[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනසට ඖෂධ දුන් ශාස්තෘවරයාණෝ

මනසට ඖෂධ දුන් ශාස්තෘවරයාණෝ

සංසාරගත සත්වයාගේ සෑබෑ ම ජීවිතය ගැන හෙළිකොට අවිද්‍යාවෙන් ඇලුණු සත්වයා එයින් නිදහස් කොට පරම සැනසීම ළගා කර දීම සදහා භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක.

පන්සාළ ිස් වසක් ගම් දනව් සිසාරා ලෝකයා වෙත ධර්මය නැමැති ඖෂධය බෙදා දුන්නේ ගිනි ගන්නා සිත් සනසාලීමට ය. ලෝකයේ සත්ත්වයා අවිද්‍යාවෙන් ගැලී සිටින විට පරම සත්‍යය දැක ගත නොහැකි යි. සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ සගාථ වර්ගයේ වුට්ඨි සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ විද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය පිළිබදව අවබෝධය ඇතිවෙන විට අවිද්‍යාව හෙවත් නොදැනීම පහත හෙලෙන බවකි. ලෝකයෙහි පරම සත්‍ය අවබෝධ කර දීම දුෂ්කර වූවකී.

භාග්‍යවතුන් වහන්සේ තම ධර්මය මුල්ම කාලවකවානුව තුළ සමාජගත කිරීමේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වන බව විනය පිටකයේ පාරාජිකා පාලියෙහි දැක්වෙනවා. පවුල් විනාශ කරන පුද්ගල ජීවිත අවුල්සහගත තත්ත්වයකට පත් කරන කෙනෙක් ලෙස හදුන්වා දී විවිධ චෝදනා එල්ල කළහ.

මිනිස් සිතෙහි ඇති අසිරිය පිළිබඳව ලොවට වදාළ බුදුන් වහන්සේට සමාන කෙනෙක් ලොවෙහි සොයා ගත නොහැකි ය. සසරේ විවිධ පාරමිතාවන් පුරමින් සොයන ලද්දේ ද මිනිස් සිතේ ස්වභාවය හා විශිෂ්ටත්වය යි. බුද්ධත්වයට පත් වීමෙන් පසුව මිනිසාත්, මිනිස් සිතත් පිළිබඳව සියල්ල අවබෝධ කළහ. පරසිත් දන්නා නුවණින් උන්වහන්සේ සමීපයට පැමිණෙන සියලු සත්වයන්ගේ විවිධ මමෝභාවයන් හඳුනා ගත්තහ. ඔවුන්ගේ චරිත ස්වභාවය, සිතුම් පැතුම් පමණක් නොව පූර්ව ජන්මයන් පිළිබඳව ද මෙන් ම මරණින් මතු ආත්මයන් ගැන ද දැන ගැනීමේ ඥානය උන ්වහන්සේ සතු වූහ. මිනිස් සිතේ ස්වභාවය පෙන්නුම් කරන ස්ත්‍රී පුරුෂ සිත් ඇද ගන්නා අවස්ථාව වනාහි ඉතා සියුම් අවස්ථාවක් සෙ ් පෙනේ. ලෝකයෙහි ස්ත්‍රීයගේ රූපය පුරුෂයාත්

පුරුෂයාගේ රූපය ස්ත්‍රියත් ඇදගන්නා අවස්ථාව තරම් වෙනත් වස්තුවක් ලොවෙහි නැති බව ( අංගුත්තර නිකායේ ඒකක නිපාතය) දේශනා කිරීම ඉතා සියුම් අවස්ථාවක් වේ.

දියුණු කරන ලද පුහුණු කරන ලද සිත තරම් තමන්ට සැපගෙන දෙන වෙනත් දෙයක් ලොවෙහි නැති බව දේශනා කළහ. වර්තමාන ලෝකයෙහි පවා විවිධ තාක්ෂණික දිය ුණුව සිදු කර ඇත්තේ පුද්ගල ඥානය දියුණු කිරීමෙනි. මෙය ලෞකික ඥානයෙහි දියුණුවකි. එහෙත් ලෞකික හා ලෝකො ්ත්තර තත්ත්ව දෙකෙහි ඥානය උපදවා ගැනීමේ ශක්තිය බුදු පියාණන් වහන්සේ සතු වූහ. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මිනිස් සිතට ම ආමන්ත්‍රණය වූවකී. මූලික වශයෙන් මින ිස් සිතේ උපදින ධර්මතා තුනකි. එනම් ලෝභය, ද්වේෂය හා මෝහයයි. මිනිස් ගැටලුවලට මූලිකම පදනම සැකසෙන්නේ ද මේ මමෝ භාවයන් තුළිනි. රාග යනු ජීවිත කාලයේ ම මිනිසා සිදු කරන ක්‍රියාවකි. එනම් තමන් කැමති දෑ ලෝකයෙන් ලබා ගැනීම සදහා පුද්ගල මනස තුළ පවතින කැමැත්ත වේ. මේ භෞතික ලෝකයෙහි මිනිස් සිත අසීමිත ආශාවන්ගෙන් පිරී ඇති අතර මෙහි අසවල් සීමාව යැයි හඳුනා ගන ්නට පෘථජ්ජන මිනිසාට නොහැකි ය. දෝස යනු තමන් අකමැති දෑ ලො ්කයෙන් ඉවත් කරන්නට ගන්නා උත්සාහය වේ. විශේෂයෙන් ම මෙහි ද සීමාවක් නොමැති අතර ම මුළු ජීවිතය පුරාම දැක ගත හැකි කාරණාවක ි. මෝහ යනු වෙනස්වන ලෝකයෙහි තමන් කැමති දෑ ලබා ගන්නට නොහැකි වීමත්, අකමැති දෑ ඉවත් කරන්නට නොහැකි වීමත් මත නිරන්තරයෙන් ම මිනිස් මනස තුළ හට ගන්නා අසහනය , අසන්තෘප්තිය හා අත්වැල් බැදගත් අවුල් ජාලාව වේ. මෙකී සරල න්‍යාය පොදුවේ සියලු ජාති ආගම් භේදයකින් තොරව දැක ගත හැකියි. මිනිසාගේ සිය ̈ ජීවන රටාව සැකසී ඇත්තේ ද මෙම මානසික ස්වභාවයන් තුළ වේ. මිනිසා මේ කරුණු හොඳින් හෝ නරකින් සපුරා ගන්නට වෙර දරන සෑම අවස්ථාවක දී ම ගැටලු පැන නගී. මෙකී කාරණාවල දී අනවශ්‍ය හා හානිදායක අයුරින් ක්‍රියාත්මක වන විට රාගය නැතහොත් ලෝභය අභිජ්ඣාව ( දැඩි ලෝභය) බවටත් දෝසය ව්‍යාපාදය (හිංසාකාරී) බවටත් මෝහය මිථ්‍යාදෘෂ්ටිය (වැරදි මත) බවටත් පරිවර්තනය වේ. මිනිසා තමන් සන්තකයට සියල්ල ලැබිය යුතුයි යන සංකල්පයෙහි පසුවෙන කල්හි විවිධ කීර්ති ප්‍රසංශාදිය ලැබෙන විට අස්මීමානය හෙවත් මම යන සංකල්පය ගොඩ නැගී තමන් පිළිබඳව ද මානය ගොඩ නැගේ. අභිජ්ඣාව, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටිය හා අස්මීමානය පුද්ගලයාගේ මෙන් ම සමාජයෙහි ද ගැටලු ඇතිවීම සදහා සෘජුව ම බලපායි. විෂම ලෝභය නිසා ඉච්ඡාභංගත්වයක් ඇති වීම නිසා වෛරී සහගත මෙන් ම දුක් දොම්නස් සවරූපයක් ද ඇති වේ.

පුද්ගලයාගේ සාමකාමී ජීවිතය සම්පුර්ණයෙන් ම නැති කරන එසේ නැතහොත් ජීවිත ගැටලු ඇතිකරවන කරුණු ක්ලේස නැතහොත් ආසව යනුවෙන් දැක් වේ. කරදරයකින් තොරව ජීවිතයක් පවත්වා ගෙන යෑම වනාහි ආසව දුරු කිරීම වේ. එසේ නැතහොත් ඊට හේතුවන සාධක සියල්ල ඉවත් කිරීමෙනි.

මෙම ආසව හෙවත් කෙලෙස් ගොඩ නැගීම සදහා හේතුවන කරුණු අවබෝධ කර ගැනීම පුද්ගල ජීවිතයට ඉතා වැදගත් වේ. වත්මන් ලෝකයේ මෙන් ම අනාගත ලෝකයෙහි ද පොදුවේ ඇතිවෙන ගැටලු වන්නේ කුසගින්න ලෙඩ රෝග ආදි වු ශාරීරක ගැටලු ය ි. වෛරය, කලකිරීම හා බිය ආදි මානසික ගැටලුය ි. සීතල උෂ්ණ වැනි ස්වාභාවික නැතහොත් පාරිසරික ගැටලුයි. කලකෝලහාල ආදි වශයෙන් ඇති සාමාජික ගැටලු යි. මෙම ගැටලු තේරුම් ගැනීම හා ඒවා සමනය කර ගැනීම බුද්ධිමතාගේ වටිනාකම පෙන්නුම් කරන අවස්ථාවකී. මෙකී ගැටලු ඇතිවෙන අවස්ථා හතක් පිළිබදව මජ්ජිම න ිකායෙ ් සබ්බාසව සූත්‍රයේ දී පෙන ්වා දී ඇත.

එනම් දස්සන , සංවර , පටිසෙවන, අධිවාසන, පරිවජ්ජන, විනෝදන, භාවනා යනුවෙනි. දස්සන යනුවෙන් පෙන්වා දෙන්නේ ආත්ම දෘෂ්ටිය විචිකිච්ඡාව හෙවත් සැකය, වැනි මානසික ස්වභාවයන් නිසා ගැටලු රාශියක් ඇති වේ. එවැන ි ස්වභාවයන් දුරු කිරීම හෙවත් අවබෝධයෙන් දුරු කිරීම දස්සන නම් වේ. පංච ඉන ්ද්‍රියන් හරහා ලබා ගන්නා වු අරමුණු ඔස්සේ ගොඩ නැගෙන කෙලෙස් දුරු කළ හැක්කේ සංවරයෙනි. ආහාර වස්ත්‍ර නිවාස බේත් හෙත් ආදිය නිසා ඇතිවෙන කෙලෙස ් දුරු කළ හැක්කේ ඒවා භාවිතයෙහි දී ඇතිවෙන ස්වභාවයන් පටිසෙ ්වනයෙන ි. සීත, උෂ්ණ , කුසග ින්න පිපාසය වැනි ස්වභාවයන් නිසා ආසව හට ගනී. ඒවා දුරු කළ යුත්තේ අධිවාසනා හෙවත් ඉවසීමෙනි.

ඇත් අස් වැනි සත්වයන් හා කදු හෙල් ආදිය නිසා ද කෙලෙස් ඇති වේ. ඒවා දුරු කිරීම පරිවජ්ජන නම් වේ. සීත , උෂ්ණ, කුසග ින්න පිපාසය වැනි ආසව දුරු කළ යුත්තේ අධිවාසන හෙවත් ඉවසීමෙනි. කාම, ව්‍යාපාද හා හිංසා දුරු කළ යුත්තේ ඒවා මනසින් දුරු කළ යුත්තේ සතිය වැඩිමෙනි. වීර්යාදි ගුණාංග භාවනාව මගින් පුරුදු කිරීමෙනි. මෙම ගැටලුකාරි ස්වභාවය නිසා වර්තමාන ලෝකයෙහ ි මිනිසා කායික හා මානසික ලෙඩ්ඩු බවට පත් වී සිටිති. රෝග සූත්‍රයේ දී පෙන්වා දෙන්නේ කායික හා මානසික වශයෙන් රෝග පවතින බව යි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශිෂ්ට වන්නේ මෙම මානසික ගැටලු නිසි ලෙස හඳුනා ගන ිමින් අවශ්‍ය උපදේශය නිසි ලෙස ලබා දීම යි.

විශාඛාවගේ එක් මුණුබුරෙක් හදිසියේ මිය ගියා. මෙම සිදුවීමෙන් දැඩි ලෙස ශෝකයට හා කනගාටුවට පත් ඈ බුදුන් වහන ්සේ සමීපයට පැමිණ තම දුක ප්‍රකාශ කළා. විශාඛාවෙනි , මේ නගරයේ වාසය කරන මිනිසුන් තරම් ඔබට මුණුබුරන් ලබන්නට කැමති ද දැයි බුදුහු ඇසුහ. ඇය පිළිතුරු දුන්නේ ද ඔව් යනුවෙනි. එසේනම් දවසකට මේ නගරයේ කී දෙනෙක් මරණයට පත් වන්නේ ද යනුවෙන් විමසා සිටි කල්හි විශාඛාව සදහන් කළේ දවසකට දහයක් දොළොහක් හා ඇතැම් දිනවල දෙදෙනෙක් හා තුන් දෙනෙක් ආදි වශයෙනි. මෙම අදහස පදනම් කරගමින් දේශනා කළෙ ්, විශාඛාවෙනි ඔබගේ ශෝකය කිසි දිනෙක නොවිසඳෙන බව යි. තමන් ප්‍රිය කරන ඇතැම් කරන සිය දෙනෙක් ඇත්තේ ද එහි දි දුක් සියයක් හට ගන්නා බව දේශනා කළහ. මෙම කාරණාව ඉතා සරලව පෙනුන ද මෙහි ඉතා ගැඹුරු ස්වරූපයක් දැක ගත හැකි යි. පුද්ගල මනස පිළිබද ගැඹුරු විග්‍රහයක් සේ පෙන්වා දිය හැකි ය. දැඩි ශෝකයට පත් විශාඛාවට ලබා දී ඇත්තේ මනෝචිකිත්සක උපදේශනයකි. ඇගෙ ් අත්දැකීමෙන් ම මේ කාරණාව විග්‍රහ කර පෙන්වා දීම මෙහි ඇති විශිෂ්ටත්වයයි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]