[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම
සිතුවම සමන් ශ්‍රීකාන්ත

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසෙලාස්වක

මැයි 06


ධර්ම දේශනාව:

පිරිතේ ආශිර්වාදය ලබා ගන්නට නම් !

බෞද්ධයන් වශයෙන් ආරක්ෂාව සලසා ගැනීම පිණිස අතීතයේ සිටම පිරිත් සඡ්ඣායනාව පැවැත්වීම සිදු කරනු ලැබුවා. එසේම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේදී පවා විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීමටත් රතන සූත‍්‍රය දේශනා කළ බව බෞද්ධයන් වශයෙන් අප කවුරුත් දන්නා සිදුවීමක්. එදා දඹදිව විශාලා මහනුවර පමණක් ඇති වූ එම තුන් බිය වෙනුවට අද වන විට ලෝකය පුරාම රෝග බිය හා මරණ බියත් ඇතිව තිබෙනවා. ඒ සඳහාද මේ වන විට රතන සූත‍්‍රය දේශනා කිරීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන අය පවා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම අමනුෂ්‍ය බලවේග සම්බන්ධව විශ්වාසයන් ඇති ශ‍්‍රී ලංකාවාසීන් මේ අවස්ථාවේ රතන සූත‍්‍රය දේශනා කිරීම ඉතාම වැදගත් වන අතර එයින් ලැබෙන ආශිර්වාදය සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ටම හිමිවන බවත් පෙන්වා දිය යුතු වනවා. එහෙත් මෙහිදී පෙන්වා දිය යුතු විශේෂිත කරුණු කිහිපයක් ද තිබෙනවා. එනම් කුමන හේතුවක් මත හෝ ප‍්‍රතිපත්තියෙහි නොපිහිටා කටයුතු කරන අයට පිරිතෙහි ආශිර්වාදයක් බලාපොරොත්තු වීම නුසුදුසු බවයි. විශේෂයෙන්ම පංචශීීලයෙහි නොපිහිටා පිරිතෙන් ආශිර්වාද පැතීම බුදු දහමට එකඟ නැහැ.  පිරිත් සූත‍්‍ර දේශනාව ආරම්භ කිරීම සිදු කරන්නේ, විපත්ති පටි භාහාය - සබ්බ සම්පත්ති සිද්ධියා - සබ්බ දුක්ඛ විනාශාය - සබ්බ රෝග විනාශාය - සබ්බ භය විනාශාය......... යනුවෙන්, බවද පෙන්වා දිය යුතුයි. ඒ අනුව සියලූ සම්පත් ළඟා කරදෙන විනාශකාරී යම් උපද්‍රවයක් ඇත්නම් එය දුරු කිරීම සඳහාත් සියලූ දුක්, රෝග, භය ඉවත් කර දැමීමට හෙවත් විනාශ කර දැමීමට අවශ්‍ය පිරිත් සඡ්ඣායනාවක් පැවැත්වීමේ ආරම්භය සිදු කෙරෙන බවයි එයින් අදහස් වන්නේ.
 

පරිසරයයි අවුරුද්දයි

පරිසරය අපට සියල්ල දෙයි, ඒ කිසිදු වර්ගීකරණයක් නොකර සියලූ දෙනාටයි. පරිසරයට එරෙහිව අප කටයුතු කළොත් පරිසරය අපට ද දඩුවම් කරයි. අද මුළු මහත් ලෝකයම සුසුම්ලමින් ජීවිත අවදානමකට ලක්ව, භුක්ති විඳින්නේ මිනිසා පරිසරයට කරන ලද හානියේ ප‍්‍රතිඵල නොවේදැයි යළි යළිත් සිතා බැලිය යුතුය. එරබදු මල් හිනැහෙනවා -  රබන් සුරල් හැඩ වෙනවා - කොවුල් නාද පැතිරෙනවා - අවුරුද්දත් එළඹෙනවා, මේ බක් මාසයයි. බක් මාසය අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ සිංහල හා දෙමළ අවුරුද්ද උදාවෙන නිසයි. ලෝකය පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික කොවිඞ් 19 රෝගය නිසා, අපට ද නිවෙස්වලට වී සිටීමට සිදුව තිබේ ඉහත කවියෙන් දැක්වෙන්නේ අවුරුද්ද සමීප වන විට, පරිසරයේ ඇතිවන සූදානමයි. ඔබ මා පමණක් නොව ලොව හැම දෙනාම යහපත් පරිසරයක් බලාපොරොත්තු වෙති. එසේම පරිසරය හැමදෙනාගේම ජීවිත වලට ඍජුවම බලපාන බවද බොහෝ දෙනා දනිති. නොගැලපෙන පරිසරය පුද්ගලයාගේ පරිහානියට බලපාන අතර, යහපත් පරිසරය හැම අතින්ම දියුණුව කෙරෙහි බලපායි. මිනිසාට පරිසරය එතරමටම බලපෑමක් ඇති කළත්, මිනිසා පරිසරය යහපත් කරලීමට හා සුරක්ෂිත කිරීමට දක්වන සැලකිල්ල හා උනන්¥ව ප‍්‍රමාණවත්ද? පරිසරය යන වචනය ඉතා පුළුල් ක්ෂේ්ත‍්‍රයක් ආවරණය වන පරිදි විග‍්‍රහ කළ යුත්තකි. මේ පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් වෙබ්ස්ටර්ගේ අන්තර්ජාතික ශඛ්ද කෝෂයේ දැක්වෙයි. සාරාංශ වශයෙන් එය මෙසේ දැක්විය හැකිය. සත්වයාගේ ජීවත්වීම හා වර්ධනය කෙරෙහි බලපවත්වන සියලූ බාහිර සාධක සහ බලවේගයන්ගේ සමුච්චය හෙවත් එකතුව, පරිසරය ලෙස අර්ථ දැක්විය හැකිය. එය මූලික වශයෙන් භෞතික, සමාජයීය හා ජීව විද්‍යාත්මක යනුවෙන් කොටස් කර ගත හැකිය.
 

කළගුණ සලකා අවුරුදු සමරමු

මෙවර උදාවෙන්නේ අමුතුම විදිහේ අලූත් අවුරුද්දක්. ඒ කියන්නේ අලූත්ම අලූත් අවුරුද්දක්. කිසිදාක නොදුටු ආකාරයේ අත්දැකීම් රාශියක් සමඟයි මෙවර මේ සම්භාවිත සිංහල චාරිත‍්‍රය ඉටු කරන්න සිදුවෙලා තියෙන්නේ.අවුරුදු චාරිත‍්‍රවල වැදගත් සිරිතක් තමයි කළගුණ සැලකීම. ඒ නිසා තමයි මාපිය වැඩිහිටියන් වගේම ගුරුවරාදීන් හමුවී තෑගි බෝග මිල මුදල් ආදියත් පිරිනමා වැඳ නමස්කාර කරන්නේ. ඒ වගේම බුලත් හුරුල්ලක්දී වරදට සමාව අයැද සිටින්නෙ .මේ කෘතගුණවේදීත්වය අපට උරුම වුණු ඉතාම වැදගත් මනුෂ්‍ය ධර්මයක්. එහි ඉතාමත් වැදගත් ප‍්‍රායෝගික පාඩම කියා දෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ යි. කුඩා වියේ බොදු දරුවන් පවා දන්නවා ඒ පාඩම. එනම් සම්මා සම්බුද්ධත්වයට පත්වී ගත කළ ඒ සුප‍්‍රසිද්ධ සත් සති කාල සීමාව. එහි දෙවෙනි සතියේ දී උන්වහන්සේ සිදුකළ ක‍්‍රියාකාරකම මුළු ලොවම මවිත කරවන විදිහේ අපුරු ධර්මතාවක් ප‍්‍රදර්ශනය කළා. ”පඨමං බෝධි පල්ලංකං, දුතියංච අනිම්මිසං” යනුවෙන් තමන් වහන්සේට බුද්ධත්වය සඳහා සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා හිඳිමින් ඒ සිදු කළ අනිමිස ලෝචන පූජාව ප‍්‍රායෝගික පාඩමක් ලෙසයි බුද්ධ චරිතයේ දැක්වෙන්නේ. සිත් පිත් නැති බෝධි වෘක්ෂය තමාගේ හොඳම මිත‍්‍රයා ලෙසින් ඒ තීරණාත්මක අවස්ථාවේ සිදු කළ මහා මෙහෙවර උන් වහන්සේ කෘතවේදීව අනුස්මරණය කළේ ඒ ආකාරයෙනුයි. ගහ කොළ ගැන එසේනම් මිනිසුන් ගැන කවර කථාද? ඒ නිසා මෙන්න මෙවැනි බුද්ධ වචනයක් අපේ ජීවිත පාඩමට එකතු වෙනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]