[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පිළිවෙතින් ගලා යන මෛත‍්‍රී ගංගාව

බොදු පිළිවෙතින් ගලා යන මෛත‍්‍රී ගංගාව

"භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවන් හිදී වටාපත පරිහරණය කරනවා. එවිට ධර්ම දේශනා කරන අවස්ථාවේ දී උන්වහන්සේ වෙතින් කෙළ බිඳක් හෝ පිට වෙන්නේ නෑ. වටාපත නිසා අනෙක් අය ආරක්ෂා වුණා. එහිදී හස්ත විකාර, මුඛ විකාර ආදියත් වළකිනවා. ඒ වගේම තමයි මේ නිරෝධායන සංකල්පය. එය ක්‍රියා වන්නේ මෛත්‍රිය පදනම් කරගෙනයි."

අද අප භයානක වසංගත රෝගයකට මුහුණ දී සිටිනවා. මෙබඳු කලින් කලට ඇතිවන රෝග ආපදාවන් ලෝක ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙනවා. බුද්ධ කාලයේ ඇති වූ අහිවාතක රෝගය එබඳු එක් අවස්ථාවක් හැටියට දකින්නට පුළුවන්.

ඒ රෝග අවස්ථාවේ දී මිනිසුන් වහලය බිඳ ගෙන, ගොස් බිත්ති කඩාගෙන ගෙයින් පිට වූ බවයි සඳහන් වන්නේ. ඒ අනුව අටුවාව පැහැදිලි කරන්නේ එය වාතයෙන් බෝවන රෝගයක් ලෙසටයි. බිඳිති මගින් බෝ වනවා වැනි තත්ත්වයක් නිසා ඒ රෝගය වාතයෙන් බෝ වන රෝගයක් බව සිතුවා වන්නට ද පුළුවන්.

ලංකාවේ ද මෙබඳුම රෝගයක් ගැන අපට එක් අවස්ථාවක අසන්නට ලැබෙනවා. එය යක්ෂ උවදුරක් ලෙසයි හඳුන්වා තිබුණේ. එම "රක්තාක්ෂ‘. උවදුර අවස්ථාවේ දී රෝගය වැළඳුණ කෙනෙක් දකින දකින කෙනාට රෝගය බෝ වූ බව සඳහන්. එබඳු අවස්ථාවල දී අපේ රජවරු එම උවදුරු ජය ගත්තේ ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙනයි. ඒ වගේම අතීතයේ අප බරපතළම උවදුරු කිහිපයකට මුහුණ දුන් අවස්ථාවක් වන්නේ වළගම්බා රාජ සමයේ ඇති වූ බැමිනිටියා සාගතය අවස්ථාවයි.

එක පැත්තකින් බ්‍රහ්මණ සින්ධූ කියන දාමරිකයා රට ආක්‍රමණය කරන්නට පැමිණ තිබුණා. රටට රාජ්‍යත්වය අහිමි ව තිබුණා. ඒ වෙලාවේ අපට රජෙක් සිටියේ නෑ. ඊළඟට අවුරුදු 12ක් තිස්සේ දැඩි නියං සාගතයක් තිබුණා. මිනිසුන් රෝග පීඩාවන්ගෙන්, පරසතුරු උවදුරෙන්, අරාජිකත්වයෙන් පීඩා විඳිමින් සිටි නමුත් ඒවායින් ගොඩ ඒමට කටයුතු කළා. එපමණක් නොවෙයි, මුළු මහත් ලෝකය ම විස්මයට පත් කරමින්, මුළු බෞද්ධ ලෝකයටම මහා අස්වැසිල්ලක් වන පරිදි ත්‍රිපිටකය ග්‍රනථාරූඪ කිරීම සිදු වූයේ ද ඒ බැමිනිටියා සාගතයෙන් අනතුරුවයි.

ඒ වගේම යම් යම් කාලවල ලෝකයේ මෙබඳු අවස්ථාවන් ඇති වීම ස්වාභාවික තත්ත්වයක්. "යුග කෘත තේත්‍රා ද්වාපර කල". යනුවෙන් අපේ පෙරදිග සාහිත්‍යා‍ෙය් සඳහන් වෙනවා. යුග කෘත කියන්නේ ලෝකය නිර්මාණය වන කාලය. ඒ කියන්නේ ලෝකය සකස් වෙමින් පවතින කාලය. තේත්‍රා නම් තුන්පැත්තකින් ආවරණය වූ කාලයයි. ද්වාපර කියන්නේ දෙපසකින් ආවරණය වූ කාලයයි. කලියුගය කියන්නේ අනාරක්ෂිත යුගයයි.

මේ කාලය ගැන කතා කරන විට අපේ ලෝකය අනාරක්ෂිතයි. මිනිසුන් අධි පරිභෝජනවාදී වෙලා, ඒ මානසිකත්වයෙන් පරිසරය මුළුමනින් ම තමන්ගේ යටතට ගෙන කටයුතු කළා. එහි ප්‍රතිඵල.‘ රෝග ව්‍යසන හැටියට, ඔවුන් වෙතටම පෙරළා පැමිණ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සදහම් කරුණු සමඟ දැන් මේ රෝග තත්ත්වය පිළිබඳව අපට සිතන්නට සිදුව තිබෙනවා.

නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට අනුදැන වදාරනවා ජලය අපවිත්‍ර කරන්න එපා. පරිසරය අපවිත්‍ර කරන්න එපා. ගස්වැල් කපා දමන්න එපා යනුවෙන්. ඒ විදියට සිතා මේ අනුශාසනා කර තිබෙන්නේ මීට වසර 2600කට එහා පැත්තේ. ලෝකයේ වනගහනය හොඳින් තිබූ, කාර්මිකරණයත් සමග වායු දූෂණය පිළිබඳව බරපතළ තර්ජනයක් නොවූ අවස්ථාවකයි. එහෙත් ඒ අවස්ථාවේ පවා උන් වහන්සේ පරිසර සංරක්ෂණයේ තිබූ වැදගත්කම දේශනා කර තිබෙනවා.

අපේ සණරදැදැටී,ංන්‍දා තවත් නිදසුනක් ගෙන බැලූ‍වහොත්, අප මේ දිනවල මුඛ ආවරණ පැළඳීම ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මුඛ ආවරණ පැළඳීම දළදා වහන්සේ වෙනුවෙන් කරන පූජාවේදී, වෙනත් උසස් පූජාවන්වල දී බෞද්ධ ජනතාව විසින් සිදුකරනු ලබනවා. ඒ කියන්නේ කෙළ බිඳිති පිටවෙන බව අප දැනගෙන සිටියා.

ඒ වගේම භික්ෂූන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවන් හිදී වටාපත පරිහරණය කරනවා.. එවිට ධර්ම දේශනා කරන අවස්ථාවේ දී උන්වහන්සේ වෙතින් කෙළ බිඳක් හෝ පිට වෙන්නේ නෑ. වටාපත නිසා අනෙක් අය ආරක්ෂා වුණා. එහිදී හස්ත විකාර, මුඛ විකාර ආදියත් වළකිනවා. ඒ වගේම තමයි මේ නිරෝධායන සංකල්පය. එය ක්‍රියාත්මක වන්නේ මෛත්‍රිය පදනම් කරගෙනයි.

.සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා. සියලූ‍ සත්ත්වයෝ සුවපත් වෙත්වා! කියන හැඟීම එහි තිබෙනවා. අප, අපට සෑදෙන රෝගයක් තව කෙනකුට බෝ වෙන්න ඉඩ දෙන්නේ නෑ. තමන් නිරෝධායන වෙනවා. ඒ නිසා තමයි දෙයියන්ගේ ලෙඩ කියලා බෝවෙන රෝග වැළඳුනාම අප නිවෙස්වල නිරෝධායනය වන්නේ .

ඒ සඳහා අපට පොලිසියෙන් පැමිණ දැන්වීම් එල්ලන්න අවඳ⋆ වන්නේ නෑ. අපේ ගෙවල්වල දොරකඩ කොහොඹ අත්තක් එල්ලනවා. එවිට කවුරුත් දන්නවා මේ ගෙදර බෝ වෙන රෝගයක් තිබෙනවා කියලා. මේ නිරෝධායනය වන ගෙදරක් කියලා. මෙතැන සිදු වන්නේ කුමක්ද? මෛත්‍රී සිතුවිලි මත තමන් එතනින් රෝගය අවසන් කරගන්නා නිරෝධායනයයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් දෙස බැලීමේදී අපට පැහැදිලි වෙනවා පවිත්‍රතාව මොනතරම් අගයකොට තිබෙනවාද යන බව. ඒ දහම් මඟ ගමන් කළා අපේ සමාජය. අපේ නිවෙස්වල අවුරුද්දකට වතාවක් ගොම මැටි ගාලා විචිත්‍ර කරලා මුළු ගෙය ම නැවුම් බවට පත්කළා. ඒ විතරක් නෙවෙයි කහ දියරෙන් සෝදනවා. ඉතින් අද අප මේ කතා කරන විෂබීජහරණය නිරෝධායනය මුඛ ආවරණ පැළඳීම, අපට අලූ‍ත් දේ නොවේ.

එහෙත් අද අප බටහිරින් ගත් චාරිත්‍ර වාරිත්‍ර අනුව මිනිසුන්ට අතට අත දීම සිප වැළඳ ගැනීම වැනි දේට පුරුදු වෙලා. අපේ චාරිකxය ආයුබෝවන් කීමයි. ආයුෂ බොහෝ වේවා කියලා දුර සිට ආචාර කිරීමයි. ඒ ආචාරය තුළ කවදාවත් මේ වගේ රෝගයක් බෝ වීමට ඉඩ දුන්නේ නැහැ.

එපමණක් නොවෙයි අද වෛබ⋆වරු පවා කියනවා අවම ආහාරයකින් යැපී තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම වැදගත් කියලා. බුදු දහම කතා කරන්නේකත්  "යාවදේව ඉමස්ස කායස්ස තිථියා" යනුවෙනුයි. ආහාර ගත යුතු මේ ශරීරයේ පැවැත්ම සඳහා පමණයි. ඒ නිසා අවම ආහාරයකින් යැපීම මුළු මහත් ලෝකයටම යහපතක්. කුමක් නිසාද? මානවයාගේ අධි පරිභෝජනය තුළ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට සිදු වෙනවා. ඒ නිෂ්පාදනයන් විනාශ වෙනවා. එවිට සිදු වන්නේ මේ පරිසරයට හානි සිදුවීමයි.

මිනිසාට වැරදුණ තැනක් තිබෙනවා. ඔහු තමන්ගේ පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමේදී පරිසරය ගැන සිතුවේ නැහැ. ලෝකයේ දියුණුව ලෙස කල්පනා කළේ තාක්ෂණික දියුණුවයි. ඔවුන් ලෝකයේ දියුණුව ලෙස කල්පනා කළේ ඕසෝන් ස්ථරය රැක ගැනීම, වන වගා කිරීම, පරිසරයේ ඔක්සිජන් රදැමාණය අඩු කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම නොවේ.

එක රටක් දියුණු වන විට අනෙක් රට දියුණුව යැයි කල්පනා කළේ තාක්ෂණික දියුණුව ගැනයි. නමුත් අද ඒ සියල්ල පාරා වළල්ලක් බවට පත් වෙලා. මානවයාට අභියෝගයක් බවට පත්වෙලා. මේ නිසා අපට වහ වහා ම බුදු දහමේ සඳහන් කරන ප්‍රතිපත්තියට එන්නට සිදුවෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව තුළ කිසිදු සත්වයෙක් තවත් සත්ත්වයකුට හානි නොකරන ස්වයං ප්‍රතිපත්තියකට එනවා.

බෝවන රෝග පමණක් නොවෙයි බෝ නොවන රෝග වළක්වා ගැනීමටත් බුදු දහමේ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. ඒ සඳහා බෞද්ධ ජීවන රටාව නැවත මතුකර ගත යුතුයි. තමන් සුවපත් වී, අනුන්ද සුවපත් කරවන වැඩ පිළිවෙළක්. එහිදී හැම මොහොතකම සලකා බැලූ‍වේ අප කෙතරම් දුරට පරිසරය රැක ගන්නවාද කියන කරුණයි. අපේ ගොවිතැන දෙස බලන්න. එදා එය පරිසරය රකින ගොවිතැනක් වුණා. අද රසායනික පොහොර නිසා මිහිතලයේ භූගත ජලය විෂ බවට පත්කරගෙන අවසන්. ඒත් මේ තත්ත්වය කාලාන්තරයක් පාලනය කරගන්න හැකි වූයේ නම් නැවතත් විෂ නැති මහ පොළොවක් අපට හදාගන්නට පුළුවන්. ඒත් ලෝකය හිතන්නේ ඒ ගැන නොවෙයි. අද කතා කරන්නේ කාර්මික විප්ලවය හා සමගාමීව යන කෘෂි විප්ලවය ගැන. එහිදී ක්ලෝනකරණය‘ වැනි දේ ගැන සිතනවා. පසුගිය කාලය පුරා ලෝකය බීජවල පවා බීජ ගුණය වෙනස් කළා. දොඩම් ගෙඩියේ ලෙල්ල පවා ලෙහෙසියෙන් ගලවා ගන්න පුළුවන් තැනටයි කල්පනා කළේ.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]