[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 බක් අව අටවක 2020-04-14

යහපත වපුරමු

මෙවර සිංහල අලූත් අවුරුද්ද උදා වූයේ ජාතියක් ලෙස අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනි. ගෙදරට සීමා වී ඇති අපගේ කාලය සිතන්නට, වඩාත් හොඳින් විමර්ශනය කරන්නට, ඒ අනුව වහ වහා ක‍්‍රියාත්මක වන්නට ලබා දී ඇත්තේ මා හැඟි විශ‍්‍රාමයකි.

සිතිය යුතු වන්නේ මෙතෙක් අප ආ ගමන් මඟ පිළිබඳවය. විමර්ශනය කළ යුතු අපට වැරදුණු තැන් පිළිබඳවය. ක‍්‍රියාත්මක විය යුතු ඒ වැරදි නිවැරැුදි කර ගනිමින් වඩාත් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව ය. අප වෙතින් පවුලට, සමාජයට, රටට, ලෝකයට, මතු නොව අප ජීවත්වන පරිසරය, මුළුමහත් සොබා දහම වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් පිළිබඳවය.

සරලව තියනවා නම් තමන්ටත් හිත, අනුන්ටත් හිත වන ලෙස ජීවන රටාව, අපගේ චරිතය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳව ය.

අපගේ ශාස්තෲන් වහන්සේ තථාගත බුදු පියාණන් වහන්සේ ඒ සඳහා අපට ඉතා පහසු ක‍්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මහා මංගල සූත‍්‍රය, කරණීය මෙත්ත සූත‍්‍රය, සිඟාලෝවාද සූත‍්‍රය ආදී දේශනාවන්හි අන්තර්ගත දහම් කරුණු අපගේ ජීවිතය බබළවන, මිල කළ නොහැකි ස¥පදේශයන් ය.

මේවා හොඳින් අසා දැනගෙන ජීවිතයට ප‍්‍රායෝගික කර ගැනීමට තම දරුවන්ටද හුරු පුරුදු කරවීමට මේ අවස්ථාවේ හෝ වීර්යය කළ යුතුව ඇත.එමෙන් ම කනගාටුවට කරුණක් ද වේ. සන්නිවේදන මාධ්‍ය දියුණු මෙකල මේ සදහම් නිතර ඇසුණත්, කියවන්නට දැන ගන්නට ලැබුණත් බොහෝ දෙනෙකුට ඒ්වා මඟ හැරී ඇති බව පෙනෙන්නේ ප‍්‍රායෝගික ව ජීවිතයට ගලපා ගන්නට තරම් අවබෝධයක් හෝ ඕනෑකමක් නොමැති නිසා ය.

පස්පව් කරමින්, ලෝබ, ද්වේෂ, මෝහාදී අකුසල සිතිවිලි වඩා වර්ධනය කරමින් හැල්මේ ගිය ගමන දැන් නවතා දැමිය යුතු වේ. බොහෝ දෙනෙක් සිතුවේ මිල මුදල්වලට, නිලයට, බලයට, රූපයට කළ නොහැකි දෙයක් නොමැති බවය.

ලෝක බලවතුන් මිනිස් වර්ගයා ඇතුළු සොබා දහමට කළ කෙණෙහිලිකම්, අසාධාරණකම්, විනාශකාරී දැයෙහි ප‍්‍රතිඵල අද භයානක ලෙස භුක්ති විඳිමින් සිටී. අපටද ඒ අනතුරුදායක බව යම්තාක් දුරකට හඟවා තිබේ. ගුණ ධර්ම බැහැරකරලීම තුළ ඇත්තේ විනාශය මිස සතුටුදායක ඉදිරියක් නොවේ. මේ මොහොතේ වඩාත් හොඳින් තේරුම් ගත යුතු වන්නේ ද එයයි.

ජීවිතය කවර මොහොතක, කුමන ආකාරයයෙන් අහිමි වේ දැයි කිව නොහැකිය. අප ආරක්ෂා කරනු ලබන්නේ අප විසින් ආරක්ෂා කරනු ලබන ධර්මය විසින් ම ය. අප බොහෝ දෙනෙක් හුරු පුරුදුව සිටින්නේ අනුන්ගේ වැරැුදි අඩුපාඩුකම් දකින්නට ය. ඒ මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එහෙත් ඒ ස්වභාවය වෙනස් කර ගත යුතු ද තමන් විසින් ම ය. තල වපුරා තලම මිස වෙනත් අස්වැන්නක් ලද නොහැකිය. තම තමන් විසින් නෙළා ගනු ලබන්නේ ද තමන් වැපිරූ දේ ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහව, කුහකකම, විනාශකාරී බව මුදා හරින පුද්ගලයා වෙත පෙරළා ආපසු ලැබෙන්නේ ද ඒ දේවල්මය. උඩ බලා ගසන කෙළ පිඩ වැටෙන්නේ තමන්ගේ ම මුහුණ ට ය. අප අවබෝධ කර ගත යුතුව ඇත්තේ ඒධර්මතාවයයි.

මේ අකුසලසිතිවිලිවලට හිස ඔසවන්නට නොදිය යුතු ය. වඩ වඩාත් දහමට සමීප වීම තුළ අපට ඒ උත්සාහය සාර්ථක කර ගැන්මට පුළුවන. පළමුව තමන්ට මෛත‍්‍රිය කිරීම තුළ තමන්ගේම සිත අපිරිසිදු කොට විපත්, කරදර දෙලොවට ම ගෙන දෙන වෛරී සිතිවිලි ඉවත දැමිය හැකිය.

අලූයම හෙළන කෙළ පිඩක් සේ වෛරය, තරහ ව බැහැර කළ හැකිය. ඉන් පසු සමීපතමයන්ට, මිතුරන්ට,සතුරන්ට, මතු නොව සමස්ත ජීවී වර්ගයාට ම මෙත පතුරුවමින් ඔවුන්ගේ පැවැත්මට ද කිසිදු කරදරයක් බාධාවක් නොවන ලෙස හැසිරීම් හසුරුවා ගන්නට හැකිනම් පෙනෙන, නොපෙනෙන කිසිදු බලවේගයකට අප යටපත් කළ හැකි නොවනු ඇත.

‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි‘

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]