[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරිවාණිජ ජාතකය
- සිතුවම සමන් ශ්‍රීකාන්ත

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසෙලාස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

ව්‍යසනයන්ගෙන් වැළකෙන පහසුම මඟ

"දස රාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු ඇතුළු ධාර්මික රාජ්‍ය නායකයකු විසින් අනුගමනය කළ යුතු, පිළිවෙත් නායකයන් කොතෙක් අනුගමනය කළද ජනතාව නිසි උපදෙස් පිළි නොපැද සිටියහොත් රට විනාශයක් කරා යැම වැළැක්විය නොහැකි වනවා."  ලෝකයේ මිනිසුන් අතර විවිධාකාර හේතු සාදාගෙන දැවැන්ත යුද ගැටුම් ඇති වුණා. උදාහරණ ලෙස පෙන්වා දෙනවානම් 1 වැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධයත් කුරුස යුද්ධයත් පෙන්වා දෙන්න පුළුවන්. එහිදී විශාල වශයෙන් මිනිසුන් ඝාතනය වුණා. අද වුවද න්‍යෂ්ටික අවි පවා නිෂ්පාදනය කරනු ලබන බවත් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අවශ්‍යතාව මත නොව තමන්ගේ බලපුළුවන්කාරකම් අනෙකාට පෙන්වීමටයි.  එහෙත් වසංගත රෝගී තත්ත්වයකදී, එසේත් නැත්නම් වයිරස ආසාදනයකදී මේ බලපුළුවන්කාරකම් සියල්ල යට වෙනවා. එහිදී ජාතිය, ආගම්, කුල භේද උගත්, ධනවත් කිසිවකට යටත් නොවී එකම ආකාරයකට එහි බලපෑම එල්ල වන්නේ. මේ වන විට ලෝකයේ සිදුව ඇති ව්‍යසනයන්ගෙන් ඒ බව අපට පෙනී යනවා. ස්වභාවික විපත්වලදී මෙන්ම මේ කොරෝනා ව්‍යසනයන්ගෙනයේදී ද සියලූ‍ දෙනාටම එකම ආකාරයේ විපත්තීන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. බුදු රජාණන් වහන්සේ විසින් අපට යහපත් දිවියකට කරුණු රැසක් අනුදැන වදළා. ඒ අනුව අප කටයුතු කරන්නේ නම් මේ ගැටලූ‍ අවම කර ගත හැකි වනවා.


ආනන්තරීය පාප කර්ම හැර සියලූ‍ පව් යටපත් කරන බුද්ධ වන්දනාව

"අසූ මහා  ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි."  බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් වහන්‍සේ සමඟ වෙල් යායක් හරහා වැඩම කරමින් සිටියා. එක්තරා බ්‍රහ්මණයෙක් තමන් කුඹුරේ වැඩ අරඹන්න පෙර එක්තරා ස්ථානයකට වැඳ නමස්කාර කර කුඹුරු වැඩට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ, මෙහි ඔබ වැඳ නමස්කාර කරන්නේ කුමටද යනුවෙන් විමසුවා . එවිට බමුණා පැවසුවේ ස්වාමීනි, අපේ පිය පෙළපතේ සැ‍වොම ‍‍මෙම ස්ථානයට වැඳ නමස්කාර කර කුඹුරු වැඩ ඇරැඹූ බැවින්, මා ද මෙලෙස කුඹුරු වැඩ අරඹන බව පැවසුවා. ‍බොහොම ‍‍හොඳයි බමුණ. ඔබ ඉතාම සුදුසු තැනකට යි වන්දනා ක‍ෙළ් යනුවෙන් බුදුන් වහන්සේ වදාළා. මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්‍‍සේ පරිනිර්වාණයට පත් වුණාම ඒ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑ රඳුන් වහන්සේ තිබුණේ මෙතැනයි යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ පහදා දී, බුද්ධ ආනුභාවයෙන් සෑය මතු කර පෙන්නුවා. බමුණා ඇතුළු පිරිසට බුද්ධ වන්දනා‍වේ අනුහස් පැහැදිලි කළ විට සෝවාන් මාර්ග ඥාචයෙන් විශාල පිරිසක් නිවනට පත් වුණා. ඒ නිසා බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සාමාන්යය දෙයක් වශ‍යෙන් සලකන්න එපා.

 

සසුන් කෙත සුරකින කැඩපත

"අප බොහෝ දෙනෙකු තුළින් දැකගත හැකි වන්නේ උඩඟුකම නමැති ප‍්‍රතිරූපයයි. සැබැවින්ම එය ප‍්‍රතිරූපයක් නොව අවතාරයකි. එය ඔබගේත් මගේත් ප‍්‍රතිරූපය වියහැකි දැයි සිතා බැලීම සුදුසු ය." ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ශී‍්‍ර සද්ධර්මය සහ ආර්යය මහා සංඝරත්නය යනු ත‍්‍රිවිධ රත්නයෝ ය. අප දිනපතා සජ්ඣායනය කරන රතන සූත‍්‍රයෙහි මෙම රත්න තුන හා සමාන රත්නයන් ලෝකයෙහි අවිද්‍යමාන බව සඳහන් වේ. ශී‍්‍ර ලංකාව වූකලි බාහිර වශයෙන් පලිඟු වෛඩූර්ය ආදී භූමිගත රත්නයන්ගෙන් ද, ආධ්‍යාත්මික වශයෙන් ඉහත කී ත‍්‍රිවිධ රත්නයන්ගෙන් ද සමන්විත දේශයකි. එසේම අනේකවිධ දෙවි දේවතාවන්ගේ ද රැකවරණයෙන් සුරක්ෂිත මෙම දේශය බටහිර සංස්කෘතිය වැළඳ ගැනීම් හේතුවෙන් අනුක‍්‍රමයෙන් ව්‍යසනය කරා ගමන් කළ අයුරු ද අප දුටු සත්‍යයකි. ලෝක නීතිය හා ධර්ම නීතිය මායිම් නොකරමින් ජීවිතය ජය ගැනීමට උත්සාහ දරන ගිහි සමාජයක් මෙන්ම පැවිදි සමාජයක් ද ඒ අනුව නිර්මාණය විය. ලෝකයටම පොදු වූ මෙම තත්ත්වය මත ස්වභාව ධර්මයට මෙන්ම සතා සිවුපාවට ද සිදු වූයේ අපමණ හිරිහැරයකි. එහෙයින්ම ලෝකයේ මිනිස් ප‍්‍රජාව ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඉමහත් හිරිහැර හා ව්‍යසනවලට පත්වී සිටිති. මෙම තත්ත්වය යටතේ බුදුදහම සුරකින ජාතියක් වශයෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිව්වැදෑරුම් වන බෞද්ධ සමාජය සතු පරමාදර්ශී කාර්යභාරයක් වේ. ඒ සඳහා කළයුතු වන්නේ ශී‍්‍ර ලංකාවේ බුද්ධ ශාසනයේ නිරුපද්‍රිත පැවැත්ම සඳහා කළ හැකි දේ කිරීමයි. ස්වයං විවේචනය නමැති කැඩපත ඉදිරියෙහි පරීක්ෂාවට ලක්වීම මේ සඳහා අප විසින් කළ යුතු පළමු කාර්යභාරය වේ.

 

බොදු පිළිවෙතින් ගලා යන මෛත‍්‍රී ගංගාව

භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවන් හිදී වටාපත පරිහරණය කරනවා. එවිට ධර්ම දේශනා කරන අවස්ථාවේ දී උන්වහන්සේ වෙතින් කෙළ බිඳක් හෝ පිට වෙන්නේ නෑ. වටාපත නිසා අනෙක් අය ආරක්ෂා වුණා. එහිදී හස්ත විකාර, මුඛ විකාර ආදියත් වළකිනවා. ඒ වගේම තමයි මේ නිරෝධායන සංකල්පය. එය ක්‍රියා වන්නේ මෛත්‍රිය පදනම් කරගෙනයි." අද අප භයානක වසංගත රෝගයකට මුහුණ දී සිටිනවා. මෙබඳු කලින් කලට ඇතිවන රෝග ආපදාවන් ලෝක ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙනවා. බුද්ධ කාලයේ ඇති වූ අහිවාතක රෝගය එබඳු එක් අවස්ථාවක් හැටියට දකින්නට පුළුවන්. ඒ රෝග අවස්ථාවේ දී මිනිසුන් වහලය බිඳ ගෙන, ගොස් බිත්ති කඩාගෙන ගෙයින් පිට වූ බවයි සඳහන් වන්නේ. ඒ අනුව අටුවාව පැහැදිලි කරන්නේ එය වාතයෙන් බෝවන රෝගයක් ලෙසටයි. බිඳිති මගින් බෝ වනවා වැනි තත්ත්වයක් නිසා ඒ රෝගය වාතයෙන් බෝ වන රෝගයක් බව සිතුවා වන්නට ද පුළුවන්. ලංකාවේ ද මෙබඳුම රෝගයක් ගැන අපට එක් අවස්ථාවක අසන්නට ලැබෙනවා. එය යක්ෂ උවදුරක් ලෙසයි හඳුන්වා තිබුණේ. එම "රක්තාක්ෂ‘. උවදුර අවස්ථාවේ දී රෝගය වැළඳුණ කෙනෙක් දකින දකින කෙනාට රෝගය බෝ වූ බව සඳහන්. එබඳු අවස්ථාවල දී අපේ රජවරු එම උවදුරු ජය ගත්තේ ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙනයි. ඒ වගේම අතීතයේ අප බරපතළම උවදුරු කිහිපයකට මුහුණ දුන් අවස්ථාවක් වන්නේ වළගම්බා රාජ සමයේ ඇති වූ බැමිනිටියා සාගතය අවස්ථාවයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]