[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිමක් නැති කරදර ඇතිවන්නේ ඇයි?

“සාරත්තා කාම භෝගෙසු – ගිද්ධා කාමෙසු මුච්ඡිතා - අතිසාරං න ඛුජ්ඣන්ති – මච්ඡා ඛීපංව ඔඩ්ඩිතං
පච්ඡාසං කටුකං හෝති – විපාකො හිස්ස පාපකොති
- “සබ්බ දානං ධම්ම දානං ජිනාති”
යන බුද්ධ වචනය අනුව සියලු දානයන් අතර ධර්ම දානය ජයගන්න බව ධර්මයෙහි පැහැදිලිකොට ඇත. ඒ අනුව අද දින ධර්ම දේශනාව සඳහා තෝරා ගනු ලැබුවේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්ථකරණ සූත්‍රයයි. ඉහත ගාථාවෙහි සරල අදහස වන්නේ “කාම වස්තූන්හි ඇලුණු, කාමයන්හි ගිජු වූ, මුසපත් වූ සත්වයෝ කුසල් අවබෝධ කර නොගනිති. අටවන ලද කෙමනකට හසු වූ මසුන් මෙන් ඔවුන්ට පසුව කටුක දුක් විපාකයන්ට මුහුණ දීමට ඒකාන්තයෙන් ම සිදු වේ” යන්නයි. මෙම අත්ථකරණ සූත්‍ර දේශනාව, බුදු හිමියන් විසින් දේශනා කරනු ලැබුවේ පසේනදි කොසොල් මහ රජතුමා අරමුණු කරගෙන ය. මෙහි “අත්ථකරණ” යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකල රාජාණ්ඩු ක්‍රමය යටතේ පැවති නඩු අසන අධිකරණ ශාලාවයි. දිනක් රජු රට වැසියන්ගේ නොයෙක් ගැටලු විමසා බැලීම සඳහා නඩු විසඳන විනිශ්චය ශාලාව වෙත ගොස් ටික වේලාවක් සිටින විට නොයෙක් කරුණු නිසා එතුමාට මහත් කළකිරීමක් ඇති විය. ඒ නිසා අතරමගදී ම අධිකරණ ශාලාවෙන් පිටව යන මහ රජතුමා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළැඹ සිදු වු සියල්ල විස්තර කර සිටියේ ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, වෙනත් දිනයන්හි විනිශ්චය ශාලාව බොහෝ සුන්දර ය. එහෙත් අද එසේ නොවේ. මහත් ධනය ඇති බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය , ගෘහපති ආදීහු කාමය හේතු කොට ගෙන බොරු කියති.එය දිගින් දිගටම සිදු කරති. ඒ පිළිබඳව බෙහෙවින් කළකිරීමට පත්ව පැමිණියෙමි. කොසොල් රජු බුදුරදුන්ට මෙලෙස සියලු කරුණු ප්‍රකාශ කොට සිටි අතර තමාට අධිකරණ ශාලාවට යාම පවා මේ වන විට එපා වී ඇතැයි කියා සිටියේ ය. මෙම කරුණු පිළිබඳ ව විමසා බැලීමෙන් අනතුරුව තථාගත බුදුපියාණන් වහන්සේ කාම වස්තූන්හි ඇලීම විනාශයට හේතු වේ. ගිජු වීමත් විනාශට හේතුවේ. කාමය නිසා දැන දැන බොරු බස් කීම ද විනාශයට හේතු වේ යනුවෙන් දේශනා කොට වදාළහ.


  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]