[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බෞද්ධ චින්තනයෙන් ගොඩනැඟෙන දේශීය චින්තනය

"වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල්වන් ගොයම යි. රන්වන් සිවුර යි. කියන දේශජ බවත් සමඟ, සෞභාග්‍යයේ දැක්මත් සමග යි ඉදිරියට අපේ ජාතිය ගොඩනඟා ගත යුතුවන්නේ. කොරෝනා වෛරසය ඉදිරියේ සෞභාග්‍යයේ දැක්මත් සමඟ අප ඉදිරියේ දී පෙළ ගැසිය යුතු වෙනවා. ඒ බෞද්ධ චින්තනය ඔස්සේ යි." බෞද්ධ චින්තනය, පෙරදිග චින්තනය හා දේශීය චින්තනය ආදී ලෙස තුන් ආකාරයකින් කියැවුණ ද මේ ත්‍රිත්වය ම එකම චින්තනයක් ලෙසටයි අප විසින් සලකනු ලබන්නේ. පෙරදිග චින්තනය, දේශීය චින්තනය බවට පත්වන්නේ බෞද්ධ චින්තනයම යි. මෙසේ පෙරදිග චින්තනය, දේශීය චින්තනය ලෙස අප ගොඩනඟා ගත් දේ කුමක් ද? මෙයට ප්‍රතිවිරුද්ධ චින්තනය අධ්‍යයනය කළවිට එය හොඳින් පැහැදිලි වෙනවා. එයට අප කියනවා බටහිර චින්තනය කියලා. බටහිර චින්තනයේ ස්වරූපය සෘජු රේඛාවක් දිගේ සිතීම යි. සෘජු රේඛාවක් ආකාරයට සිතීමට පෙළඹීම මත මුලක් හෝ අගක් සොයන්නට බැරිවෙනවා. අපි ප්‍රශ්නයක් අසනවා, මුලින් ම හට ගන්නේ පොල් ගස ද, එසේත් නැතිනම් පොල් ගෙඩිය ද කියලා. කෙනෙක් ඊට පොල්ගස යැයි පිළිතුරු දෙනවා. එසේනම් පොල් ගස හැදුණේ කුමකින්ද? එතැන දී පොල් ගෙඩියෙන් ය කියන මුල එනවා. ඒ වගේ ම පොල් ගෙඩිය සැදුණේ කුමකින්දැයි ඇසුවොත් පොල් ගෙඩිය, පොල් ගසින් සැදුණ බව කියනවා. එතැන දී මුල, ආරම්භය බවට හේතුව බවට පත් වන්නේ, පොල් ගසයි. එනම්, දෙකෙන් එකක් හැම විට ම මුලට යනවා. මුල සොයා ගන්නට බැරි වෙනවා.


 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]