[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමා සධාතුක කරඬුව
පිරිත් මණ්ඩපයට වැඩම කළ අවස්ථාව

2564 රාජ්‍ය වෙසක් උත්සවයෙන්

කොරෝනා වසංගත තත්ත්වය මත වුවද රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට මෙවරද කටයුතු යොදා තිබිණි. සෞඛ්‍ය ආරක්ෂාව හා නිරෝධායන රෙගුලාසි නීතීන්ට අනුව යමින් මෙවර වෙසක් උත්සවයේ ආගමික හා සංස්කෘතික කටයුතු සිදු කිරීමට රජය විසින් තීරණය කරන ලදී. එසේ වුවත් මේ මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා වෙසක් සතියක්ද රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සියලු සුරාසැල් හා මස්මාංශ අලෙවිසල් පවා වෙසක් දිනවල වසා දමමිනි. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේ දී පසුගිය 6 වැනිදා පැවැත්වුණු අතර 2564 වන වෙසක් සැමරුම් උත්සවයේ තේමාව වූයේ ‘ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං‘ යන්නයි. අරලිය ගහ මන්දිරයේ පැවැති සමාරම්භක රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ සඳහා තෛ‍්‍රනිකායික අනු නාහිමිවරුන් වැඩම කර සිටියහ. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ වෙසක් පුන් පොහෝ දින එනම් 7 වැනිදා රාත්‍රියේ පැවැති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.  ජනාධිපතිතුමා සධාතුක ධාතු කරඬුව පිරිත් මණ්ඩපයට වැඩම කරවීම සිදු කරන ලදී.


 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]