[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ ඔලබොඩුව
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරය

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වූ ඔලබොඩුව සුදර්ශනාරාම රජමහා විහාරය

නිශ්ශංකමල්ල රජතුමා පළාත් සංචාරයන්හි නියැළෙමින් ශ්‍රී පාදය හා පහත රට සංචාරය කරද්දී ඔලබොඩුව ගම්මානයටද පැමිණ ඇති බවත් එහිදී තුලාභාර දානයක් ලබා දී ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සැමරීමට නියමිත වූයේ හොරණ ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී ය. කොරෝනා වසංගතය නිසා එය උත්සවාකාරයෙන් පැවැත්වීමට මෙවර හැකියාව ලැබුණේ නැත. එහෙත් ආගමික වතාවත්වලට මුල් තැන ලබා දී රාජ්‍ය වෙසක් උත්සවයේ මූලික සියලු කටයුතු ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරයේදී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ ඔලබොඩුව ගම්මානයේ පිහිටි ඔලබොඩුව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරය ප්‍රධාන වශයෙන්ම අපට වැදගත් වන්නේ කරුණු දෙකක් නිසා ය. එයින් එක් කරුණක් වන්නේ ඔලබොඩුව විහාරස්ථ අතීතය පොළොන්නරුව යුගය දක්වා දිව යාමයි. විශේෂයෙන්ම නිශ්ශංකමල්ල රජතුමා පළාත් සංචාරයන්හි නියැළෙමින් ශ්‍රී පාදය හා පහත රට සංචාරය කරද්දී ඔලබොඩුව ගම්මානයටද පැමිණ ඇති බවත් එහිදී තුලාභාර දානයක් ලබා දී ඇති බවත් ඉතිහාසයේ දැක්වේ. එහිදී ප්‍රාන්ත ඇමැතිවරයකුගෙන් ප්‍රදේශය ගැන විස්තර ලබා ගෙන එම ස්ථානය දේව අනුහස් ඇති ස්ථානයක් හා මහානුභාව සම්පන්න ස්ථානයක් බව දැනගෙන එහි දෙවොලක් ඉදි කිරීම සුදුසු බව නිර්දේශ කර ඇත.

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]