[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ව්‍යසනයන්ගෙන් වැළකෙන පහසුම මඟ

ව්‍යසනයන්ගෙන් වැළකෙන පහසුම මඟ

"දස රාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු ඇතුළු ධාර්මික රාජ්‍ය නායකයකු විසින් අනුගමනය කළ යුතු, පිළිවෙත් නායකයන් කොතෙක් අනුගමනය කළද ජනතාව නිසි උපදෙස් පිළි නොපැද සිටියහොත් රට විනාශයක් කරා යැම වැළැක්විය නොහැකි වනවා."

 

ලෝකයේ මිනිසුන් අතර විවිධාකාර හේතු සාදාගෙන දැවැන්ත යුද ගැටුම් ඇති වුණා. උදාහරණ ලෙස පෙන්වා දෙනවානම් 1 වැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධයත් කුරුස යුද්ධයත් පෙන්වා දෙන්න පුළුවන්.

එහිදී විශාල වශයෙන් මිනිසුන් ඝාතනය වුණා. අද වුවද න්‍යෂ්ටික අවි පවා නිෂ්පාදනය කරනු ලබන බවත් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අවශ්‍යතාව මත නොව තමන්ගේ බලපුළුවන්කාරකම් අනෙකාට පෙන්වීමටයි.

එහෙත් වසංගත රෝගී තත්ත්වයකදී, එසේත් නැත්නම් වයිරස ආසාදනයකදී මේ බල පුළුවන්කාරකම් සියල්ල යට වෙනවා.

එහිදී ජාතිය, ආගම්, කුල භේද උගත්, ධනවත් කිසිවකට යටත් නොවී එකම ආකාරයකට එහි බලපෑම එල්ල වන්නේ. මේ වන විට ලෝකයේ සිදුව ඇති ව්‍යසනයන්ගෙන් ඒ බව අපට පෙනී යනවා.

ස්වභාවික විපත්වලදී මෙන්ම මේ කොරෝනා ව්‍යසනයන්ගෙනයේදී ද සියලූ‍ දෙනාටම එකම ආකාරයේ විපත්තීන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.

බුදු රජාණන් වහන්සේ විසින් අපට යහපත් දිවියකට කරුණු රැසක් අනුදැන වදළා. ඒ අනුව අප කටයුතු කරන්නේ නම් මේ ගැටලූ‍ අවම කර ගත හැකි වනවා.

විශේෂයෙන්ම එදිනෙදා කටයුතු කිරීමේදී අනුන්ට කරදරයක් නොවන ලෙසින් සිටින්නේ නම් සමාජ අර්බුද මතු වන්නේ නැහැ.

එහිදී බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයේදී එක් එක් පුද්ගලයින්ගේ යුතුකම් මැනවින් දේශනා කර වදාළා. එහිදී තමන් විසින් අනෙක් අයට කළ යුතු යුතුකම් ඉටු කළ විටදී තමන්ට හිමි අයිතිවාසිකම් නිතැතින්ම ලැබෙන බවද උන් වහන්සේ පෙන්වා දුන් සේක.

එහෙත් වර්තමාන සමාජයේදී අපට එවන් තත්වයක් දක්නට අපහසුයි.

අද අපේ සමාජයේ සිටින බොහෝ අයගේ ක්‍රියාවන් මීට හාත්පසින්ම වෙනස්. විශේෂයෙන්ම ආපදා කළමනාකරණයේදී අපේ ජනතාවගේ සහාය බොහෝ වැදගත් වුවත් ජනතාව කටයුතු කරන්නේ වගකීම් හා යුතුකම් විරහිතවයි.

ඒ සඳහා ඕනෑතරම් උදාහරණ සැපයීමට පුළුවන්. සුනාමි ජල කඳ පැමිණ මුහුදට ඇදී ගිය පසු එය නැරැඹීමට ගොස් විපතට පත් වූවන් කොපමණ සිටියාද? එසේම නාය යෑම් සිදුවූ විට එම රදැදේශ බලන්නට යන පිරිස කොතරම් සිටිනවාද? ගංවතුරක් ඇති වූ විට එහි ඔරු පදින්නට, එම ගංවතුර නරඹන්නට යන අය කොතරම් සිටිනවාද?

මේ අවස්ථාවේදීත් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් අප පිළි නොපැදීම නිසා ව්‍යසනයන්, තමන්ටත්, තම පවුලටත් ගමටත් රටටත් අවසානයේ සමස්ත ලෝක ජනතාවටත් බලපාන බව පැහැදිලියි.

බුදුරජාණන් වහන්සේ ද ජීවක වෛබ⋆ඥරයා විසින් ලබා දුන් උපදෙස් පිළි පැදීම සම්බන්ධව අපට බෞද්ධ සාහික⋆යේ දක්නට තිබෙනවා.

මේ වංසගත තත්ත්වය යටතේ නිරෝධායන කටයුතුවලට ලක් වන්නට යැයි කියූ අය, එයට අවනත නොවී නිරෝධායනයට ලක් නොවී එය මඟ හැර සිටීමේ විපාක අද මුළු රටටම අත් විඳින්නට සිදුව තිබෙනවා.

බුදු රජාණන් වහන්සේ මෙවන් විපත් සඳහා ඖෂධ නියම කර නැතත් ඒවායින් වළකින අයුරු පැහැදිලිව දේශනා කර තිබෙනවා.

එමෙන්ම බුදු දහමත් හෙළ සංස්කෘතියත් එක්වූ අපේ බෞද්ධ සංස්කෘතිය අද බටහිර ජාතීන් පවා පිළි ගෙන තිබෙනවා.

ආචාර කිරීමේදී අතට අත දෙනවා වෙනුවට දෙඅත් එක්කර ආයුබෝවන් කියා ආචාර කරන්නට ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයන් පවා අද පුරුදුව සිටිනවා.

රෝගාබාධයකදී නිසි උපදෙස් පිළිපැදිය යුතු බවත් දස රාජ ධර්ම හා සතර රාජ්‍ය වස්තු ඇතුළු ධාර්මික රාජ්‍ය නායකයකු විසින් අනුගමනය කළ යුතු, පිළිවෙත් නායකයන් කොතෙක් අනුගමනය කළද ජනතාව නිසි උපදෙස් පිළි නොපැද සිටියහොත් රට විනාශයක් කරා යැම වැළැක්විය නොහැකි වනවා.

වර්තමානයේ පවත්නා රෝග අවදානම දුරු කර ගැනීම පිණිස ඒකාරාශී වීමෙන් වළකින ලෙස සියලූ‍ම රාජ⋆ නායකයන් දන්වා සිටියද පසුගිය දිනක බංග්ලාදේශයේ ආගමික නායකයකුගේ අවමඟු‍ල් අවස්ථාවකට ජනතාව අතිවිශාල පිරිසක් රැුස්වී සිටි අයුරු අපට දක්නට ලැබුණා.

අපේ ආරක්ෂාව සලසා ගත යුත්තේ අප විසින්ම බව ඉතාම පැහැදිලියි.

එමෙන්ම රතන සූත්‍රය මෙරට විහාරස්ථානවල දේශනා කිරීම ඇරැඹීමත් සමඟම වර්ෂාව ඇතිවුණා. අපි රතන සූත්‍රයේ  ආරක්ෂාව ගැනත් මෙහිදී අවධානය යොමු කළ යුතු වෙනවා.

අපේ රටේ මේ ව්‍යසනකාරී තත්ත්වය තවම වර්ධනය වී නැහැ. එය වර්ධනය කිරීම හෝ නොකිරීමේ වගකීම ඇත්තේ අප සතුවම බවද මෙහිදී සිහි තබා ගත යුතුයි.

අපට හෙළ සංස්කෘතියෙන් හිමිව ඇති බොහෝ ගුණාංග මෙන්ම බුදු දහමින් ලබා දී ඇති උපදෙස් නිසි ලෙසින් පිළිපදින්නේ නම් මේ රෝග බිය ඇතුළු සියලූ‍ දෙයින් මිදීම අපහසු වන්නේ නැහැ.

අතීතයේ සිට අද දක්වාම අපගේ නිවෙසක යම් බෝවන රෝගයකින් පෙළෙන අයකු සිටියහොත් නිවසට බාහිර පුද්ගලයින් පැමිණීම වැළැක්වීම පිණිස කොහොඹ අත්තක් නිවෙස ඉදිරිපිට එල්ලා තැබීම සිදු කළා. නිවැසියන්ද බැහැර ගියේ නැහැ. ඒ තමයි අපේ හෙළ නිරෝධායනය.

රටට ජනතාවට පමණක් නොව තම පවුලේ ඥාතීන්ට පවා ආදරයක් කරුණාවක් මෛත්‍රීයත් නොමැති පුද්ගලයන්ට විරුද්ධව බුදු දහමේ වුවද දඬුවම් නියම කර ඇති බව පෙන්වා දිය යුතුයි.

එකම වරද දිගින් දිගටම සිදු කරන්නේ නම් ඒ සඳහා දඬුවම් තිබේ. බුදුරජාණන් වහන්සේ සමඟ (සිදුහත් කුමරා  අභිනිෂ්ක්‍රමණයට ගමන් කළ ඡුන්න ඇමැති (පසුව ඡුන්න භික්ෂුව) ආඩම්බරයෙන් උදුම් වී කටයුතු කිරීම නිසා අවසානයේ ඡුන්න භික්ෂුවට එxහ්ම දණ්ඩය පවා පනවනු ලැඑලූඥඳී.

පරිසරයට හානි කිරීමේ ප්‍රතිඵල අප අත්විඳින බව මේ වන විට සියලූ‍ම මාධ්‍ය මඟින් පෙන්වා දුන්නත් එම හානියේ වැඩිවීමක් මිස අඩුවක් දකින්න ඇත්තේම නැ.

එසේම දේශීය ඖෂධ පවා අප මේ වන විට සොයා යන්නේ ඇයි? අප හොඳින්ම දන්නවා එම ඖෂධයන්ගෙන් ශරීරයට ලැබුණු ඖෂධීය ගුණයන් ගැන.

විශේෂයෙන්ම වෙනිවැල්ගැට, කොත්තමල්ලි වැනි දේශීය ඖෂධවලින් අපට ඇති ගුණ අප හොඳින්ම දන්නවා. එසේම තුනපහ වැනි කුළුබඩු අප එදා සිටම නිසි පරිදි මාත්‍රාඳීල පමණ දැන පරිභෝජනය කෙළේ ශරීරයට ප්‍රතිශක්තිකරණයක් පවා ලැබුණු නිසයි.

මේ සියලූ‍ කරුණු අනුව අපට වටහා ගත හැක්කේ දේශීයත්වයට නැඹුරුව අප කටයුතු කළ යුත්තාක් මෙන්ම අපට අදාළ අංශවලින් ලැබෙන උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවයි.

චීනයේ කොරෝනා වසංගතය පැතිර යද්දී ප්‍රතිකාර ලබා නොගත් අය සොයමින් හමුදාව ගෙයින් ගෙට යද්දි එය දුටු  ශ්‍රී ලාංකිකයන් ඒ ගැන දුක් වූයේ එසේ ජනතාව රැගෙන යාම නොකළ යුතු බව පවසමින්.

එහෙත් අද අපේ රටේ එවැනි ලෙසින් ප්‍රතිකාර නොලබා නිරෝධායනය නොවී සිටින අය ගැන අප දරන මතය කුමක්දැයි යන්න අප සිතා බැලිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ කිසිදු විටක රාජ්‍ය පාලනයේ නීතිරීතිවලට එරෙහිව කටයුතු කෙළේ නැහැ. එබැවින් විශ්වීය දහමක් වන බුදු දහමින් මේ සියලූ‍ ඥ⋆සනයන්ටන් හමුවේ නොසැලී සිටින්නට අපට උපදෙස් ලබා දී තිබෙනවා. අප කළ යුත්තේ මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව විශේෂ දැනුමක් ඇති අය ලබා දෙන උපදෙස් පිළි පැදීමයි.

 

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]