[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණහංස ජාතකය

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

2564 රාජ්‍ය වෙසක් උත්සවයෙන්

කොරෝනා වසංගත තත්ත්වය මත වුවද රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට මෙවරද කටයුතු යොදා තිබිණි. සෞඛ්‍ය ආරක්ෂාව හා නිරෝධායන රෙගුලාසි නීතීන්ට අනුව යමින් මෙවර වෙසක් උත්සවයේ ආගමික හා සංස්කෘතික කටයුතු සිදු කිරීමට රජය විසින් තීරණය කරන ලදී. එසේ වුවත් මේ මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා වෙසක් සතියක්ද රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සියලු සුරාසැල් හා මස්මාංශ අලෙවිසල් පවා වෙසක් දිනවල වසා දමමිනි. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේ දී පසුගිය 6 වැනිදා පැවැත්වුණු අතර 2564 වන වෙසක් සැමරුම් උත්සවයේ තේමාව වූයේ ‘ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං‘ යන්නයි. අරලිය ගහ මන්දිරයේ පැවැති සමාරම්භක රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ සඳහා තෛ‍්‍රනිකායික අනු නාහිමිවරුන් වැඩම කර සිටියහ. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වෙසක් පුන් පොහෝ දින එනම් 7 වැනිදා රාත්‍රියේ පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.  ජනාධිපතිතුමා සධාතුක ධාතු කරඬුව පිරිත් මණ්ඩපයට වැඩම කරවීම සිදු කරන ලදී.

 


ධර්ම දේශනාව:

සාමයට සමඟියට ආචාර සමාචාර

අභිවාදන සීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො - චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණො සුඛං බලං
සිරි සුගත තථාගත අප සම්මා
සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දීඝලම්බක නුවර ආරණ්‍ය කුටියක වැඩවසන සමයෙහි “දීඝායු” කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.'දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තවුස් රැකුමට වන වැදුණේ ය. අටසාළිස් වසක් තවුස්දම් පුරා යළි කුල පරපුර ආරක්ෂා කිරීමට බිරිඳක් සරණ පාවාගෙන කලක් ගතවන විට දරු සම්පතක් ලැබුණේ ය. දිනක් මෙම බමුණා හා බැමිණිය, එනුවර ආරණ්‍ය සෙනසුනක වැඩ සිටින බුදුරදුන් වැඳීමට පුතා ද රැගෙන පැමිණ බුදුන් වැන්දවිට “දීඝායුකොහොථ” දිගාසිරි වේවායි බුදුහු ආශිර්වාද කළහ. එහෙත් කුඩා දරුවා වන්දවනවිට එසේ කිසිවක් නොවදාළ සේක. එයින් සසල වූ බමුණා බුදුරදුන්ගෙන් එයට හේතු කාරණා විමසීය. මේ දරුවාගේ ආයුෂ හත්දිනක් පමණක් යැයි බුදුහු වදාළ සේක. දරුවා ජීවත් කරවීමට ගෙදර මණ්ඩපයක් කරවා හත්දිනක් නොකඩවා පිරිත් දේශනා කරවන්නට යැයි ද දක්වා වදාළ සේක. දරුවා රැගෙන බමුණා හා බැමිණිය වහාම ගෙදර ගොස් ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා මහ සඟුන් වැඩම කරවූහ. උන්වහන්සේ වඩා හිඳුවා හත් දිනක් සිඟිති දරුවාට පිරිත් දේශනා කරවී ය. සත්වැනි දින අප බුදුරජාණන් වහන්සේ ද වැඩම කළ සේක. දෙවියන්ගේ පැමිණීම ද සිදුවිය.

 

අභියෝග ජයගැනීමට උට්ඨාන වීර්යය

යම් කාර්යයක දී එය නිසි වේලාවට නිසි පරිදි ක‍්‍රමානුකූල ව ආරම්භ කළ යුතු ය. එකී ආරම්භ කරන ලද කාර්යය කුමන බාධක අවහිරතා පැමිණියත් ඉදිරියට පවත්වා ගෙන යාමේ හැකියාව තමා සතු විය යුතු ය." එක් අවස්ථාවක අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කක්කරපත්ත නම් කෝලිය ගමට වැඩිය සේක. එහිදී දිනක් දීඝජාණු නම් කෝලිය පුත‍‍්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් නමස්කාර කොට එකත්පස් ව හිඳ මෙසේ පැවසී ය. ”ස්වාමීනි, අප පස්කම් සැප අනුභව කරමින්, දරුවන් නිසා වන කරදර සහිත ව, ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ විළෙවුන් දරමු. රන් රිදි මසු කහවණු භාවිත කරන්නෙමු. ස්වාමිනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිත සුව පිණිස උපකාර වන ධර්මයක් දේශනා කරන සේක් වා” එහිදී දීඝජාණු කෝලිය පුත‍‍්‍රයාගේ ඉල්ලීම අනුව බුදුරදුන් මිනිසාගේ මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු හතරකුත්, පරලොව හිත සුව පිණිස හේතු වන කරුණු හතරකුත් දේශනා කොට වදාළහ. ”ව්‍යග්ඝපජ්ජය, කුල පුත‍‍්‍රයෙකුට ලොව හිත සුව පිණිස පවතින ධර්ම හතරකි. එනම්, උත්සාහ සම්පත්තිය ආරක්ෂා සම්පත්තිය, කලණ මිතුරු සම්පත්තිය, සමසේ දිවි පැවැත්ම නම් වේ. සර්ව බලධාරී දෙවි කෙනෙකු හෝ වෙනත් බාහිර පුද්ගල වස්තූන්ට නොව තමා පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව බුදු දහමෙන් පෙන්වා දී තිබේ. තමාගේ උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන පුද්ගලයා මෙලොව දියුණුවට පත්වන බව ධර්මයේ සඳහන් වේ.

 

ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රයෙන් මෙලොවදී ම කෙනෙකුට ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. අමනුෂ්‍යයන්ගෙන් පවා අතුරු විපත් ඇති නොවීමට, දෙවියන්ගේ රැකවරණය පිණිස, මනුෂ්‍යයන්ට ප්‍රිය බව ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන් වෙනවා. එයින් දහයක් ම මෙලොවදී ම ලබන්න පුළුවන් ආනිසංස වෙනවා. ඒ නිසා ම බොහෝ පිරිස මෛත්‍රී භාවනාව, පුරුදු කරගන්න, උත්සාහ කළා. අපේ පැරැන්නන් ඉතිහාසයේ සිටම, කටපාඩමෙන් උදේ සවස, තුනුරුවන් වැඳ නමස්කාර කර ‘කරණීය මෙත්ත සූත්‍රය’ සජ්ඣායනා කළා. මෙම සූත්‍රය පිරිතක් සේ භාවිත කළා සේ ම භාවනාවක් වශයෙන් ද දේශනාවේ සඳහන් ගුණාංග තම ජීවිතයට ඇතුළත් කර ගනිමින් පුරුදු පුහුණු කළා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව යි. මෙම භාවනාව අප්‍රමාණ කර්මයට, මහග්ගත ක්‍රමයට දියුණු කරන ආකාරය කරණීය මෙත්ත සූත්‍රය තුළ සඳහන් වෙනවා. මුලින් ම මෙලෙස සඳහන් වෙනවා. ‘කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච’ උතුම් ශාන්ත පදනමෙන් නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා ‘කරණීය’ කළ යුතු යි, ‘අත්ථකුසල ’ තමන්ගේ ජීවිතය තුළ කුසල් දහම් වර්ධනය කරගත යුතු යි යන්න යි. ‘යං තං සන්තං පදං අභිසමේච්ච’ යම් ශාන්ත පදයක් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ , ධර්මාවබෝධය නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා, මෙවැනි ගුණ ධර්ම ඇති කර ගත යුතුයි යනුවෙන් සඳහන් කරනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]