[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහසු පෝෂණයට දහමින් උපදෙස්

පහසු පෝෂණයට දහමින් උපදෙස්

සෑම පුද්ගලයකුට ම ජීවිත තුනක් ඇත. එනම් පොදු ජීවිතය, පෞද්ගලික ජීවිතය හා රහසිගත ජීවිතයයි. තමන් මෙතෙක් ගත කළ ජීවිතය දෙස ආපසු හැරී ආවර්ජනය කොට බලා කෙනෙකුට සතුටු විය හැකි නම්, ඒ ජීවිතය බොහෝ වාසනාවන්ත ය. කැමැති දේ නැති වූවත් ජීවත්වෙන්න පුරුදු වෙන්න.

පෘථග්ජන සත්වයෙකුගේ ජීවිතය ලස්සන කළ හැක්කේ හොඳ ගති ගුණ හා සිතිවිලවලට පමණක් බව යම් දිනක බොහෝ කෙනෙකුට වැටහෙනු ඇත.

සෑම පුද්ගලයකුට ම ජීවිත තුනක් ඇත. එනම් පොදු ජීවිතය, පෞද්ගලික ජීවිතය හා රහසිගත ජීවිතයයි. තමන් මෙතෙක් ගත කළ ජීවිතය දෙස ආපසු හැරී ආවර්ජනය කොට බලා කෙනෙකුට සතුටු විය හැකි නම්, ඒ ජීවිතය බොහෝ වාසනාවන්ත ය. කැමැති දේ නැති වූවත් ජීවත්වෙන්න පුරුදු වෙන්න. අකමැති දේ සමඟ ජීවත්වීමටත් පුරුදු විය යුතු ය. මෙ ජීවිතයේ සෑම දේම තාවකාලිකයි. ඉවසීම වේදනාත්මකයි. නමුත් එහි අවසන් ප්‍රතිඵලය සුන්දරයි.

තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ, පන්සීයක් පමණ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා පිරිසකට කමටහන් ලබා දුන් සේක. මේ පන්සීය දෙනා වහන්සේට ම වැඩ සිටින්නට සුදුසු ස්ථානයක් සොයා වැඩම කළහ. එක්තරා තුරුලතාවන්ගෙන් පිරිපුන් සුදුසු රමණීය වනයක් දැක එහි නැවතී, වස් තුන් මාසය එහි ගත කීරීමට තීරණය කළහ. එම වන පෙදෙසහි ආශ්‍රය කරමින් වාසය කළ දේවතාවුන් වහන්සේලාට මෙ භූමියට වැඩම කළ භික්ෂූන්ගේ සීලාදී ගුණානුභාවය නිසා වැඩ විසීම දුෂ්කර විය.

වනයට වැඩම කළ මික්ෂූන් මේ රමණීය වන පෙදෙස තුළ භාවනානුයෝගීව ගත කරන හෙයින් වනයට, වෘක්ෂයන්ට අධිගෘහිත භූමාටු දෙවියන් විසින් භික්ෂූන් වහන්සේලා නෙරපීම සඳහා දක්වන ලද බියකරු අරමුණු හා ශබ්දවලින් පෘථග්ජන භික්ෂූන් බිය වූහ. බවුන් වඩන භික්ෂූන්ගේ ගත ද සිත ද දෙවියන්ගේ මේ ක්‍රියා තුළින් දුර්වල විය. මෙම භික්ෂූන් දින කීපයකින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සියලූ‍ තොරතුරු සැලකර සිටියහ. තුන්කල් දක්නා නුවණින් යුතු බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි, ඔබලාට භාවනා කිරීමට සුදුසු ස්ථානයක ඔය රමණීය වනයම වේ යැයි පැවසූහ. නැවත ඒ වනයට ම වැඩම කරන්න යැයි පවසා, මෙම පිරිත් සූකx දේශනා කොට ආරක්ෂක පිරිතක් ලෙස භාවිත කරන්න යැයි කරණීය මෙත්ත සූත්‍රය දෙසූහ.

ඒ භික්ෂූහු ද මෙය හදාරා පුරුදු පුහුණු කිරීමෙන් ඒ වනයෙහි ම බවුන් වැඩූහ. එවිට එම වනයට අධිගෘහිත දේවතාවෝ ද මෙම භික්ෂූන්ට බෙහෙවින් උපකාර කළහ. මෙම කරණීය මෙත්ත සූකxය තුළින් වැදගත් කරුණු දෙකක් ඉදිරිපත් වේ. ඒ මෛත්‍රීය වඩන්නකු තුළ තිබිය යුතු අංග ලක්ෂණ හා මෛත්‍රී වැඩිය යුතු ආකාරය යන්නයි.

කරණීය මෙත්ත සූත්‍රයන් මෙත් වැඩිය යුතු පුද්ගලයකුට තිබිය යුතු ගුණාංග දහහතරක් දේශනා කළහ. මෙම ගුණාංග දහහතරෙන් එක ගුණයක් ලෙස ”සුභරෝච” ගුණය හැඳින්විය හැකියි. ”සුභරෝච” යන්නෙහි අදහස පහසුවෙන් පෝෂණය කළ හැකිය යන්නයි.

තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු ජීවිතය වර්ණනා කරන තැන බුදුරජාණන් වහන්සේ පියාපත් බර පමණක් සහිතව අහසෙහි පියාසර කරන පක්ෂියෙක් මෙන්ය යන අදහසයි.

ගිහි පින්වතෙකුට වූව ද මේ ලක්ෂණය රඳවා ගැනීම දුෂ්කර නොවන්නේය. මමත්, පවුලේ උදවියත්, ගමත්, පළාතත්, රටත් සැහැල්ලූ‍වෙන් ජීවත්විය හැකි, පහසුවෙන් පෝෂණය කළ හැකි චරිතයක් ලෙස ගොඩනගා ගැනීම වටින්නේ ය. එලෙස ම පරලොවටත්, භව ගමනටත් විශාල ශක්තියක් හා වාසනා ගුණයක් ඇති චරිතයක් බවට ගොඩනගා ගැනීම සේ ම බාහිර ආධ්‍යාත්මික, ලෞකික, ලෝකෝත්තර සාධනයට ” සුභරෝච” ගුණය ඉතා වටිනා ගුණයකි.

ධර්මය අසන්න, සිල් රකින්න, දන් දෙන්න, භාවනා කරන්න, රලූව⋆ කටයුතුවල නියැළෙන්න එනම් ධර්මයේ හැසිරෙන්නට කාලයක් නැතැයි කියූ සමහර පුද්ගලයන්ට වර්තමානයේ හොඳම තෑග්ග කොරෝනා උවදුරයි. රැවටීමට වඩා ප්‍රතික්ෂේප කිරීම වටී. ලබා ගැනීමට වඩා බලා ගැනීම වටී. ආදරයට වඩා පරිත්‍යාගය  වටී. උගත්කමට වඩා මනුස්සකම වටී.

වර්තමාන සමාජයේ සමහර පුද්ගලයන් කොපමණ තිබුණත්, කොපමණ ලැබුණත් කිසිම ආකාරයක තෘප්තියක් ලබන්නේ නැහැ. මෙවන් අතෘප්තිකර සමාජයකට තමන්ව පහසුවෙන් පෝෂණය කරන්නට පුඵවන් ජීවිතයක් ගත කරන්න හැකි නම් එතැන අර නිවුණු ගතිය, නැති නම් සැහැල්ලූ‍ ගතිය පිළිබිඹු ,භ.

වර්තමාන සමාජයේ සමහර පුද්ගලයෙක් තමන් ලද හා ලබාගත් භෞතික වස්තූන්ට එහා ගිය වස්තුවක් ලබන්නට උත්සාහවත් ,භ. එනම් තමන් ලබන වැටුපේ පමණ දැන වියදම් නොකොළොත් ඔහුගේ හෝ ඇයගේ සැහැල්ලූ‍ ජීවිතය එනම්, පහසුවෙන් පෝෂණය කළ හැකි ජීවිතය ලෝකයට බරක්. බරක් නැතිව සමාජයක ජීවත් වෙන්නට පුඵවන්නම්, ඒ ජීවිතය ” සුභරෝච” යන ගුණයෙන් බැබළෙන ජීවිතයක් වෙවි.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]