[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2020-04-30

ආකල්පමය වෙනසකට යා යුතු වේ


කොරෝනා උවදුරත් සමඟ අපේ සමාජයේ ඇතැම් කණ්ඩායම් තුළ වන තිරස්චීන ඇබ්බැහිකම් නිසා රටකට, සමාජයකට වන හානිය මොනතරම් ඛේදනීය ද යන්න අසන්නට දකින්නට ලැබෙමින් තිබේ.

විශේෂයෙන් මතට ඇබ්බැහිවූවන් නිසා රට රැුක ගන්නට ඇප කැප වන ජාතියේ මුරදේවතාවන් පිරිසකට ද මේ භයානක වයිරසයට ගොදුරු වන්නට සිදු විය. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගෙන එමින් සිටි අවස්ථාවක එය විශාල සමාජ ප‍්‍රශ්නයක් බවට බවට පත් විය. අනතුරක භයානකත්වය දැකීමට, බාහිර සමාජය ගැන තබා තමන් ගැන, අඹු දරුවන් ගැනවත් සිතන්නට නොහැකි තරමට එහි ඇබ්බැහි වූවන් පහත් තත්වයට ඇද දැමීමට මත්ද්‍රව්‍ය බලවත් වී තිබේ.

බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංච ශීල ප‍්‍රතිපදාව තුළ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතු බව දේශනා කොට වදාළේ එයින් පෞද්ගලිකව තමන්ටත්, පොදුවේ සමස්ත සමාජයටත් සිදුවන හානිය බරපතළ වන නිසාය. එය අපට ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. එහෙත් මතට ඇබ්බැහි වූවන් සහ ජාවාරම්කරුවන් යහමඟට ගැනීම නම් ඉතා අසීරුව ඇති බව පෙනේ.

මේ දිනවල කොරෝනා උවදුර මඬින්නට කාලයත්, ශ‍්‍රමයත්, කැප කරන ආරක්ෂක අංශවලට ජන සමාජයේ විනය ශික්ෂණය ගොඩනගන්නට ද සිදුව තිබේ. එක් පැත්තකින් නීති විරෝධීව, හොර රහසේ නිවෙස් තුළ මහ කැලෑවල නිෂ්පාදනය කරන මත් ද්‍රව්‍ය හා අදාළ පුද්ගලයන් මහා පරිමාණ ජාවාරම්කරුවන් වැටලීමට සිදුව ඇත. ඒ සමාජ ආරක්ෂාව සඳහා ය. අනෙක් පැත්තෙන් රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අක‍්‍රිය වුවත් වයිරස ව්‍යාප්්තිය වැළැක්වීම සඳහා පැනවූ ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීමට ය. එසේ අත් අඩංගුවට පත්වන්නන් ද බොහෝ ය. නීතියට ගරු කරන්නට කීකරු වන්නට ද ඇතැමුන්ට ඉගැන්වීමට සිදුව තිබේ.

මෙවන් භයානක උවදුරකදී රටේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය ක්ෂේත‍්‍ර හා රාජ්‍ය නායකත්වයේ ශක්තිමත් මැදිහත්වීම තුළ අපට තවමත් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ. ඒ ලොව බලවත් රටවල දහස් ගණනින් මිනිසුන් මරණය වැළඳ ගන්නා අතරතුර දී ය. අපේ මිනිසුන් තුළ හොඳ විනයක් හික්මීමක් තිබුණා නම්, අවනත වීමේ ස්වභාවයක් තිබුණා නම්, මේ තරම් වත් රෝගයට ගොදුරු නොවන්නට තිබුණි.

අපේ මිනිසුන් තුළ විනය, හැදියාව, ශීලාචාරකම ඇති වන තාක්, ආකල්පමය වෙනසක් ඇති වන තාක්, රටක් ජාතියක් ලෙස නැගී සිටින්නට නොහැකි වනු ඇත. එවන් අශීලාචාර එක් අයෙක් වුවද රටක් විපතේ හෙළන්නට ප‍්‍රමාණවත් වන බවට කොරෝනා උවදුර අනතුරු හඟවා තිබේ. කොරෝනා නොව වෙනයම් උවදුරකදී ද මේ තතත්්වය එලෙසම ය.

එහෙයින් යහපත් සිතුවිලි ගොඩ නැගීමේ ශක්තිමත් වැඩ පිළිවෙලකට යා යුතුව තිබේ. එය කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වාම සිදුවිය යුත්තකි. ඈත දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිට මහා ගම් නගර දක්වාම සිදුවිය යුත්තකි. තවත් ලෙසකින් කියනවානම් රටේ අස්සක් මුල්ලක් නෑර ම සිදුවිය යුත්තකි.

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග මේ රට ගොඩ නගන්නට, සෞභාග්‍යමත් කරන්නට ඕනෑ කම ඇති හැකියාව ඇති ශක්ති සම්පන්න මිනිසුන් බොහෝ සිටින බව අපට දැකගන්නට ලැබුණි.

කුඩා දරුවාගේ සිට ම විවිධ නිර්මාණ බිහිවුණි. මහා පිරිවැයක් දැරිය යුතු තාක්ෂණික මෙවලම් අඩු පිරිවැයකින් නිර්මාණය වුණි. නව සොයාගැනීම් බිහි වුණි. මුඩුබිම් බොහොමයක් අස්වැද්දුණි. බොහෝ නිවෙස්වල කුඩා ගෙවත්ත ද එලවළු  පලතුරුවලින් සාරවුණි.

රාජ්‍ය නායකත්වය තුළ ලැබෙන ආදර්ශයත් අගය කිරීමත් උනන්දු කරවීමත් ඊට බලපෑ ප‍්‍රධාන කාරණයකි.

අපට බොහෝ දේ කළ හැකි ය. ඒ සඳහා ආකල්පමය වෙනසක් ඇවැසි ය. ඒ වෙනසට ශක්තිමත් වැඩපිළිවෙළක් ඇවැසි ය.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]