[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සපුගස්කන්ද
පුරාණ රාජමහා විහාරය

සියවස් ගණනක උරුමයක මහිමය සපුගස්කන්ද ගලේ පන්සල

සියවස් ගණනාවක සැඟවුණ ඉතිහාසයක් ඇති නිසල, සිහිලැල් පරිසරයක පිහිටි සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය එකල සිට මෙකල දක්වා ම බොහෝ පිරිස් හඳුන්වනු ලබන්නේ ගලේ පන්සල කියා ය. මෙය කාගේත් ඇගයීමට හා වන්දනාවට සේ ම පූජනීයත්වයට ද පාත්‍ර වූ මහා පින් බිමකි. වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති තනතුර හොබවනු ලබනුයේ භාරතීන්ද්‍ර ධර්මකීර්ති, ත්‍රිපිටක වාගීශ්වර, සියනෑ හා මාපිටිගම අලුත්කූරු යන තුන් කෝරළයේ අධිකරණ සංඝනායක දරණාගම සිරිඤාණසිරි නා හිමියන් විසිනි. සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරස්ථානයට අයත් අක්කර දහයක මෙම භූමි භාගය ක්‍රි.ව. 1825 දී ලක්දිව ඉංගී‍්‍රසි ආණ්ඩුකාරව සිටි එඩ්වඩ් බාන්ස් මහතා විසින් තෑගි ඔප්පුවකින් පූජා කළ බව ඉතිහාසය සඳහන් කරයි. එහෙත් ඊට පෙර 1790 දී පෙරාතුගොඩ මා හිමියන් මෙම විහාරස්ථානය පිළිසකර කළ බව ද සඳහන් ව තිබේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (ක්‍රි.ව. 1707 - 1739) විසින් ස්වකීය රාජ්‍ය කාලය අවසානයේ සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය ඉදිකර වූ බව ද කියැවේ. සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය පසුකලෙක කැලෑවෙන් වැසී, ගරා වැටී පාළුවට ගිය වකවානුවක් ද තිබූ බව පැරැන්නෝ පවසති. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි පරපුරට අයත් පෙරාතුගොඩ මා හිමියන් විසින් මෙය යළි පිළිසකර කර යථා තත්ත්වයට පත් කොට ඇත.


 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]