[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දොම්පේ ශ්‍රී පුඤ්ඤානන්ද නා හිමි


වාරණ රජමහා විහාරයේ උන්නතිය උදෙසා එම විහාරය පූජා භූමියක් වශයෙන් ගැසට් කර විහාරයට ඇතුලුවන ප්‍රධාන පිවිසුම් මග සකස් කරවීම තිහාරියේ සිට වාරණ රජමහා විහාරය දක්වා රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රධාන පිවිසුම් මග පුළුල් කිරීම, වාහල්කඩ සකස් කරවීම, විහාරයේ උඩ මැද පහත යන මලුවලට විදුලි ආලෝක පද්ධතිය රාජ්‍ය අනුග්‍රහයෙන් සවිකර වීම, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ශිලා ලේඛනයට ආරක්ෂිත ගෙයක් ඉදි කරවීම, දායක කාරකාදීන් මුල්කරගෙන උඩමලුවේ 21 රියන් දාගැබ ඉදිකිරීම, දිරාපත් දානශාලා වහල පිළිසකර කරවා දීම, උඩමලුවේ විහාර මන්දිරයේ සහ මැද මලුවේ දිරාපත් වහලවල් ප්‍රතිසංස්කරණය කරවීම, මැද මලුවට නව විහාර මන්දිරයක් දායකකාරකාදීන් ලවා කරවීම සහ තායි බුද්ධ ප්‍රතිමාවක් එහි වඩා හිඳුවීම, පහත මලුවේ දායක පිනැතියකු ලවා සමාධි පිළිමයක් ස්ථාපිත කරවීම, ජරාවාස වූ තෙමහල් ධර්මශාලාව පිළිසකර කරවීම, විනාශ වී ගිය ඉපැරණි චිත්‍ර තහවුරු කිරීම ආදී කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා කරවා දෙන ලදී. විහාරස්ථානයෙහි වගා කටයුතු දියුණු කරවීම, මාවත් පිළිසකර කරදීම, තම විහාරයට අයත් භූමියත් ජනතාවගේ සෙත උදෙසා පිලංකඩ හරස් පාර වාරණ පාරට සම්බන්ධ ව වැඩි භූමි ප්‍රමාණයක් ලබාදීම, කහඹිලිහේන දොළකුඹුරගේ පාර ගොඩ කිරීමට ඉඩම් ලබාදීම ආදී වශයෙන් ද, ශාසනයේ උන්නතිය වෙනුවෙන් ද, උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්බුද්ධ සසුන වෙනුවෙන් දායාද කිරීම උන්වහන්සේ විසින් සිදු කර ඇත.

ඓතිහාසික වාරණ රජමහා විහාරාධිපති සියනෑ හාපිටිගම අලුත්කුරු යන කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෝධියන්දෙණිය ශ්‍රී පූර්වාරාමය කත්තොට ශ්‍රී බෝධිමලු විහාරය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මුළු දිවයිනටම සාමවිනිසුරු වාරණ මංගල පිරිවෙනෙහි හිටපු ආචාර්ය ඓතිහාසික වාරණ රජමහා විහාරාධිපති දොම්පේ ශ්‍රී පුඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේගේ සැත්තෑසය වැනි ජන්ම දිනය වෙනුවෙන් ශාසනයට කර ඇති මෙහෙවරයන් බොහෝ ය.

1944 ඔක්තෝබර් මස 23 වන දින මෙලොව උපන් උන්වහන්සේ 1962 මාර්තු මස 02 වන දින එවකට ඓතිහාසික වාරණ රාජමහා විහාරාධිපති දොම්පේ ශ්‍රී ධම්මරතන නාහිමි වහන්සේගේ පැවිදි ශිෂ්‍යයකු ලෙස ශාසනයට ඇතුළත් වීමෙන් පසු බැණ්ඩියමුල්ල මහා පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා පසුව නාපාගොඩ ත්‍රිපිට ත්‍රෝදය මහා පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා පසුව හුණුපිටිය ගංගාරාම මහා විහාරයේ උසස් අධ්‍යාපනය ලබා පසුව රත්මලාන ගුරු පුහුණු අධ්‍යාපනයේ දෑඅවුරුදු ගුරු පුහුණු පාඨමාලාව සමත් ව පේරාදෙණියේ අධ්‍යාපනය ලැබූ අතර 1967 ජූනි 14 වන දින උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.

ඓතිහාසික වාරණ රජමහා විහාරය වසර 50 ක පමණ සිට අත්හැර දමා තිබූ පෙරහර විහාරස්ථානයේ සියලු දායකයන් සහ මහා සංඝරත්නය මූලිකත්වයෙන් නැවත ආරම්භ කරන ලදී.

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මොරැන්නෙ නන්දාරාම නාහිමි සහ වාරණ මංගල ගිරි පිරිවෙනෙහි පරිවේණාධිපති නක්කලගොඩ මේධානන්ද හිමි, වනරතන හිමි, ආචාර්ය කැලණියේ බෝධිරතන හිමි ඇතුලු ගුරුදෙවි උත්තමයන් හා පැවිදි සහෝදරයන් වන අතර වාරණ රජමහා විහාරය සතර පේරුවේ දායකයන්ගේ කැපවීම ඉතාමත්ම අගය කළ යුතු යි. මෙම ඔක්තෝබර් මස 23 වන දිනට නායක හිමිපාණන් වහන්සේට වසර 76 ක් පිරීම නිමිත්තෙන් දානමය පින්කමක් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක බෙදා දීම සිදු කෙරේ.

නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]