[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බුදුගුණ සිහි කරමු

බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක." මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ. එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.


 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]