[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

 

 

 

 

 

 


 

නිවෙසේ සිටම වෙසක් සමරන්න‍

තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු පවසති

දිවයිනේ සියලූ විහාරස්ථානවලදී හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදි  පුණ්‍යෝත්සව සංවිධානය නොකොට නිවෙස් තුළදීම ආමිස හා ප්‍ර‍තිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල මෙවර සැමරීම වඩාත් යෝග්‍ය බව තෛ‍්‍රනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප‍‍්‍රකාශ කර සිටිති. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකල ක්ලේෂයන් ප‍‍්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යෝත්සව  දිනයයි. මෙදින දාන, ශීල, භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්තිමය පූජෝපහාරයන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකල ලෝකවාසී බෞද්ධයින්ගේ සිරිත විය. එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා බලවත් රාජ්‍යයන්හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සවය පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.

 

ජාතික වෙසක් උලෙළට විශේෂ පින්කම්

මෙවර ජාතික වෙසක් සතිය සංකේතවත් කරමින් 6 වැනිදා අරලිය ගහ මන්දිරයේදී තෛ‍්‍රනිකායික මහ නා හිමිවරුන් ඇතුළු නා හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් කෙටි ආගමික උත්සවයක් පැවැත්වේ. ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ වන එහිදී මහ නා හිමිවරුන් සිවු නම විසින් අනුශාසනාවන් සිදු කිරිමට නියමිත වුණි. එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ සිතුවම් සහිත මුද්දර 4ක් නිකුත් කිරීමද එදින සිදු කෙරේ. හොරණ ගෝනපොළ ඔලබොඩුව රජ මහා විහාරස්ථානයේ මැයි 7 (වෙසක් පුන් පොහෝ දින) දිනය පුරා විශේෂ වෙසක් ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඒ වැඩසටහන් රූපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කෙරෙන අතර මහජන සහභාගිත්වයක් නොකෙරේ.

බුදුගුණ සිහි කරමු

බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක." මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ. එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

 

සම්බුදු උපත සැපතකි

නිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි. බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා. ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විට ජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා.

 

සැබෑ වෙසක් සැමරීමට මේ කාලය යොදා ගන්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීම පිණිස සිදු කළ උත්තම සේවාවට උපහාර වශයෙන් බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් දින සමරනු ලබනවා. එහෙත් මෙවර ලෝකයේ සියලුම බෞද්ධ රටවල් වෙසක් සැමරීමේදී දැඩි අපහසුතාවකට පත් වෙලා . ඒ වසංගත රෝගී තත්ත්වයන් නිසා රටවල් වසා තැබීම නිසයි. එවන් තත්ත්වයක් යටතේ බෞද්ධයන්ට වෙනදා සැමරූ ලෙසින් වෙසක් උත්සවකාරයෙන් සැමරීමට බැහැ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට එහා ගිය අති මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි උත්තුංග අසමසම අයෙක්.උන් වහන්සේ සැමරුම වෙනුවන් අප අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම ගුණ ධර්මයන් වැඩිය යුතු වනවා. ඇත්තෙන්ම අප අවබෝධ කර ගත යුතුයි සැබෑ වෙසක් යන්න කුමක්ද කියා. අප වෙසක් උලෙළක් ලෙසින් සමරනවා. ඒ සඳහා තොරණ, දන්සල් වෙසක් පහන් කූඩු වැනි ප්‍රදර්ශනාත්මක ආමිෂ කටයුතුවල නියැළෙනවා. එහි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසින් අප ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපට පෙරහර, දන්සල්, තොරණ හෝ වෙනත් සාමූහික කටයුතුවල නියැළීමට හැකියාවක් නැහැ.

 

බෞද්ධ චින්තනයෙන් ගොඩනැඟෙන දේශීය චින්තනය

"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල්වන් ගොයම යි. රන්වන් සිවුර යි. කියන දේශජ බවත් සමඟ, සෞභාග්‍යයේ දැක්මත් සමග යි ඉදිරියට අපේ ජාතිය ගොඩනඟා ගත යුතුවන්නේ. කොරෝනා වෛරසය ඉදිරියේ සෞභාග්‍යයේ දැක්මත් සමඟ අප ඉදිරියේ දී පෙළ ගැසිය යුතු වෙනවා. ඒ බෞද්ධ චින්තනය ඔස්සේ යි." බෞද්ධ චින්තනය, පෙරදිග චින්තනය හා දේශීය චින්තනය ආදී ලෙස තුන් ආකාරයකින් කියැවුණ ද මේ ත්‍රිත්වය ම එකම චින්තනයක් ලෙසටයි අප විසින් සලකනු ලබන්නේ. පෙරදිග චින්තනය, දේශීය චින්තනය බවට පත්වන්නේ බෞද්ධ චින්තනයම යි. මෙසේ පෙරදිග චින්තනය, දේශීය චින්තනය ලෙස අප ගොඩනඟා ගත් දේ කුමක් ද? මෙයට ප්‍රතිවිරුද්ධ චින්තනය අධ්‍යයනය කළවිට එය හොඳින් පැහැදිලි වෙනවා. එයට අප කියනවා බටහිර චින්තනය කියලා. බටහිර චින්තනයේ ස්වරූපය සෘජු රේඛාවක් දිගේ සිතීම යි. සෘජු රේඛාවක් ආකාරයට සිතීමට පෙළඹීම මත මුලක් හෝ අගක් සොයන්නට බැරිවෙනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]