යාපෘතිය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදිවෙන්නා වූ නිවාස ව්‍යාපෘතියේ පළමු වන අදියර යුද්ධයෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන මඩකලපු දිස්ත්‍රික්කයේ පූනානි ග්‍රාමයේ ආරම්භ කර ඇත. එහි දෙවන නිවස නිවාසලාභියා වෙත ලබා දීම සහ නව නිවාස පහක් සඳහා මුල්ගල් තැබීමේ මහෝත්සවය පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙදින විවෘත කළ දෙවැනි නිවාස සඳහා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ ලාංකික තරුණ ව්‍යවසායක සංගමයේ කාන්තා සංසඳය මඟිනි. මෙම නිවාස නිවාසලාභියා වෙත ලබාදෙන ලද්දේ ලාංකික තරුණ ව්‍යවසායක සංගමයේ කාන්තා සංසඳයේ සභාපතිනි පුථුලා පාරමී මායාකඩුව ඇතුළු කාන්තා සංසඳයේ සාමාජිකාවන් විසිනි.

මෙදින තවත් නිවාස 05ක් සඳහා මුල් ගල් තැබූ අතර, එම අවස්ථාවන්ට දිඹුලාගල ශ්‍රී කාශ්‍යප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති දේවගල දේවාලංකර නා හිමි ඇතුළු මහා සංඝරත්නය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරීන්, කාන්තා සංසඳයේ සභාපතිනි රමණි ගුණදාස මහත්මිය ඇතුළු සාමාජිකාවන් සම්මේලනයේ මඩකලපු ශාඛාවේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ඇතුළු නිලධාරීන්, ගම්වාසීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]